Learn to play guitar
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.
This is featured post 2 title
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.
This is featured post 3 title
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.
Thursday, January 27, 2011
Tuesday, January 18, 2011
2වෙනි VIDEO TUTORIAL එක - Improvising fret board......
9:58 PM
Rajja
12 comments
අද මම දෙවෙනි video lesson එක ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ. මගේ පළවෙනි lesson එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා. ඒක නිසාම දෙවෙනි lesson එකත් ඉක්මනට ඉදිරිපත් කරන්න තීරණය කලා. පළවෙනි lesson එක බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් lesson එක බලල එන්න. ඒ lesson එක විශේෂයෙන්ම ආධුනිකයන්ට හදපු lesson එකක්. ඒක නිසා මේ lesson එකට කලින් 1වෙනි lesson එක කියවල එන්න.
ඒ වගේම තමයි මම blog එකට සම්බන්ධව Face book Fan Page එකක් හැදුවා. කට්ටියට පුලුවන් නම් මෙතනින් ගිහින් ඒකට "like" එකක් දාලා එන්න. ඒ වගේම තමයි පුලුවන්නම් තම තමන්ගේ යාලුවන්ටත් page එක suggest කරලා invitations යවන්න.
හරි,,එහෙනම් දැන් lesson එක පටන් ගමු.1වෙනි lesson එකේ විදියට practice කරපු අයට දැන් ටිකක් ඇගිලි හුරු ඇති කියලා මම හිතනවා. අපි 1වෙනි lesson එකේදි කලේ 6වෙනි string එකේ 1->2->3->4->1->2->3->4 කියන frets රටාව play කරපු එක. අද අපි ඒ අභ්‍යාසය ටිකක් වෙනස් කරලා යම් කිසි රටාවකට fret board එකේ පල්ලෙහාටයි, උඩටයි practice කරන්නයි යන්නේ. කලින් අභ්‍යාසයේ අපි play කලේ 6වෙනි string එක විතරයි. නමුත් අද පාඩමේදි strings හයම play කරනවා. ඒක නිසා ටිකක් විතර මුලදි අමාරු වෙයි.
පල්ලෙහා image එකේ තියෙන්නේ අද අපි practice කරන්න යන රටාව තමයි. මම මේක කලින් ලිපියකදිත් පල කරල තියෙනවා.
Saturday, January 15, 2011
Guns N' Roses_Sweet Child O' Mine_Guitar Cover_By rajitha
11:32 PM
Rajja
5 comments
අද මම කරපු පළවෙනි guitar cover එක බ්ලොග් එකට එකතු කරන්නයි යන්නේ. Guns N' Roses band එක ගැන නම් ඕන කෙනෙක් අහල ඇති. Rock music වලට ආස අය අනිවාර්යෙන් මේ song එක අහලත් ඇති. Band එකේ vocalist "Axl Rose" තමන්ගේ පෙම්වතියට ලියපු ගීතයක් තමයි Sweet Child O' Mine කියන්නෙ. මේ song එකේ lead parts play කරන්නෙ "Slash".
මේක play කරන්න මම guitar backing track එකක් පාවිච්චි කරල තියෙනවා. ඒකෙදි Drums, Base සහ Vocals tracks තුන play වෙනවා. එතකොට lead and rhythm track එක තමයි මම play කරන්නෙ. පළවෙනි guitar cover එක නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. Pedal එකක් පාවිච්චි කලේ නැති නිසා distortion effect එක නම් එච්චරම quality නැහැ. Amp එකෙන්ම තමයි distortion effect එක අරගත්තේ.
සිංදුවේ මැදදි එන solo එකත් ලගදීම cover කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේක ඔයගොල්ලන්ට රසවිදින්න පුලුවන් වෙයි කියලා.ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ අදහස් එක් කරන්න පුලුවන් නම් මම ඒක ගොඩක් අගය කරනවා.
Wednesday, January 12, 2011
1වෙනි VIDEO TUTORIAL එක - Simple fingering exercises......
3:26 PM
Rajja
32 comments
මගේ පළවෙනි ගිටාර් කුප්පියේදී මම ආධුනිකයන්ට ගැලපෙන අභ්‍යාසයක් කියල දුන්නා. ඒක කියවපු අයට සමහර විට මතක ඇති. අද ඒ අභ්‍යාසයට අදාල video lesson එක තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම හුගක් අය මේ අභ්‍යාසය දන්නවත් ඇති. 6වෙනි string එකේ 1->2->3->4->1->2->3->4 කියන frets රටාව තමයි අභ්‍යාසය.මේක අපි මූලික වශයෙන්ම ප්‍රගුණ කල යුතු අභ්‍යාසයක්.හුගක් අයට තියෙන ප්‍රශ්ණයක්නෙ සුළැගිල්ල හුරු නැතිවීම(pinky error). ඒකට විසදුමක් විදියටත් අපිට මේ අභ්‍යාසය යොදාගන්න පුලුවන්. සුළැගිල්ල හුරු නැහැ කියන්නේ අපේ වම් අතෙන් 25% ක් අපතේ යනවා කියන එක(දකුණත් වාදකයෙක්ට).
මේ අභ්‍යාසය මම කොටස් 3කට බෙදලා තියෙනවා.ඒ කිව්වෙ,
1.Beginner 2.Beginner-Intermediate 3.Moderate
යන ආකාර වලට. මේකෙදි මූලික වශයෙන් වැදගත් වෙන්නේ හරි ආකාරයට play කරන එකයි speed එක maintain කරන එකයි. "Beginner" lesson එක ආධුනිකයන්ට වඩා සුදුසුයි. "Beginner- Intermediate" lesson එකේදි speed එක දෙගුණයක් කරල play කරනවා. ඒ වගේම තමයි "Moderate" lesson එකේදි speed එක තුන් ගුණයක් දක්වා වැඩි වෙනවා. ඒ වගේම තමයි 2වෙනි, 3වෙනි lessons වලදි speed එක අඩු වැඩි කරනවා ඇගිලි වලට rest එකක් දෙන්න ඕනෙ නිසා.;-) ඒ වගේම අපි pick එකක් පාවිච්චි කරනවනම් අභ්‍යාසයට අදාලව ඒක පාවිච්චි කරන ආකාරය පල්ලෙහා තියෙන video එකේ තියෙනවා.(Down -> Up -> Down -> Up.....)
How to use the guitar pick...
Sunday, January 9, 2011
Strings කඩාගන්නෙ නැතුව Guitar එක TUNE කරගන්න ක්‍රමයක්......
5:35 PM
Rajja
10 comments
සමහර විට ඔබ ආධුනිකයෙක් නම් ඔබටත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඇති.Tune කරන්න ගිහිල්ල මගේ අතිනුත් strings කැඩිලා තියෙනවා. විශේෂයෙන්ම E 1st එකයි, B 2nd එකයි. ඒ කිව්වෙ සිහින්ම කම්බි දෙක.
මම කලින් ලිපි වලදි පැහැදිලි කලා guitar එක tune කරන ආකාරය ගැන. ඒ ලිපි කියවපු නැති අය ඒ අදාල ලිපි කැමති නම් කියවලා එන්න.
Blog template is being developed....
12:40 PM
Rajja
1 comment
Hi all. Blog template of " Box ගිටාරය Play කරමු......" is being developed right now. So please kindly ignore any issues in posts and the appearance of the blog. All those issues will be fixed within day or two. Thank you....:-))))
Minor Guitar Chords..........
12:07 AM
Rajja
9 comments
මේ post එක rhythm play කරන අයට ගොඩක් වැදගත් වේවි. මේකෙ තියෙන්නෙ minor guitar chords වලට අදාල diagrams ටික. ඒ වගේම තමයි chords වල play කරන්න ඕනෙ strings ටිකත් මේ images වල පෙන්නල තියෙනවා.මේ chords වලට අපි පොදුවෙ කියන්නෙ open chords කියලයි.
O - "O" අකුරෙන් කියන්නේ අදාල string එක play කරන්න ඕනෙ කියලයි...
X - "X" අකුරෙන් කියන්නේ අදාල string එක play කිරීමෙන් වලකින්න ඕනෙ කියලයි...
C minor (Cm) D minor (Dm)
Saturday, January 8, 2011
Major Guitar Chords...........
11:45 PM
Rajja
6 comments
මේ post එක rhythm play කරන අයට ගොඩක් වැදගත් වේවි. මේකෙ තියෙන්නෙ major guitar chords වලට අදාල diagrams ටික. ඒ වගේම තමයි chords වල play කරන්න ඕනෙ strings ටිකත් මේ images වල පෙන්නල තියෙනවා.මේ chords වලට අපි පොදුවෙ කියන්නෙ open chords කියලයි.
O - "O" අකුරෙන් කියන්නේ අදාල string එක play කරන්න ඕනෙ කියලයි...
X - "X" අකුරෙන් කියන්නේ අදාල string එක play කිරීමෙන් වලකින්න ඕනෙ කියලයි...
C major D major
How to buy your first guitar ? ආධුනිකයෙක් මොනවද දැන ගත යුත්තේ... ?
12:31 AM
Rajja
8 comments
Guitar එක play කරන්න ඉගෙන ගන්න එක fun වැඩක් වගේම, සමහර විට ඒක ජීවිත කාලයටම රදා පවතින විනෝදාංශයක් බවටත් පත්වෙනවා. සමහරුන් දවසේ විඩාව නිවාගන්න කියල guitar එක play කරනවා. තවත් සමහර අය music band එකක guitar play කරනවා. සමහර අය විනෝදාංශයක් විදියට guitar එක play කරනවා( මං වගේ. ;-) ). නමුත් අපිට වාදන හැකියාව උපතින්ම පිහිටන්නේ නැහැනෙ. ඒක නිසා ටිකක් කැපවීමෙන් මේක ඉගෙන ගන්න ඕනෙ. වැඩෙ ටිකක් අමාරුයි තමයි. ඒත් කැපවීමෙන් කළොත් නම් හිතන තරම් අමාරු නැහැ.:-)
Guitar කිව්වමත් දැන් එක එක ජාතියේ guitar තියෙනවනේ.මම කලින් ලිපියක් පල කලා කොහොමද තමන්ට ගැලපෙන ගිටාර් වර්ගය තෝරගන්නෙ කියලා. ඒක මෙතනින් ගිහිල්ලා කියවල එනවනම් වඩාත් හොදයි.මොකද ඒ ලිපිය තමයි blog එකේ ජනප්‍රියම ලිපිය වෙලා තියෙන්නෙ.අද ඒ ලිපියේ දෙවෙනි කොටස ලියන්නයි යන්නේ.
Tuesday, January 4, 2011
තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.....ගිටාරයෙන් play කරමු...
10:18 AM
Rajja
1 comment
තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.....කසුන් කල්හාරයන්ගේ පළවෙනි album එකේ තියෙන අපූරු ගීතයක්.සරල නිර්මාණයක් විදියට පෙනුනත් සින්දුවේ සෑහෙන වැඩකෑලි තියෙනවා.අද ඉදිරිපත් කරන්නේ මේ ගීතයට අදාල chords ටික. සිංදුව අහල තියෙන අයට වැටහෙන්න ඇති මේකේ finger picking style එකට තමයි background එකෙන් box guitar එක play වෙන්නේ කියලා.හැබැයි normal strum කරත් අවුලක් නැහැ.මේ chords ටික finger picking හරි normal strumming හරි ඕන ක්‍රමයකට play කරන්න පුලුවන්. Chords වල නම් දැක්කට බය වෙන්න එපා.එච්චර අමාරු chords නෙමෙයි තියෙන්නේ.ආධුනිකයෙක්ට ගැටලුවක් එන්නේ F#m chord එක play කරද්දි. Try කරල බලන්න.
Intro
[[ Esus4|E|D5|E ]]- Finger picking
A E D E A|E|D|E
තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.......
A E D/E A|E|D|E
ඔබ එන මග සරසන්නම්... එළිය වෙලා.......
A E D/E A|E|D|E
පිනි දිය වැටෙනා සැන්දෑ........ අහස වෙලා.......
A E D E F#m|F#m|E|D E A
ඔබ එනවානම්....මේ තනිකම හැරදා.....................මේ තනිකම හැරදා.....//
Intro
[[ Esus4|E|D5|E ]]- Finger picking
A E D E A|E|D|E
තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.......
A E D/E A|E|D|E
ඔබ එන මග සරසන්නම්... එළිය වෙලා.......
A E D/E A|E|D|E
පිනි දිය වැටෙනා සැන්දෑ........ අහස වෙලා.......
A E D E F#m|F#m|E|D E A
ඔබ එනවානම්....මේ තනිකම හැරදා.....................මේ තනිකම හැරදා.....//
Monday, January 3, 2011
ලියතඹරා...මුදු කුසුමකි ඈ....ගිටාරයෙන් play කරමු.....
8:30 AM
Rajja
8 comments
ලියතඹරා....මුදු කුසුමකි ඈ.....තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා....නෑ ලෝකේ ජීවේ ඇයයි.. ආත්මා ලියනගේ විසින් ගායනා කරන හරිම අපූරු ගීතයක්. අද මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ ලියතඹරා ගීතයේ rhythm වාදනයට යොදාගන්න පුලුවන් chords ටික. Play කරල බලන්න. නියමෙට hit වෙන song එකක්.
F C
ලියතඹරා....මුදු කුසුමකි ඈ.....
Bb Dm
තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා....
C Am Dm
නෑ ලෝකේ ජීවේ ඇයයි..
C Am Dm
නෑ ලෝකේ ජීවේ ඇයයි..
ලියතඹරා....මුදු කුසුමකි ඈ.....
Bb Dm
තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා....
C Am Dm
නෑ ලෝකේ ජීවේ ඇයයි..
C Am Dm
නෑ ලෝකේ ජීවේ ඇයයි..
Saturday, January 1, 2011
Box ගිටාරය ගැන වැරදි ආකල්ප - Physics වලින් පැහැදිලි කිරීමක්
12:24 AM
Rajja
9 comments
අලුත් අවුරුද්දකුත් ලබමින් තිබෙන මොහොතක තමයි අද post එක මම ලියන්නේ. අලුත් අවුරුද්දට දාන පළවෙනි post එක විදියට මම මේ මාතෘකාව තෝර ගත්තේ විශේෂ හේතූන් මත. Box ගිටාරයේ ක්‍රියාකාරීත්වය පිළිබදව ඔයගොල්ලන්ට කියල දෙන එක තමයි මේ post එකේ අරමුණ. යම් කිසි වැරදි අදහසක් තිබ්බ නම් ඒක නැති කරගන්නත් මේ ලිපිය ගොඩක් උදව් වේවි.ඒ වගේම තමයි ඔයගොල්ලන් දන්න කරුණු බෙදා හදා ගන්න කියලත් පාඨක ඔබ සැමට ආරාධනා කර සිටිනවා.
හරි,, දැනට අපි දන්නවා box ගිටාරය කියන්නේ acoustic instrument එකක් කියලා. හැබැයි මතක තියාගන්න electric, semi- acoustic කියලත් ගිටාර් වර්ග තියෙනවා. හැබැයි ඕනම ගිටාරයක එකම මූලධර්මයක් තමයි පාවිච්චි වෙන්නේ. වෙනසකට තියෙන්නේ technology එක දියුණු වෙන කොට ගිටාරයත් ඊට අනුරූපව වෙනස් වුන එක විතරයි.
අපි දන්නවා සාමාන්‍ය ගිටාරයක කම්බි 6ක් තියෙනවා. මේ කම්බි හය එකිනෙකට වෙනස්.ඒක නිසා තමයි strings හයේ sound එක එකිනෙකින් වෙනස් වෙන්නේ.මේක වෙන්නේ කොහොමද?