Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Monday, December 27, 2010

Guitar එක tune නැද්ද?? Online TUNE කර ගන්න............

            හුගක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි ගිටාර් එක ටියුන් කරගන්න එක. Electronic tuner එකක් තියෙනවනම් ඒක වැඩිය අමාරු වැඩක් නෙමෙයි. හැබැයි හැමෝටම tuner එකක් ගන්න බැරි වෙන්න පුලුවන්. ඒක නිසා online tuners ටිකක් හොයල දෙන්න ඕන කියලා මට හිතුනා. Ear එකෙන් tune කරන්න ගියත් standard tuning වලට ඕන කරන tones ටික හොයා ගන්න එකත් ටිකක් අමාරු වැඩක්. එක්කො තව ටියුන් වෙච්ච ගිටාර් එකක් ඕනෙ එහෙම නැත්නම් keyboard එකක් වගේ තව instrument එකක් ඕනෙ. ඔය ප්‍රශ්ණෙට විසදුමක් විදියට තමයි online guitar tuners තියෙන්නේ. මේ ටික මම net එකෙන් හොයා ගත්තේ. හිතනවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා.

          මේ හැම එකක්ම තියෙන්නේ open strings ටියුනින් වලට හරි යන විදියට. ඒ කිව්වේ fret board එක මත ඇගිලි තියන්නේ නැතුව string එක play කරන්න ඕනෙ. ටියුන් කරන්න කලින් strings හයම බුරුල් කරන්න. මහතම කම්බියෙ ඉදන් පිලිවෙලට සිහින්ම කම්බිය වෙනකන් ටියුන් කරන එක තමයි වඩා පහසු.


             අදාල web site එකට යන්න image එක උඩ click කරන්න.





        


Sunday, December 26, 2010

6 වෙනි Guitar කුප්පිය- Major guitar scales ඉගෙන ගනිමු......Contd.

                     මේ කුප්පිය මගේ 5 වෙනි ගිටාර් කුප්පිය හා සම්බන්ධයි. ඒක නිසා මුලින්ම මෙතනින් 5 වෙනි කුප්පියට ගිහිල්ල ආවොත් හොදයි.සුළැගිල්ල හුරු නැති අයට අද කුප්පිය ගොඩක් වැදගත් වේවි. හේතුව තමයි G major scale එකේදි එක note එකක සුළැගිල්ල පාවිච්චි වෙන නිසා.
                    
               හරි,,, දැනට අපි C major scale එක ගැනනෙ ඉගෙන ගනිමින්නේ හිටියේ. මම හිතනවා කුප්පි එක්ක සම්බන්ධ වෙන අය C major scale එක practice කරන්න ඇති කියලා. මම කලින් කිව්වා වගේ scales පුරුදු වෙනවා කියන්නේ අභ්‍යාසයක් වගේම,, ගිටාර් එකේ structure එක අදුනගන්නත් වැදගත් වෙනවා. ඒක නිසා ඕනම guitarist කෙනෙක්ට scales පුරුදු වෙන එක මම දකින විදියට අත්‍යවශ්‍ය කාරණයක්. 

              එහෙනම් අපි G major scale එකට අදාල notes ටික බලල ඉමු. මම කලින් කිව්ව වගේම G major scale

Saturday, December 25, 2010

5 වෙනි Guitar කුප්පිය- Major guitar scales ඉගෙන ගනිමු........

             අද කුප්පිය ඕනම guitarist කෙනෙක්ට වැදගත් වෙන එකක්. මොකද guitar scales කියන්නේ fret board එකට හුරුවෙන්න තියෙන පහසුම ක්‍රමයක්. ඒක නිසා rhythm guitarist කෙනෙක් වේවා,,lead guitarist කෙනෙක් වේවා,, කවුරු වුනත් guitar scales ගැන දැනගන්න එක ගොඩක් වැදගත්. මොකද මමත් scales play කරන්න ඉගෙන ගත්තේ guitar එක play කරන්න පටන් අරන් අවුරුදු හයකට විතරට පස්සේ.:-)



           මෙහෙමයි,,ඇත්තටම scales play කරන එක එක්තරා ආකාරයකට අභ්‍යාසයක් විදියටත් නම් කරන්න පුලුවන්. හේතුව තමයි scales ප්‍රගුණ කිරීමෙන් අපිට වම් අතේ ඇගිලි( දකුණත් වාදකයන්ට) හුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. වි‍ශේෂයෙන්ම අපේ සුළැගිල්ල හුරු කර ගන්න සමහර scales ගොඩක් උපකාරි වෙනවා.සුළැගිල්ල හුරු නැති වීම ගොඩක් අයට ප්‍රශ්ණයක්නෙ.උදාහරණයක් විදියට G major scale එක නම් කරන්න පුලුවන්.    

Friday, December 17, 2010

4 වෙනි Guitar කුප්පිය- RHYTHM Guitaristලට ආරම්භයක්........

                       හරි..අපි මුලින්ම බලමු Rhythm guitarist කෙනෙක් කියන්නෙ කවුද කියලා. Rhythm play කරන අය නම් දන්නවා ඇති,,,,Rhythm වාදනය කිරීම ඇත්තටම පසුබිම් වාදනයකට සමාන කරන්න පුලුවන්.ඒකෙදි සිද්ධ වෙන්නේ ගායනයට සහ ගීතයට අදාල chords ගිටාරය මගින් වාදනය කිරීමයි. Keyboard(organ) player කෙනෙක්ට වුනත් මේ chords play කරන්න පුලුවන්.නමුත් ගිටාරයකින් play කරද්දි ඒක ගීතයට අමුතු ගතියක් එක්කරනවා. ඇත්තටම box ගිටාර් එකකින් rhythm play කිරීම වඩාත් උචිත වෙන්නෙ acoustic play කරද්දි.ඒ කිව්වේ electronic instruments නැතුව play කරන අවස්ථා වලදි.නමුත් එහෙම සීමා කිරීමක් නම් නැහැ.මගේ අදහසක් ප්‍රකාශ කලේ.එහෙනම් කුප්පිය පටන් ගමු...

                   

                  අපි මුලින්ම බලමු basic guitar chords මොනවද කියලා.වෙන වෙනස් ගිටාර් chords ඉතා විශාල ප්‍රමාණයක් ලෝකයේ භාවිතා වෙනවා. Major chords, minor chords, seventh(7th) chords, sustained chords .... ඒ අතරින් ප්‍රසිද්ධ වර්ග කිහිපයක්. මේ හැම එකක්ම වෙන වෙනම ප්‍රගුණ කරන එක තමයි වඩා උචිත. ඒක නිසා අපි ආරම්භයක් විදියට major chords

Tuesday, December 14, 2010

ගිටාර් කුප්පි නැවතත්.....:-))))))

                
                  සෑහෙන කාලෙකට පස්සේ,,,නැවතත් බ්ලොග් එක පටන් ගන්න ඕනෙ කියලා හිතුනා. ටික කාලයකට මුකුත් ලියන්න බැරි වුන එක ගැන මම කණගාටු වෙනවා.ගිටාර් කුප්පි දාන වැඩෙත් අතරමග නතර වුනේ campus එකේ academic වැඩ නිසා.නවත්තපු තැන ඉදන් ආයෙත් පටන් ගන්න තමයි අදහස.හැබැයි,,මෙච්චර කාලයක් දාපු කුප්පි වලින් යම් පිරිසක් ප්‍රයෝජන අරගෙන තියෙනවා(comments බැලුවම මට තේරුම් ගියා).ඒක ගැන මට ඇත්තටම සතුටුයි.කලින් සම්බන්ධ වුන අයටයි,,අලුත් පාඨකයින්ටයි හැමෝටම ආරාධනා කරනවා කුප්පි වලට සෙට් වෙන්න කියල.ඉස්සරහට අලුත්ම ලිපි මාලාවක් සමගින් ඔබව හමු වෙන්නම්.ADIOS......

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates