Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Sunday, June 27, 2010

"FIFA" world cup theme song එක ගිටාරයෙන් play කරමු......

" When I get older,, I will be stronger,, They'll call me freedom,, Just like a wavin' flag......"   

              පාඨක ප්‍රතිචාර බැලුවම මට හිතුන දෙයක් තමයි ආධුනිකයන් වගේම, ගිටාරය පළපුරුදු අයත් බ්ලොග් එකත් එක්ක එකතු වෙනවා කියල.මගෙන් ඉල්ලීමකුත් කරල තිබ්බ අලුත් ගීත වල guitar chords බ්ලොග් එකේ පල කරන්න කියල.ඒක නිසා මම හිතුවා මේ දවස් වල අතිශය ජනප්‍රිය football theme song එකේ guitar chords පල කරන්න ඕනෙ කියල.හදිස්සියෙ chords ටික දැම්මෙ.වැරදි තිබුනොත් කියන්න.මේක හරිම අපූරු ගීතයක්.........



    හරි.පල්ලෙහා තියෙනව chords ටික.play කරන්න පුලුවන් අය play කරල බලන්න.Major chords තුනයි අවශ්‍ය වෙන්නෙ. C major, F major, G major.Chords diagrams පල්ලෙහාම තියෙනවා....

 
C              F               C           G
Ooooooh Wooooooh Oooooohoooooooooo......//
C                          F                C                      G
Give me freedom, give me fire, give me reason, take me higher
C                            F                          C                    G
See the champions, take the field now, you define us, make us feel proud
C                       F                         C                   G
In the streets our heads are lifting , as we lose our inhabition,
C                F                  C                 G
Celebration is around us, every nation, all around us


Saturday, June 26, 2010

2වෙනි Guitar කුප්පිය - ගිටාරයTUNE කර ගැනීම......

       බොහෝ ආධුනිකයන්ට මෙන්ම,, පළපුරුදු අයටත් ගිටාර් වාදනයේදී ඇතිවෙන පොදු ප්‍රශ්ණයක් තමයි කොහොමද ගිටාර් එක හරියට tune කරගන්නෙ කියන එක.මේක මම හුගක් අත්දැකපු කාරණයක්.ඉතින් ඒක නිසා මම තීරණය කලා මේ සම්බන්ධයෙන් කුප්පියක් දාන්න.කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් ඉල්ලීමකුත් කරල තිබ්බ.ඒක නිසා අද අපි ඒ ගැන කතා කරමු....

      Tune කරන්න ඉගෙන ගන්න කලින් අපි බලමු මොකක්ද මේ "guitar tuning" කියන්නෙ කියලත්, ඇයි ගිටාර් tuning අවශ්‍ය කියලත්.

      Acoustic(electric වෙන්නත් පුලුවන්) සංගීත වාදන භාණ්ඩ( ඒ කිව්වේ ගිටාරය, වයලීනය, පියානෝව, මැන්ඩලීණය වැනි) වලින් ඇතිවෙන sound එකට මිනිස්සු standards(සම්මුතීන්) හදාගෙන තියෙනවා.අදාල වාදන භාණ්ඩයෙන් යම් කිසි තනුවක් වාදනය කරද්දි සම්මත ස්වර වලින් බැහැර නොවී ඒ තනුව වාදනය කිරීමට උපකාරී වෙන්නේ ඔන්න ඔය tuning standards තමයි.ඊට හේතුව භෞතික බලපෑම් නිසා සමහර වාදන භාණ්ඩ වල sound එක ටික කලකින් වෙනස් වීම නිසා.උදාහරණයක් විදියට අපි ගිටාරයම සලකා බලමු.සමහර විට strings තද කිරීමට උපකාරී වන ඇණ වල පවතින දෝෂ නිසා ටික දවසකින් ඒ කම්බිය බුරුල් වෙන්න පුලුවන්.ඒ වගේම බාහිර පුද්ගලයෙක් නොදැනුවත්ව ඒ ඇණ කරකවන්න පුලුවන්.කාලයක් තිස්සෙ ගිටාර් එක පාවිච්චි නොකිරීම නිසා වුනත් වෙන්න පුලුවන්.ඉතින් ඔය වගේ කාරණා නිසා අර සම්මත ශබ්ද වෙනස් වෙනවා.


දකුණත් guitar එකක් වමත් guitar එකක් බවට හැරවීම..........

          මගේ පළවෙනි ගිටාර් කුප්පියට ලැබුන ප්‍රතිචාර වලදි කීපදෙනෙක් අහල තිබ්බ වමත් කරුවෙක් කොහොමද දකුණත් ගිටාර් එකක් play කරන්නේ කියලා.ඉතින් ඒ කරුණ සම්බන්ධයෙන් අලුත් post එකක් ලියන්න මම තීරණය කලා.ඒක නිසා අපි බලමු කොහොමද මේ ප්‍රශ්ණය විසදන්නේ කියලා...

හරි.මේ තියෙන්නේ සාමාන්‍ය දකුණත් box ගිටාර් එකක්.
දැන් පල්ලෙහ image එක බලන්න.මේ තියෙන්නේ දකුණත් ගිටාර් එකක strings හය පිහිටුවා තිබෙන ආකාරය.
හරි,එහෙනම් දැන් බලමු වමත් ගිටාර් එකක image එකක්.


Friday, June 25, 2010

1වෙනි Guitar කුප්පිය - Basics ඉගෙන ගනිමු.........

               ඔන්න මගේ පළවෙනි ගිටාර් කුප්පිය දාන්නයි අද සූදානම් වෙන්නේ.ඕනෑම දෙයක් ඉගෙන ගන්න කලින් ඒ හා සම්බන්ධ මූලික දේවල්(basics) දැනගෙන ඉන්න එපැයි.ඉතින් අද මම බලාපොරොත්තු වෙන්නෙ ඔන්න ඔය basics ටික කට්ටියට කියල දෙන්න.මේව ගැන දන්න අයත් ඉන්නවා ඇති.ඒ වුනාට ආධුනිකයෙක්ට මේ කරුණු ගොඩක් වැදගත් වේවි.ඒක නිසා හැමෝටම ‍තේරෙන විදියට සරලව කියල දෙන්නම්.මේ කුප්පිය දකුණත් ගිටාර් වාදකයෙක් පාදක කරගෙන නිර්මාණය කරන ලද එකක් නිසා වමත් කරුවන් මුලින්ම මේක කියවල ඉන්න.

                හරි,,එහෙනම් අපි මුලින්ම බලමු ගිටාර් එකක්  play කරන්න ලේසි වෙන විදියට අල්ලගන්නේ කොහොමද කියලා(How to hold the guitar).ගිටාර් එකක parts නම් කරල තියෙන විදිය කට්ටිය දන්නව නෙ.අලුතෙන් බ්ලොග් එකත් එක්ක එකතු වෙන අය පල්ලෙහා image එක බලන්න.
                                                                             
             හොදයි.දැන් පල්ලෙහා තියෙන images දෙක හොදට නිරීක්ෂණය කරන්න.



















මේක තමයි සාමාන්‍යයෙන් box ගිටාර් එකක් අල්ලන විදිය.ගිටාර් එකේ box එක දකුණු කකුල උඩ තබාගන්න හින්ද, අත් වලට දැනෙන බර අඩුයි.ඒක නිසා ගිටාර් එක ප්ලේ කරන එක ගොඩක් පහසු කාර්යයක් වෙනවා.ඒ ව‍ගේම තමයි ගිටාර් එකේ neck එක කියන කොටස හැම තිස්සෙම තිරසට ආනත කරල තියාගෙන play කරන්න ඕනෙ.මේ නිසා වාදකයාගේ වම් අතට දැනෙන බර හුගක් දුරට අඩු වෙනවා.Chords play කරද්දි හරි, lead parts play කරද්දි හරි වම් අතට ගිටාර් එකේ බර දැනෙන්න දෙන්න නරකයි.ඒක නිසා හැම තිස්සෙම neck එක තිරසට ආනත කර තබා ගත යුතු වෙනවා.පල්ලෙහා පෙන්නල තියෙන්නෙත් ඒකම තමයි.:-))

                  හොදයි.මීලගට අපි මූලික අභ්‍යාස ටිකක් පුහුණු වෙමු.මේ අභ්‍යාස වලට කලින් හැමෝම දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා.අපි මුලින්ම ඒ ටික ඉගෙන ගමු.

    1).අභ්‍යාස පුහුණු වීමේ පහසුව සදහා වම් අතේ ඇගිලි අංක කර ගැනීම.
                  මේක ගොඩක් සරල දෙයක් කියල හැමෝටම තේරෙනවනෙ.ඒක නිසා පල්ලෙහා image එකට අනුව වම් අතේ ඇගිලි වලට අදාල අංක මතක තියාගන්න.:-)




    2). ගිටාර් එකේ fret board එක සහ strings හදුනාගැනීම.

  සාමාන්‍යයෙන් fret board එකක් අංක කරන්නේ මෙහෙමයි.Guitar chords ඉගෙන ගන්න කොට මේක ගොඩක් වැදගත් වෙනවා.

      ඊළගට අපි ගිටාර් එකේ strings හය හදුනගමු.ඊට කලින් මේ image එක බලල ඉන්න.

               සාමාන්‍යයෙන් අපි ගිටාරය ගැන හදාරන්නේ western notation එකෙන්.ඒක නිසා ස්වර අංකනය ගැන හොද අවබෝධයක් තියාගන්න.:-)

           මේ තියෙන්නේ ගිටාර් එකේ open strings වල notation එක."Open"  කියල කියන්නේ fret board එක මත ඇගිලි කිසිවක් තියන්නේ නැතිව, තියෙන විදියටම play කරන කොටයි.5වෙනි සහ 6වෙනි strings වලින් එන්නේ base sound එකක්.ඉහත ආකාරයට ස්වර පිහිටන්නෙ ගිටාර් එක හරියට tune කරල තියෙනවනම් විතරයි.ගිටාරය tune කරන එක ගැනත් කියන්න ඕනෙ.ආධුනිකයෙක්ට නම් වඩාත් සුදුසු පලපුරුදු කෙනෙක්ට කියල මුලින්ම ගිටාර් එක tune කරගන්න එක.ගිටාර් එකක් practice කරද්දි අනිවාර්යයෙන් standard tuning තියෙන්න ඕනෙ.ඒක නිසා මුලදි පලපුරුදු කෙනෙක්ට කියල tune කරගන්න.

   3).Play කරන්න කලින් ගිටාර් එකේ standard tuning තිබේදැයි බැලීම.

            මේක මම කලින් කිව්ව වගේ ආරම්භයෙදි පලපුරුදු කෙනෙක් මාර්ගයෙන් කරගන්න.

   4).වම් අතින් guitar neck එක අල්ලන අයුරු...

     වම් අතේ ඇගිලි fret board එක මත හැසිරවීම පහසු කරගන්න නම් පහත අයුරින්  guitar neck එක අල්ලන්න ඕනෙ.

  මේ විදියට අල්ලන්න එපා.එතකොට ඇගිලි හසුරවන්න ටිකක් අමාරුයි.


   5). ගිටාර් pick එක අල්ලන ආකාරය...






   
             හ්ම්ම්...මම හිතන්නෙ දැනට ඔය ටික ඇති.ඒක නිසා සරල අභ්‍යාසයක් පුරුදු වෙමු.පල්ලෙහා තියෙන විදියට පුරුදු වෙන්න.මුලදි ටිකක් අමාරු වෙයි.ඒත් කැපවීමෙන් කරන්න. "Every begining is some what hard" කියන‍වනෙ.:-D

               Images වල තියෙනව වගේ ඇගිල්ල තියන්න ඕනෙ fret එකක හරි මැදට විතර වෙන්න.ලොකු බලයක් යොදල strings තද කරන්න එපා.ඒ වගේම තමයි ඇගිල්ල තිබ්බට පස්සේ pick එකෙන් අදාල string එක play කරල බලන්න පැහැදිලි,තියුණු sound එකක් ඇහෙනවද කියලා.string එක තද කරන බලය අඩු වැඩි කරල මේක හොයා ගන්න පුලුවන්.

1 රූපය
2 රූපය
3 රූපය
4 රූපය
             කහ පාටින් පෙන්නල තියෙන්නෙ මම උඩදි කිව්ව වගේ වම් අතෙ ඇගිලි වලට අදාල අංක ටික.1 රූපයට අනුව පැහැදිලි කරනවනම්,, මුලින්ම 6වෙනි string එකේ උඩම fret එක "1" ඇගිල්ලෙන් තද කරල pick එකෙන්  6වෙනි string එක play කරන්න.ඊට පස්සේ 6වෙනි string එකේම 2වෙනි fret එක "2" ඇගිල්ලෙන් තද කරල pick එකෙන්  6වෙනි string එක play කරන්න.ඊට පස්සේ ඊට පස්සේ 3වෙනි fret එක,,4වෙනි fret එක.මේ විදියට එක වටයක් ඉවර වුනාම නැවත මුල ඉදල පටන් ගන්න.
  මේ විදියට strings හයටම play කරල practice කරන්න.මුලදි අඩු වේගයකින් play කරන්න.පස්සේ speed එක වැඩි කරල play කරන්න.


එහෙනම්,, අදට මම මෙතනින් නවත්තනවා.පළවෙනි කුප්පිය නිසා අඩුපාඩු තියෙන්නත් පුලුවන්.ප්‍රශ්න තියෙනවනම් අහන්න..ADIOS................

Saturday, June 19, 2010

Guitar කුප්පි ගැන සමාලෝචනයක්.......














               අද මම, blog එකෙන් ඉදිරියට කරන්න යන දේවල් ගැන ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ.මම හිතනවා ගොඩක් අය මේ වෙනකොට ගිටාර් එකක් හොයාගෙන ඇති කියලා.සමහර අය ලග නම් ගිටාර් එකක් තියෙන්නත් ඇති කලින් ඉදලම.Box,Classical හෝ Electric යන ඕනෑම ගිටාර් එකක් play කරන්න කලින් දැනගන්න ඕන basics ටිකක් තියෙනවා.මේ ටික හරියට මුල ඉදලම පුරුදු වෙන්න ඕනෙ.උදාහරණ විදියට කියනව නම් ගිටාර් එක tune කරන ආකාරය,ගිටාරය play කිරීම පහසු වන අයුරින් රදවා තබා ගත යුතු ආකාරය(holding the guitar), guitar pick එකක් ඇල්ලිය යුතු ආකාරය සහ මූලික අභ්‍යාස වගේ දේවල්.මේ ටික හරියට ඉවසීමෙන් ප්‍රගුණ කලොත් ඉතිරි කොටස් ටික ලේසියෙන්ම කර ගන්න පුලුවන්.

             ඒ වගේම තමයි මම කලින් post එකකදි කිව්වා, normal box ගිටාර් එකකින් DISTORTION කරන ආකාරය පැහැදිලි කරල දෙනවා කියලා.DISTORTION කියන්නේ මොකක්ද කියල නම් rock music අහන අය,electric guitar ගිටාර් එකක් play කරන අය දන්නවා ඇති.Rock musicවලදි ගොඩක් භාවිතා වෙන දෙයක් තමයි DISTORTION කියන්නෙ.හැමෝටම electric ගිටාර් එකක් ගන්න පහසුකම් නැතිවෙන්න පුලුවන්.ඉතින් ඒක නිසා මම හිතුවා normal box ගිටාර් එකකින් DISTORTION කරන ආකාරය ඔයගොල්ලන්ට කියල දෙන්න.ක්‍රමය නම් සමහරුන් දන්නවත් ඇති.ඒත් හුගක් අයට ඒ සම්බන්ධයෙන් අදහසක් නැති වෙන්න පුලුවන්.මේකට අවශ්‍ය කරනවා ගිටාර් ඈම්ප් (amplifier) එකක් සහ pedal එකක්( ගිටාර් pick-up එකකිනුත් පුලුවන්).මේ වචන වලට බය වෙන්න එපා.අලුත් post එකකින් මේ ගැන සම්පූර්ණ විස්තරයක් රූප රාමු සහිතව විස්තර කරන්නම්.මේ සම්බන්ධව දන්න අය ඉන්නව නම් comment කලාට කමක් නැහැ.:-)) DISTORTION ගැන දැන ගන්න පල්ලෙහා තියෙන youtube video එක බලන්න.



             ඊට අමතරව මේ දවස් වල, rhythm/lead play කරන්න කැමති අයට වෙන වෙනම කුප්පි මාලාවක් සකස් කරගෙන යනවා.ඒ වගේම මේ හැමෝටම පොදු අභ්‍යාස මාලාවකුත් තියෙනවා.තවදුරටත් පැහැදිලි කරනවනම්, උදාහරණ වශයෙන් rhythm play කරන අය chords changing කරන කොට ඒ ඒ ඇගිලි හැසිරවිය යුතු ආකාර තියෙනවා.ඉතින් ඒ වගේ දේවල් වෙන වෙනම පැහැදිලි කරන්න ඕනෙ.

              ඒක නිසා මෙම පාඩම් මාලාව පිළිබදව ඔයගොල්ලන්ගෙ අදහස් මම බලාපොරොත්තු වෙනවා.ඒ වගේම මේ කුප්පි මාලාවට තව එකතු වෙන්න දේවල් තියෙනව නම් ඒවත් සදහන් කරන්න.ප්‍රශ්ණ තියෙනවනම් අහන්න.එහෙනම් මීලග post එකෙන් හමුවෙන තුරු ADIOS...:-))

Wednesday, June 16, 2010

BOX හා CLASSICAL ගිටාර් ගැන තවදුරටත්............

                  Post එක ලියන්න කලින් ඔයගොල්ලො හැමෝටම ස්තූති කරනවා මට ලබා දුන්න ප්‍රතිචාර සම්බන්ධයෙන්. ඒක නිසාම කල් වේලා ගන්නෙ නැතුව ඉතිරි කොටසත් ලියන්න තීරණය කලා.ඒ වගේම මම Malith ට ස්තූති කරනවා මගේ blog එකේ තිබ්බ theme එක ගැන සදහන් කලාට.ඒ හේතුව නිසාම මම සැර අඩු theme එකක් blog එකට add කලා.මේකත් අවුල් නම් කියන්න.පෙනුමට වඩා අන්තර්ගතයයි වටින්නෙ.:-)) 
                  හරි එහෙනම් අද පාඩම පටන් ගමු.මම කලින් post එකේ කිව්වා ගිටාරයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු ගැන වැඩි විස්තර ඔයාලට පැහැදිලි කරන්නම් කියලා.මුලින්ම ඔය‍ගොල්ලන්ට විවිධ ගිටාර් වර්ග ගැන කියල දුන්නනෙ.පොඩි නිවැරදිකිරීමකුත් කරන්න ඕනෙ.කලින් post එකේ මම electric guitar එකක් කියලා දාලා තිබිලා තියෙන්නේ base guitar එකක image එකක්.මට ඕන වුනේ lead guitar එකක පින්තූරයක් add කරන්න.හදිස්සියට ඒක වැරදිලා upload වෙලා.:-))
                   ඕනම භාණ්ඩයක් මිලදී ගන්න කලින් ඒකේ විවිධ කොටස් ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ.ඒක නිසා අපි ගිටාරයක් මූලික කොටස් මුලින්ම හදුනාගමු.පල්ලෙහා image එක බලන්න.මේක net එකෙන් හොයා ගත්ත image එකක්.මේක ඇසුරෙන් මම පැහැදිලි කරන්නම්.:-))


                 Head එකට තමයි guitar strings ටික attach කරල තියෙන්නේ.මේ කොටස හොදට සවිමත්ව තියෙන්න ඕනෙ.නැත්තම් දවසෙන් දෙකෙන් ගිටාර් එකේ tune බැහැල යයි.
                   Tuners යොදාගන්නේ ගිටාර් එක ටියුන් කරගන්න.ටියුන් කරන විදිය ඉස්සරහට කියල දෙන්නම්.Check කරල බලන්න ඒ ඇණ නිසියාකාරව වැඩ කරනවද කියලා.නැත්නම් පස්සට ඕක හරි කරදරයක් වෙනවා.මොකද ගිටාර් එකක ටියුනින් හොදට නැත්නම් ඒක play කරන්න එපා වෙනවා.
                    Nut එක කියන්නේ පොඩි plastic කෑල්ලක්.මේක උඩින් ගිහින් තමයි strings ටික head එකට සෙට් වෙන්නේ.
                   Neck එක කියන්නේ ඔය හීනි දිග තීරුවට.මේ කොටස මත තමයි ගිටාරයක පැවැත්ම රදා පවතින්නේ. Neck එක කඩා ගත්තොත් ආයෙත් හැදිලි බොරු.(බෙල්ල ගියොත් කොහොමත් ඉවරයිනෙ..හි හි)

                   Finger board/Fret board කියලා කියන්නේ ඔය පේන මතුපිටට තමයි.මේක මත තමයි අපේ ඇගිලි හසුරවන්නේ.
                  Frets කියලා කියන්නේ finger board එක බෙදල වෙන් කරල තියෙන කොටස් වලට.Guitar chords play කරද්දි frets ගැන තියෙන අවබෝධය ගොඩක් වැදගත්.
                   Position marks fret board එක මත සලකුණු කරල තියෙන්නේ එක එක frets හදුනාගැනීම පහසු කරගන්න.Position marks මගින් වාදකයාට ලොකු පහසුවක් ලබා දෙනවා.
                   Sound hole එ‍කෙන් තමයි strings වලින් උපදවන ශබ්දය ගිටාර් box එකට ලබා දෙන්නෙ.ඒ මගින්  box එක ඇතුලෙ තියෙන වාතය අනුනාද වෙලා තමයි අපිට ශබ්දය ඇසෙන්නෙ.ඕගොල්ලො දැකල ඇති සංගීත වැඩසටහන් වල මයික් එක attach කරන්නේ box guitar එකක sound hole එකට කියලා.:-)
                    Bridge එක මගින් finger board එක අතරත් strings අතරත් පරතරය පාලනය කිරීම සිදු කරනවා.මේ පරතරය අඩුවෙන තරමට හොදයි.ඒක වාදකයාට ලොකු පහසුවක්.
               ඔය ටික මූලික වශයෙන් දැන ගත්තම ඇති.දැන් බලමු ගිටාරයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද කියලා.

             උඩ විස්තර කියවද්දි ඕගොල්ලන්ටම තේරෙන්න ඇති මොන ‍මොන කොටස් ගැනද වැඩිම අවධානයක් යොමු කරන්න ඕනේ කියලා.ඒක නිසා නැවත පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ කියලයි මට හිතෙන්නේ.ඒක නිසා අනෙක් කරුණු ගැන විස්තර කරන්නම්.

         පල්ලෙහා images දෙක දිහා බලන්න.



                  

















             වෙනසක් පේනවා ඇතිනේ.මෙහෙම කරන්නේ හේතුවක් ඇතුව.එහෙම නැතුව පෙනුමට එහෙම නෙමෙයි;-).හේතුව මේකයි.වම් පැත්තෙ තියෙන ගිටාර් එකේ පල්ලෙහාම තියෙන frets වලදි ඇගිලි හැසිරවීම දකුණු පැත්තෙ ගිටාර් එකට වඩා ලේසියි.ඒ කියන්නේ ගොඩක් lead parts එහෙම play කරද්දි වම් පැත්තෙ තියෙන ගිටාර් එක වාදකයට ලොකු පහසුවක් ලබා දෙනවා.දකුණු පැත්තෙ ගිටාර් එක rhythm වාදනයට වඩා සුදුසුයි.මේ ගිටාර් දෙක අතර පොඩි මිල වෙනසක් තියෙනවා.ඒත් වම් පැත්තෙ තියෙන ගිටාර් එකක් එක පාර මිලදී ගන්නවනම් වඩාත් හොදයි.:-))

            ඊළගට කියන්න යන්නේ  finger board එක අතරත් strings අතරත් පරතරය ගැනයි.පල්ලෙහා image එක බලන්න.

            මේ ආකාරයට ගිටාර් එක හරවල බලන්න finger board එක අතරත් strings අතරත් පරතරය මොන වගේද කියලා.මේ පරතරය අඩු වෙන තරමට ගොඩක් ‍වාසිදායකයි.(5mm පමණ)

            මේ image එකත් බලන්න.
            
             මේ වගේ ගිටාර් එකක් අපි f-cut ගිටාර් එකක් කියල හදුන්වනවා.Normal box guitar එකකයි මේකෙයි වෙනස පැහැදිලි ඇතිනෙ.මේකේ sound hole එක වෙනුවට තියෙන්නෙ f අකුර හැඩැති හිඩැස් දෙකක්.මේ ගිටාරය වඩා සුදුසු lead parts කරන්න.මොකද මේකේ sharp sound එකක් තියෙන්නේ.ඒ ව‍ගේම finger board එකත් හදල තියෙන්නේ lead parts වාදනයට පහසු වෙන විදියට.හැබැයි එහෙම වුනා කියලා rhythm ගහන්න බැරි කමක් නැහැ.නමුත් වඩා සුදුසු lead parts වාදනය කිරීමට.


            ඊළගට බලන්න තමන්ගේ වම් අ‍‍තේ ප්‍රමාණයට(දකුණත් වාදකයන්) ගැ‍ලපෙන finger board එකක් සහිත ගිටාරයක් ද කියලා.අත්ලේ සහ ඇගිලි ප්‍රමාණයෙන් විශාල නම් පලලින් වැඩි finger board එකක් තියෙන ගිටාරයක් මිලදී ගන්න.ඒ වගේම check කරල බලන්න එක කම්බියක් මත ඇගිලි තුඩු තැබීමේදී අනෙක් කම්බිත් ස්පර්ශ වෙනවද කියලා.එහෙම වුනොත් පොඩ්ඩක් අවුල්.

             ඊට අමතරව හොද ගිටාර් case එකකුයි , ගිටාර් pick එකකුයි මිලදී ගන්න.ගිටාර් picks ගැන විස්තර ඉදිරියට කියන්නම්.දැනට 0.5mm-0.7mm අතර pick එකක් මිලදී ගන්න.නැත්නම් කඩෙන් normal pick එකක් කියලා ඉල්ලන්න.ගිටාර් case ගැනත් කියන්න ඕනෙ.ගන්න කොට හොද material එකක් බලල ගන්න.සමහර ඒව ටික කාලයක් යද්දි වර්චස් වෙනවා.

           මිලදී ගන්න පුලුවන් ස්ථාන කිහිපයක් දැනට සදහන් කරන්නම්(කොළඹ අවට)...ඔයගොල්ලොත් දන්න තැන් තියෙනවනම් comment කරන්න.ඒක අනෙක් අයටත් වැදගත් වෙයි.

1)   SAI SANGEETHA
      U.G.53,People's Park,
      Gaswork street,
      Colombo-11.

      Tel- 2384222,2445102

        මේක තමයි මම දන්න තරමින් ලාබෙට ගන්න පුලුවන් හොදම තැන.පිටකොටුවෙ තියෙන්නේ.Indian guitars එහෙම අඩුවට ගන්න පුලුවන්.ම‍ගේ box ගිටාර් එක ගත්තෙත් ඒකෙන්ම තමයි.:-)

2)   MAC Music
    මොරටුව කැම්පස් එක ඉස්සරහ තියෙන්නෙ.එතනත් හොද ගිටාර් තියෙනවා.හැබැයි ගාන තමයි අවුල.හි හි.

3)   Karu music centre, Nugegoda.
    මෙතනත් හොදයි.

       අදට post එක ඉවර කරන්න යන්නේ.ප්‍රශ්ණ එහෙම තියෙනව නම් අහන්න.ඒ වගේම අඩුපාඩු තියෙනවනම් ඒවත් සදහන් කරන්න.මග ඇරුන කරුණු තියෙනවනම් තව post එකකින් ඒවා පැහැදිලි කරන්නම්.ඒ වගේම කියන්න ඕනෙ මම දවල් වරුවෙ ගෙදර නැති නිසා comments වලට reply කරන්න ටිකක් පරක්කු වේවි.බ්ලොග් එකේ වෙනස් වෙන්න ඕනෙ දේවල් තියෙනවනම් ඒවත් සදහන් කරන්න.එහෙනම්,,,,ADIOS..:-))))))

Tuesday, June 15, 2010

BOX එකක් ද?? CLASSICAL එකක් ද?? එහෙම නැත්තම් ELECTRIC එකක්ද??

             මම කලින් post එකේදී කිව්වා වගේ, ගිටාරයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු ගැන අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා.Title එක දැක්කම හිතෙනවා ඇති මොනවද මේ කියලා තියෙන්නේ කියලා.හි හි.ඇත්තටම සමහරුන් නම් මේ ගැන දන්නවත් ඇති.ඒත් ඉතින් නොදන්න අයත් ඇතිනෙ.ඒක නිසා හැම දෙයක්ම සරලව කෙටියෙන් පැහැදිලි කරන්නම්.:-) අද මම කියලා දෙන්නේ විවිධ ගිටාර් වර්ග ගැන......
              ඔන්න හරි.මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට දැකල පුරුදු ගිටාර් එකක්.මේ වගේ ගිටාර් එකක් අපි normal box guitar එකක් කියලා හදුන්වනවා.මේක තමයි හුගක් guitaristsලා අතර ජනප්රිය.ආධුනිකයෙක්ට මම නම් ආරම්භය ලෙස අනුමත කරන්නේ මේ ගිටාර් එක.හේතු තමයි අනෙක් ගිටාර් වලට සාපේක්ෂව මිලෙන් අඩු වීමයි,practice කරන එක පහසු වීමයි.

Friday, June 11, 2010

Guitar එකක් ගන්නම ඕනිද??? shapement එකක් දාගන්න බැරිද???

      මුලින්ම කියන්න ඕනෙ guitar එකක් play කරන එක ලේසි වැඩක් නෙමෙයි මුලදි.ඇගිලි තුඩු රිදෙන්න පටන් ගනීවි.අත කකියන්න පටන් ගනීවි.ඒත් කැපවීමෙන් කලොත් කාලයත් සමග හොද result එකක් අනිවා ලැබේවි.අවශ්‍ය වෙන්නේ කැපවීම හා අධිෂ්ඨානය විතරයි.
       අවම වශයෙන් දිනනට පැයක්,දෙකක් වත් practice කලොත් හොදටම ඇති.හැබැයි දවසින් දෙකෙන් සාර්ථක වෙන්න බැරි වෙයි.මගදි අතහැරලා දාන්න හිතේවි.හැබැයි මම කිව්වා ‍වගේ ඉවසීමෙන් කටයුතු කලොත් ඔයාලටත් හොද guitarist කෙනෙක් වෙන්න පුලුවන්.
       හොදයි.බණ කිව්වා ඇති.හි හි.දැන් මාතෘකාවට බහිමු.
    guitar ගහන්න පුරුදු වෙන්න කියලා  guitar එකක් මිලදී ගන්නම උත්සහ කරන්න එපා.( දැන් කාලෙ රු:5000-8000 ත් අතර හොද  guitar එකක් මිලදී ගන්න පුලුවන්) පුලුවන්නම්  guitar එකක් තියෙන යාලුවෙක්ගෙන් ටික දවසකට ඉල්ලගෙන practice කරන්න.එහෙම කරල බලන්න තමන්ට මේක දිගටම කරගෙන යන්න පුලුවන්ද කියලා.මොකද හුගක් අය මේක පටන් අරගෙන මගදි නවත්තලා දානවා.මමත් එහෙම කරපු කාලයක් තිබ්බා.;-)
     ඒක නිසා මුලදි එහෙම කරන්න.ඊට පස්සේ තමන්ට හිතෙනවනම් දිගටම කරන්න පුලුවන් කියලා හොද guitar එකක් මිලදී ගන්න.නැත්නම් නිරපරාදෙ ඔයාලගේ සල්ලි නාස්ති වෙයි.(අහිතක් හිතන්න එපා එහෙම කිව්වට :-))

    guitar එකක් මිලදී ගන්න කොට සැලකිය යුතු කරුණු, මිලදී ගන්න පුලුවන් ස්ථාන ගැන විස්තර තව post එකකින් පැහැදිලි කරන්නම්.

comment එකක් දාලා යන්න පුලුවන්නම් ලොකු උදව්වක්.මොකද මේක දිගටම ලියන්න ගට එන්නේ ඔබලාගේ comments මත තමයි.:-))))

Box ගිටාරයට සිංහලෙන් අර්ථ දැක්වීමක්................


              අනේක විවිධ වූ සංගීත වාදන භාණ්ඩ අතරින් Box ගිටාරයට හිමිවන්නේ අද්විතීය ස්ථානයක් කිවිවොත් එය අතිශෝක්තියක් නෙවෙයි.ඇයි මම එහෙම කියන්නේ?? ඊට හේතුව වෙන්නේ Box ගිටාරයේ තිබෙන acoustic ගතිය වෙන කිසිම සංගීත භාණ්ඩයකින් feel නොවීම.ඒ වගේම තමයි බොහෝ ආධුනිකයන් තමන්ගේ කුලුදුල් වාදන භාණ්ඩය ලෙස ගිටාරය(Box,Electric,Bass) තෝරා ගන්නවා.මේ අතරින් Box ගිටාරයට විශේෂ තැනක් හිමිවෙනවා.මේ blog එකෙන් මම ලාපොරොත්තු වෙන්නේ Box ගිටාරය ගැන මම දන්න කරුණු සහ දැනුම බෙදාගන්න.ඊට අමතරව සංගීතය ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.ඒක නිසා බොහොම අපූරු blog එකක ආරම්භය මෙසේ සටහන් කරනවා......

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates