Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Thursday, February 24, 2011

Major guitar scales සරලව මුල සිට ඉගෙන ගනිමු....

                       සති කිහිපයකින් පස්සෙ තමයි post එකක් දාන්නෙ. තව සතියකින් campus එකේ semester end exam එක. මේ දවස් වල ටිකක් මහන්සි වෙලා පාඩම් කරනවා.ඒක නිසා තමයි අලුත් post එකක් දාන්න බැරි වුනෙ. කලින් post එකේදි මම කිව්වා guitar scales ගැන කියලා දෙනව කියලා. ඒක නිසා ඒ ලිපි මාලාවේ පළවෙනි post එක විදියට මේ ලිපිය ලියන්න තීරණය කලා. 

                   මගේ video tutorials ටික නම් සෑහෙන පිරිසක් බලල තියෙනවා. මම හිතනවා ඒ හැම කෙනෙක්ම ඒ videos වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඒව බලපු නැති කෙනෙක් ඉන්නවනම් පහල තියෙන links වලින් ගිහින් බලල එන්න.

               1st video tutorial                        2nd video tutorial

එහෙනම් අද කුප්පිය පටන් ගමු. අද මම කියල දෙන්නේ theory part එකක්. මොකද හුගක් අය guitar එක play කරන්නේ "ගිරවා" ක්‍රමයට. ඒ කිව්වේ යම් කිසි රූප සටහන් ටිකක් බලල chords play කරනව මිසක් ඒ සම්බන්ධව තියෙන සිද්ධාන්ත පාවිච්චි කරන්නෙ නැහැ. ‍Guitar play කරන අයගෙන් මේ guitar theory කියන කොටස දන්නේ බොහොම ටික දෙනයි. ඒක නිසා මහන්සි වෙලා මේක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න. බොහොම සරල සිද්ධාන්තයක් තමයි තියෙන්නෙ. මොකද Guitar chords නිර්මාණය වෙන්නේ guitar scales වලින්.

Thursday, January 27, 2011

I'm out of Colombo for 3-4 days............

              Hey all,,I'm going out of Colombo for 3-4 days. There fore i won't be able to update the blog. So please keep practicing the lessons I introduced to you. I will put new lessons as soon as I can after coming back. Until that keep practicing.:-)


LESSON 1


LESSON 2

Tuesday, January 18, 2011

2වෙනි VIDEO TUTORIAL එක - Improvising fret board......


                  අද මම දෙවෙනි video lesson එක ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ. මගේ පළවෙනි lesson එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා. ඒක නිසාම දෙවෙනි lesson එකත් ඉක්මනට ඉදිරිපත් කරන්න තීරණය කලා. පළවෙනි lesson එක බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් lesson එක බලල එන්න. ඒ lesson එක විශේෂයෙන්ම ආධුනිකයන්ට හදපු lesson එකක්. ඒක නිසා මේ lesson එකට කලින් 1වෙනි lesson එක කියවල එන්න.

                 ඒ වගේම තමයි මම blog එකට සම්බන්ධව Face book Fan Page එකක් හැදුවා. කට්ටියට පුලුවන් නම් මෙතනින් ගිහින් ඒකට "like" එකක් දාලා එන්න. ඒ වගේම තමයි පුලුවන්නම් තම තමන්ගේ යාලුවන්ටත් page එක suggest කරලා invitations යවන්න.

                හරි,,එහෙනම් දැන් lesson එක පටන් ගමු.1වෙනි lesson එකේ විදියට practice කරපු අයට දැන් ටිකක් ඇගිලි හුරු ඇති කියලා මම හිතනවා. අපි 1වෙනි lesson එකේදි කලේ 6වෙනි string එකේ 1->2->3->4->1->2->3->4 කියන frets රටාව play කරපු එක. අද අපි ඒ අභ්‍යාසය ටිකක් වෙනස් කරලා යම් කිසි රටාවකට fret board එකේ පල්ලෙහාටයි, උඩටයි practice කරන්නයි යන්නේ. ‍කලින් අභ්‍යාසයේ අපි play කලේ 6වෙනි string එක විතරයි. නමුත් අද පාඩමේදි strings හයම play කරනවා. ඒක නිසා ටිකක් විතර මුලදි අමාරු වෙයි.
              පල්ලෙහා image එකේ තියෙන්නේ අද අපි practice කරන්න යන රටාව තමයි. මම මේක කලින් ලිපියකදිත් පල කරල තියෙනවා.

Saturday, January 15, 2011

Guns N' Roses_Sweet Child O' Mine_Guitar Cover_By rajitha


                      
                 අද මම කරපු පළවෙනි guitar cover එක බ්ලොග් එකට එකතු කරන්නයි යන්නේ. Guns N' Roses band එක ගැන නම් ඕන කෙනෙක් අහල ඇති. Rock music වලට ආස අය අනිවාර්යෙන් මේ song එක අහලත් ඇති. Band එකේ vocalist "Axl Rose" තමන්ගේ පෙම්වතියට ලියපු ගීතයක් තමයි Sweet Child O' Mine කියන්නෙ. මේ song එකේ lead parts play කරන්නෙ "Slash". 

                 YOU TUBE එකෙන් බලනවනම් මෙතනින් click කරල බලන්න පුලුවන්.



              මේක play කරන්න මම guitar backing track එකක් පාවිච්චි කරල තියෙනවා. ඒකෙදි Drums, Base සහ Vocals tracks තුන play වෙනවා. එතකොට lead and rhythm track එක තමයි මම play කරන්නෙ. පළවෙනි guitar cover එක නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. Pedal එකක් පාවිච්චි කලේ නැති නිසා distortion effect එක නම් එච්චරම quality නැහැ. Amp එකෙන්ම තමයි distortion effect එක අරගත්තේ.

             සිංදුවේ මැදදි එන solo එකත් ලගදීම cover කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේක ඔයගොල්ලන්ට රසවිදින්න පුලුවන් වෙයි කියලා.ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ අදහස් එක් කරන්න පුලුවන් නම් මම ඒක ගොඩක් අගය කරනවා.

Wednesday, January 12, 2011

1වෙනි VIDEO TUTORIAL එක - Simple fingering exercises......

               

               මගේ පළවෙනි ගිටාර් කුප්පියේදී මම ආධුනිකයන්ට ගැලපෙන අභ්‍යාසයක් කියල දුන්නා. ඒක කියවපු අයට සමහර විට මතක ඇති. අද ඒ අභ්‍යාසයට අදාල video lesson එක තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම හුගක් අය මේ අභ්‍යාසය දන්නවත් ඇති. 6වෙනි string එකේ 1->2->3->4->1->2->3->4 කියන frets රටාව තමයි අභ්‍යාසය.මේක අපි මූලික වශයෙන්ම ප්‍රගුණ කල යුතු අභ්‍යාසයක්.හුගක් අයට තියෙන ප්‍රශ්ණයක්නෙ සුළැගිල්ල හුරු නැතිවීම(pinky error). ඒකට විසදුමක් විදියටත් අපිට මේ අභ්‍යාසය යොදාගන්න පුලුවන්. සුළැගිල්ල හුරු නැහැ කියන්නේ අපේ වම් අතෙන් 25% ක් අපතේ යනවා කියන එක(දකුණත් වාදකයෙක්ට). 

               මේ අභ්‍යාසය මම කොටස් 3කට බෙදලා තියෙනවා.ඒ කිව්වෙ,

             1.Beginner          2.Beginner-Intermediate          3.Moderate

  යන ආකාර වලට. මේකෙදි මූලික වශයෙන් වැදගත් වෙන්නේ හරි ආකාරයට play කරන එකයි speed එක maintain කරන එකයි. "Beginner" lesson එක ආධුනිකයන්ට වඩා සුදුසුයි. "Beginner- Intermediate" lesson එකේදි speed එක දෙගුණයක් කරල play කරනවා. ඒ වගේම තමයි "Moderate" lesson එකේදි speed එක තුන් ගුණයක් දක්වා වැඩි වෙනවා. ඒ වගේම තමයි 2වෙනි, 3වෙනි lessons වලදි speed එක අඩු වැඩි කරනවා ඇගිලි වලට rest එකක් දෙන්න ඕනෙ නිසා.;-)  ඒ වගේම අපි pick එකක් පාවිච්චි කරනවනම් අභ්‍යාසයට අදාලව ඒක පාවිච්චි කරන ආකාරය පල්ලෙහා තියෙන video එකේ තියෙනවා.(Down -> Up -> Down -> Up.....)

How to use the guitar pick...


Sunday, January 9, 2011

Strings කඩාගන්නෙ නැතුව Guitar එක TUNE කරගන්න ක්‍රමයක්......

                    සමහර විට ඔබ ආධුනිකයෙක් නම් ඔබටත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඇති.Tune කරන්න ගිහිල්ල මගේ අතිනුත් strings කැඩිලා තියෙනවා. විශේෂයෙන්ම E 1st එකයි, B 2nd එකයි. ඒ කිව්වෙ සිහින්ම කම්බි දෙක. 



                  මම කලින් ලිපි වලදි පැහැදිලි කලා guitar එක tune කරන ආකාරය ගැන. ඒ ලිපි කියවපු නැති අය ඒ අදාල ලිපි කැමති නම් කියවලා එන්න. 

Blog template is being developed....

             
        Hi all. Blog template of " Box ගිටාරය Play කරමු......" is being developed right now. So please kindly ignore any issues in posts and the appearance of the blog. All those issues will be fixed within day or two. Thank you....:-))))

Minor Guitar Chords..........

           මේ post එක rhythm play කරන අයට ගොඩක් වැදගත් වේවි. මේකෙ තියෙන්නෙ minor guitar chords වලට අදාල diagrams ටික. ඒ වගේම තමයි chords වල play කරන්න ඕනෙ strings ටිකත් මේ images වල පෙන්නල තියෙනවා.මේ chords වලට අපි පොදුවෙ කියන්නෙ open chords කියලයි.

O - "O" අකුරෙන් කියන්නේ අදාල string එක play කරන්න ඕනෙ කියලයි...

X - "X" අකුරෙන් කියන්නේ අදාල string එක play කිරීමෙන් වලකින්න ඕනෙ කියලයි...


           C minor (Cm)                                      D minor (Dm)

Saturday, January 8, 2011

Major Guitar Chords...........

                       මේ post එක rhythm play කරන අයට ගොඩක් වැදගත් වේවි. මේකෙ තියෙන්නෙ major guitar chords වලට අදාල diagrams ටික. ඒ වගේම තමයි chords වල play කරන්න ඕනෙ strings ටිකත් මේ images වල පෙන්නල තියෙනවා.මේ chords වලට අපි පොදුවෙ කියන්නෙ open chords කියලයි.

O - "O" අකුරෙන් කියන්නේ අදාල string එක play කරන්න ඕනෙ කියලයි...

X - "X" අකුරෙන් කියන්නේ අදාල string එක play කිරීමෙන් වලකින්න ඕනෙ කියලයි...


            C major                                                  D major

How to buy your first guitar ? ආධුනිකයෙක් මොනවද දැන ගත යුත්තේ... ?

                
                  Guitar එක play කරන්න ඉගෙන ගන්න එක fun වැඩක් වගේම, සමහර විට ඒක ජීවිත කාලයටම රදා පවතින විනෝදාංශයක් බවටත් පත්වෙනවා. සමහරුන් දවසේ විඩාව නිවාගන්න කියල guitar එක play කරනවා. තවත් සමහර අය music band එකක guitar play කරනවා. සමහර අය විනෝදාංශයක් විදියට guitar එක play කරනවා( මං වගේ. ;-) ). නමුත් අපිට වාදන හැකියාව උපතින්ම පිහිටන්නේ නැහැනෙ. ඒක නිසා  ටිකක් කැපවීමෙන් මේක ඉගෙන ගන්න ඕනෙ. වැඩෙ ටිකක් අමාරුයි තමයි. ඒත් කැපවීමෙන් කළොත් නම් හිතන තරම් අමාරු නැහැ.:-)

                    Guitar කිව්වමත් දැන් එක එක ජාතියේ guitar තියෙනවනේ.මම කලින් ලිපියක් පල කලා කොහොමද තමන්ට ගැලපෙන ගිටාර් වර්ගය තෝරගන්නෙ කියලා. ඒක මෙතනින් ගිහිල්ලා කියවල එනවනම් වඩාත් හොදයි.මොකද ඒ ලිපිය තමයි blog එකේ ජනප්‍රියම ලිපිය වෙලා තියෙන්නෙ.අද ඒ ලිපියේ දෙවෙනි කොටස ලියන්නයි යන්නේ.

Tuesday, January 4, 2011

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.....ගිටාරයෙන් play කරමු...

                   තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.....කසුන් කල්හාරයන්ගේ පළවෙනි album එකේ තියෙන අපූරු ගීතයක්.සරල නිර්මාණයක් විදියට පෙනුනත් සින්දුවේ සෑහෙන වැඩකෑලි තියෙනවා.අද ඉදිරිපත් කරන්නේ මේ ගීතයට අදාල chords ටික. සිංදුව අහල තියෙන අයට වැටහෙන්න ඇති මේකේ finger picking style එකට තමයි background එකෙන් box guitar එක play වෙන්නේ කියලා.හැබැයි normal strum කරත් අවුලක් නැහැ.‍මේ chords ටික finger picking හරි normal strumming හරි ඕන ක්‍රමයකට play කරන්න පුලුවන්. Chords වල නම් දැක්කට බය වෙන්න එපා.එච්චර අමාරු chords නෙමෙයි ‍තියෙන්නේ.ආධුනිකයෙක්ට ගැටලුවක් එන්නේ F#m chord එක play කරද්දි. Try කරල බලන්න.


 



Intro

[[ Esus4|E|D5|E ]]- Finger picking

A              E      D          E         A|E|D|E
තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.......
A           E                  D/E                   A|E|D|E
ඔබ එන මග සරසන්නම්...     එළිය වෙලා.......
A                     E          D/E                   A|E|D|E
පිනි දිය වැටෙනා සැන්දෑ........  අහස වෙලා.......
A               E   D        E               F#m|F#m|E|D          E                A
ඔබ එනවානම්....මේ තනිකම හැරදා.....................මේ තනිකම හැරදා.....//

Monday, January 3, 2011

ලියතඹරා...මුදු කුසුමකි ඈ....ගිටාරයෙන් play කරමු.....

                   ලියතඹරා....මුදු කුසුමකි ඈ.....තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා....නෑ ලෝකේ ජීවේ ඇයයි.. ආත්මා ලියනගේ විසින් ගායනා කරන හරිම අපූරු ගීතයක්. අද මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ ලියතඹරා ගීතයේ rhythm වාදනයට යොදාගන්න පුලුවන් chords ටික. Play කරල බලන්න. නියමෙට hit වෙන song එකක්.



 




            F                C
ලියතඹරා....මුදු කුසුමකි ඈ.....
             Bb                   Dm
තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා....
C                  Am        Dm
නෑ ලෝකේ ජීවේ ඇයයි..
C                  Am        Dm
නෑ ලෝකේ ජීවේ ඇයයි..

Saturday, January 1, 2011

Box ගිටාරය ගැන වැරදි ආකල්ප - Physics වලින් පැහැදිලි කිරීමක්

             අලුත් අවුරුද්දකුත් ලබමින් තිබෙන මොහොතක තමයි අද post එක මම ලියන්නේ. අලුත් අවුරුද්දට දාන පළවෙනි post එක විදියට මම මේ මාතෘකාව තෝර ගත්තේ විශේෂ හේතූන් මත. Box ගිටාරයේ ක්‍රියාකාරීත්වය පිළිබදව ඔයගොල්ලන්ට කියල දෙන එක තමයි මේ post එකේ අරමුණ. යම් කිසි වැරදි අදහසක් තිබ්බ නම් ඒක නැති කරගන්නත් මේ ලිපිය ගොඩක් උදව් වේවි.ඒ වගේම තමයි ඔයගොල්ලන් දන්න කරුණු බෙදා හදා ගන්න කියලත් පාඨක ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

            හරි,, දැනට අපි දන්නවා box ගිටාරය කියන්නේ acoustic instrument එකක් කියලා. හැබැයි මතක තියාගන්න electric, semi- acoustic කියලත් ගිටාර් වර්ග තියෙනවා. හැබැයි ඕනම ගිටාරයක එකම මූලධර්මයක් තමයි පාවිච්චි වෙන්නේ. වෙනසකට තියෙන්නේ technology එක දියුණු වෙන කොට ගිටාරයත් ඊට අනුරූපව වෙනස් වුන එක විතරයි.




             අපි දන්නවා සාමාන්‍ය ගිටාරයක කම්බි 6ක් තියෙනවා. මේ කම්බි හය එකිනෙකට වෙනස්.ඒක නිසා තමයි strings හයේ sound එක එකිනෙකින් වෙනස් වෙන්නේ.මේක වෙන්නේ කොහොමද?

Monday, December 27, 2010

Guitar එක tune නැද්ද?? Online TUNE කර ගන්න............

            හුගක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි ගිටාර් එක ටියුන් කරගන්න එක. Electronic tuner එකක් තියෙනවනම් ඒක වැඩිය අමාරු වැඩක් නෙමෙයි. හැබැයි හැමෝටම tuner එකක් ගන්න බැරි වෙන්න පුලුවන්. ඒක නිසා online tuners ටිකක් හොයල දෙන්න ඕන කියලා මට හිතුනා. Ear එකෙන් tune කරන්න ගියත් standard tuning වලට ඕන කරන tones ටික හොයා ගන්න එකත් ටිකක් අමාරු වැඩක්. එක්කො තව ටියුන් වෙච්ච ගිටාර් එකක් ඕනෙ එහෙම නැත්නම් keyboard එකක් වගේ තව instrument එකක් ඕනෙ. ඔය ප්‍රශ්ණෙට විසදුමක් විදියට තමයි online guitar tuners තියෙන්නේ. මේ ටික මම net එකෙන් හොයා ගත්තේ. හිතනවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා.

          මේ හැම එකක්ම තියෙන්නේ open strings ටියුනින් වලට හරි යන විදියට. ඒ කිව්වේ fret board එක මත ඇගිලි තියන්නේ නැතුව string එක play කරන්න ඕනෙ. ටියුන් කරන්න කලින් strings හයම බුරුල් කරන්න. මහතම කම්බියෙ ඉදන් පිලිවෙලට සිහින්ම කම්බිය වෙනකන් ටියුන් කරන එක තමයි වඩා පහසු.


             අදාල web site එකට යන්න image එක උඩ click කරන්න.





        


Sunday, December 26, 2010

6 වෙනි Guitar කුප්පිය- Major guitar scales ඉගෙන ගනිමු......Contd.

                     මේ කුප්පිය මගේ 5 වෙනි ගිටාර් කුප්පිය හා සම්බන්ධයි. ඒක නිසා මුලින්ම මෙතනින් 5 වෙනි කුප්පියට ගිහිල්ල ආවොත් හොදයි.සුළැගිල්ල හුරු නැති අයට අද කුප්පිය ගොඩක් වැදගත් වේවි. හේතුව තමයි G major scale එකේදි එක note එකක සුළැගිල්ල පාවිච්චි වෙන නිසා.
                    
               හරි,,, දැනට අපි C major scale එක ගැනනෙ ඉගෙන ගනිමින්නේ හිටියේ. මම හිතනවා කුප්පි එක්ක සම්බන්ධ වෙන අය C major scale එක practice කරන්න ඇති කියලා. මම කලින් කිව්වා වගේ scales පුරුදු වෙනවා කියන්නේ අභ්‍යාසයක් වගේම,, ගිටාර් එකේ structure එක අදුනගන්නත් වැදගත් වෙනවා. ඒක නිසා ඕනම guitarist කෙනෙක්ට scales පුරුදු වෙන එක මම දකින විදියට අත්‍යවශ්‍ය කාරණයක්. 

              එහෙනම් අපි G major scale එකට අදාල notes ටික බලල ඉමු. මම කලින් කිව්ව වගේම G major scale

Saturday, December 25, 2010

5 වෙනි Guitar කුප්පිය- Major guitar scales ඉගෙන ගනිමු........

             අද කුප්පිය ඕනම guitarist කෙනෙක්ට වැදගත් වෙන එකක්. මොකද guitar scales කියන්නේ fret board එකට හුරුවෙන්න තියෙන පහසුම ක්‍රමයක්. ඒක නිසා rhythm guitarist කෙනෙක් වේවා,,lead guitarist කෙනෙක් වේවා,, කවුරු වුනත් guitar scales ගැන දැනගන්න එක ගොඩක් වැදගත්. මොකද මමත් scales play කරන්න ඉගෙන ගත්තේ guitar එක play කරන්න පටන් අරන් අවුරුදු හයකට විතරට පස්සේ.:-)



           මෙහෙමයි,,ඇත්තටම scales play කරන එක එක්තරා ආකාරයකට අභ්‍යාසයක් විදියටත් නම් කරන්න පුලුවන්. හේතුව තමයි scales ප්‍රගුණ කිරීමෙන් අපිට වම් අතේ ඇගිලි( දකුණත් වාදකයන්ට) හුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. වි‍ශේෂයෙන්ම අපේ සුළැගිල්ල හුරු කර ගන්න සමහර scales ගොඩක් උපකාරි වෙනවා.සුළැගිල්ල හුරු නැති වීම ගොඩක් අයට ප්‍රශ්ණයක්නෙ.උදාහරණයක් විදියට G major scale එක නම් කරන්න පුලුවන්.    

Friday, December 17, 2010

4 වෙනි Guitar කුප්පිය- RHYTHM Guitaristලට ආරම්භයක්........

                       හරි..අපි මුලින්ම බලමු Rhythm guitarist කෙනෙක් කියන්නෙ කවුද කියලා. Rhythm play කරන අය නම් දන්නවා ඇති,,,,Rhythm වාදනය කිරීම ඇත්තටම පසුබිම් වාදනයකට සමාන කරන්න පුලුවන්.ඒකෙදි සිද්ධ වෙන්නේ ගායනයට සහ ගීතයට අදාල chords ගිටාරය මගින් වාදනය කිරීමයි. Keyboard(organ) player කෙනෙක්ට වුනත් මේ chords play කරන්න පුලුවන්.නමුත් ගිටාරයකින් play කරද්දි ඒක ගීතයට අමුතු ගතියක් එක්කරනවා. ඇත්තටම box ගිටාර් එකකින් rhythm play කිරීම වඩාත් උචිත වෙන්නෙ acoustic play කරද්දි.ඒ කිව්වේ electronic instruments නැතුව play කරන අවස්ථා වලදි.නමුත් එහෙම සීමා කිරීමක් නම් නැහැ.මගේ අදහසක් ප්‍රකාශ කලේ.එහෙනම් කුප්පිය පටන් ගමු...

                   

                  අපි මුලින්ම බලමු basic guitar chords මොනවද කියලා.වෙන වෙනස් ගිටාර් chords ඉතා විශාල ප්‍රමාණයක් ලෝකයේ භාවිතා වෙනවා. Major chords, minor chords, seventh(7th) chords, sustained chords .... ඒ අතරින් ප්‍රසිද්ධ වර්ග කිහිපයක්. මේ හැම එකක්ම වෙන වෙනම ප්‍රගුණ කරන එක තමයි වඩා උචිත. ඒක නිසා අපි ආරම්භයක් විදියට major chords

Tuesday, December 14, 2010

ගිටාර් කුප්පි නැවතත්.....:-))))))

                
                  සෑහෙන කාලෙකට පස්සේ,,,නැවතත් බ්ලොග් එක පටන් ගන්න ඕනෙ කියලා හිතුනා. ටික කාලයකට මුකුත් ලියන්න බැරි වුන එක ගැන මම කණගාටු වෙනවා.ගිටාර් කුප්පි දාන වැඩෙත් අතරමග නතර වුනේ campus එකේ academic වැඩ නිසා.නවත්තපු තැන ඉදන් ආයෙත් පටන් ගන්න තමයි අදහස.හැබැයි,,මෙච්චර කාලයක් දාපු කුප්පි වලින් යම් පිරිසක් ප්‍රයෝජන අරගෙන තියෙනවා(comments බැලුවම මට තේරුම් ගියා).ඒක ගැන මට ඇත්තටම සතුටුයි.කලින් සම්බන්ධ වුන අයටයි,,අලුත් පාඨකයින්ටයි හැමෝටම ආරාධනා කරනවා කුප්පි වලට සෙට් වෙන්න කියල.ඉස්සරහට අලුත්ම ලිපි මාලාවක් සමගින් ඔබව හමු වෙන්නම්.ADIOS......

Thursday, July 15, 2010

මේ දවස් වල Campuz එකේ exam.......:((((((((

     අද නම් ලෑස්ති වෙන්නෙ කුප්පියක් දාන්න නෙමෙයි.මේ දවස් වල campz එකේ exam.ඒක නිසා බ්ලොග් එකේ වැඩේ පොඩ්ඩක් අතපසු වෙලා තියෙන්නෙ.ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනෙ.වෙලාව ලැබෙන විදියට අලුත් ලිපි ලියන්න උත්සහ කරනවා.බ්ලොග් එකත් එක්ක දිගටම රැදිලා ඉන්න.:))))))))))))))

Sunday, July 4, 2010

3වෙනි Guitar කුප්පිය - LEAD Guitaristලට ආරම්භයක්...........

         අද කුප්පියෙන් බලාපොරොත්තු වෙන්නෙ lead guitarist කෙනෙක් වෙන්න ආස අයට අවශ්‍ය අභ්‍යාස ටිකක් කියල දෙන්න. ඒ වුනාට මේක ඕනෑම guitarist කෙනෙක්ට වැදගත් වෙන ලිපියක් වෙයි. මොකද කියනවනම් fret board එක මත ඇගිලි මනාව හැසිරවීමට මේ අභ්‍යාස උපකාරී වෙන නිසා.දීල තියෙන අභ්‍යාස එකින් එක practice කරන්න.මුලින් අඩු වේගයකින් පටන් අරගෙන පස්සේ speed එක වැඩි කරන්න.දවසකට අවම වශයෙන් පැයක් දෙකක් වත් practice කරන්න වෙයි.එහෙම නැතුව නම් මේ කලාව ඉගෙන ගන්න අමාරුයි.ඒක නිසා මහන්සි වෙලා practice කරලා මේ බ්ලොග් එකෙන් උපරිම ප්‍රයෝජනය අර ගන්න.....

         හරි.මම කලින් ලිපියකදී ආරම්භයක් විදියට පුංචි අභ්‍යාසයක් දුන්නා.ඒක හැමෝම කරන්න ඇති කියල හිතනවා.ඒක කියවපු නැති කට්ටිය මෙතනින් ඒක කියවන්න.අද ඒ සරල අභ්‍යාසය තව දුරටත් වැඩි දියුණු කරල පුරුදු වෙමු.

1)
      මේක තමයි අභ්‍යාසය.කට්ටිය කලබල වෙන්න එපා.‍අමාරුයි වගෙ පෙනුනට මේක සරලයි.කලින් අභ්‍යාසයේ වගේ 6වෙනි string එකෙන් පටන් ගන්න(1-->2-->3-->4).ඊට පස්සේ ඒ ඇගිලි හසුරවපු ආකාරයටම 5වෙනි string එකෙ දෙවෙනි fret එකේ ඉදලා පටන් ගන්න.ඊට පස්සේ 4වෙනි string එකෙ තුන්වෙනි fret එකෙන් පටන් ගන්න.මේ විදියට 1වෙනි string එකත් ඉවර කරන්න.ඊට පස්සෙ තමයි ටිකක්

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates