Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Friday, June 25, 2010

1වෙනි Guitar කුප්පිය - Basics ඉගෙන ගනිමු.........

               ඔන්න මගේ පළවෙනි ගිටාර් කුප්පිය දාන්නයි අද සූදානම් වෙන්නේ.ඕනෑම දෙයක් ඉගෙන ගන්න කලින් ඒ හා සම්බන්ධ මූලික දේවල්(basics) දැනගෙන ඉන්න එපැයි.ඉතින් අද මම බලාපොරොත්තු වෙන්නෙ ඔන්න ඔය basics ටික කට්ටියට කියල දෙන්න.මේව ගැන දන්න අයත් ඉන්නවා ඇති.ඒ වුනාට ආධුනිකයෙක්ට මේ කරුණු ගොඩක් වැදගත් වේවි.ඒක නිසා හැමෝටම ‍තේරෙන විදියට සරලව කියල දෙන්නම්.මේ කුප්පිය දකුණත් ගිටාර් වාදකයෙක් පාදක කරගෙන නිර්මාණය කරන ලද එකක් නිසා වමත් කරුවන් මුලින්ම මේක කියවල ඉන්න.

                හරි,,එහෙනම් අපි මුලින්ම බලමු ගිටාර් එකක්  play කරන්න ලේසි වෙන විදියට අල්ලගන්නේ කොහොමද කියලා(How to hold the guitar).ගිටාර් එකක parts නම් කරල තියෙන විදිය කට්ටිය දන්නව නෙ.අලුතෙන් බ්ලොග් එකත් එක්ක එකතු වෙන අය පල්ලෙහා image එක බලන්න.
                                                                             
             හොදයි.දැන් පල්ලෙහා තියෙන images දෙක හොදට නිරීක්ෂණය කරන්න.



















මේක තමයි සාමාන්‍යයෙන් box ගිටාර් එකක් අල්ලන විදිය.ගිටාර් එකේ box එක දකුණු කකුල උඩ තබාගන්න හින්ද, අත් වලට දැනෙන බර අඩුයි.ඒක නිසා ගිටාර් එක ප්ලේ කරන එක ගොඩක් පහසු කාර්යයක් වෙනවා.ඒ ව‍ගේම තමයි ගිටාර් එකේ neck එක කියන කොටස හැම තිස්සෙම තිරසට ආනත කරල තියාගෙන play කරන්න ඕනෙ.මේ නිසා වාදකයාගේ වම් අතට දැනෙන බර හුගක් දුරට අඩු වෙනවා.Chords play කරද්දි හරි, lead parts play කරද්දි හරි වම් අතට ගිටාර් එකේ බර දැනෙන්න දෙන්න නරකයි.ඒක නිසා හැම තිස්සෙම neck එක තිරසට ආනත කර තබා ගත යුතු වෙනවා.පල්ලෙහා පෙන්නල තියෙන්නෙත් ඒකම තමයි.:-))

                  හොදයි.මීලගට අපි මූලික අභ්‍යාස ටිකක් පුහුණු වෙමු.මේ අභ්‍යාස වලට කලින් හැමෝම දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා.අපි මුලින්ම ඒ ටික ඉගෙන ගමු.

    1).අභ්‍යාස පුහුණු වීමේ පහසුව සදහා වම් අතේ ඇගිලි අංක කර ගැනීම.
                  මේක ගොඩක් සරල දෙයක් කියල හැමෝටම තේරෙනවනෙ.ඒක නිසා පල්ලෙහා image එකට අනුව වම් අතේ ඇගිලි වලට අදාල අංක මතක තියාගන්න.:-)




    2). ගිටාර් එකේ fret board එක සහ strings හදුනාගැනීම.

  සාමාන්‍යයෙන් fret board එකක් අංක කරන්නේ මෙහෙමයි.Guitar chords ඉගෙන ගන්න කොට මේක ගොඩක් වැදගත් වෙනවා.

      ඊළගට අපි ගිටාර් එකේ strings හය හදුනගමු.ඊට කලින් මේ image එක බලල ඉන්න.

               සාමාන්‍යයෙන් අපි ගිටාරය ගැන හදාරන්නේ western notation එකෙන්.ඒක නිසා ස්වර අංකනය ගැන හොද අවබෝධයක් තියාගන්න.:-)

           මේ තියෙන්නේ ගිටාර් එකේ open strings වල notation එක."Open"  කියල කියන්නේ fret board එක මත ඇගිලි කිසිවක් තියන්නේ නැතිව, තියෙන විදියටම play කරන කොටයි.5වෙනි සහ 6වෙනි strings වලින් එන්නේ base sound එකක්.ඉහත ආකාරයට ස්වර පිහිටන්නෙ ගිටාර් එක හරියට tune කරල තියෙනවනම් විතරයි.ගිටාරය tune කරන එක ගැනත් කියන්න ඕනෙ.ආධුනිකයෙක්ට නම් වඩාත් සුදුසු පලපුරුදු කෙනෙක්ට කියල මුලින්ම ගිටාර් එක tune කරගන්න එක.ගිටාර් එකක් practice කරද්දි අනිවාර්යයෙන් standard tuning තියෙන්න ඕනෙ.ඒක නිසා මුලදි පලපුරුදු කෙනෙක්ට කියල tune කරගන්න.

   3).Play කරන්න කලින් ගිටාර් එකේ standard tuning තිබේදැයි බැලීම.

            මේක මම කලින් කිව්ව වගේ ආරම්භයෙදි පලපුරුදු කෙනෙක් මාර්ගයෙන් කරගන්න.

   4).වම් අතින් guitar neck එක අල්ලන අයුරු...

     වම් අතේ ඇගිලි fret board එක මත හැසිරවීම පහසු කරගන්න නම් පහත අයුරින්  guitar neck එක අල්ලන්න ඕනෙ.

  මේ විදියට අල්ලන්න එපා.එතකොට ඇගිලි හසුරවන්න ටිකක් අමාරුයි.


   5). ගිටාර් pick එක අල්ලන ආකාරය...






   
             හ්ම්ම්...මම හිතන්නෙ දැනට ඔය ටික ඇති.ඒක නිසා සරල අභ්‍යාසයක් පුරුදු වෙමු.පල්ලෙහා තියෙන විදියට පුරුදු වෙන්න.මුලදි ටිකක් අමාරු වෙයි.ඒත් කැපවීමෙන් කරන්න. "Every begining is some what hard" කියන‍වනෙ.:-D

               Images වල තියෙනව වගේ ඇගිල්ල තියන්න ඕනෙ fret එකක හරි මැදට විතර වෙන්න.ලොකු බලයක් යොදල strings තද කරන්න එපා.ඒ වගේම තමයි ඇගිල්ල තිබ්බට පස්සේ pick එකෙන් අදාල string එක play කරල බලන්න පැහැදිලි,තියුණු sound එකක් ඇහෙනවද කියලා.string එක තද කරන බලය අඩු වැඩි කරල මේක හොයා ගන්න පුලුවන්.

1 රූපය
2 රූපය
3 රූපය
4 රූපය
             කහ පාටින් පෙන්නල තියෙන්නෙ මම උඩදි කිව්ව වගේ වම් අතෙ ඇගිලි වලට අදාල අංක ටික.1 රූපයට අනුව පැහැදිලි කරනවනම්,, මුලින්ම 6වෙනි string එකේ උඩම fret එක "1" ඇගිල්ලෙන් තද කරල pick එකෙන්  6වෙනි string එක play කරන්න.ඊට පස්සේ 6වෙනි string එකේම 2වෙනි fret එක "2" ඇගිල්ලෙන් තද කරල pick එකෙන්  6වෙනි string එක play කරන්න.ඊට පස්සේ ඊට පස්සේ 3වෙනි fret එක,,4වෙනි fret එක.මේ විදියට එක වටයක් ඉවර වුනාම නැවත මුල ඉදල පටන් ගන්න.
  මේ විදියට strings හයටම play කරල practice කරන්න.මුලදි අඩු වේගයකින් play කරන්න.පස්සේ speed එක වැඩි කරල play කරන්න.


එහෙනම්,, අදට මම මෙතනින් නවත්තනවා.පළවෙනි කුප්පිය නිසා අඩුපාඩු තියෙන්නත් පුලුවන්.ප්‍රශ්න තියෙනවනම් අහන්න..ADIOS................

50 comments:

තුෂාර said...

නියමයි මිත්‍රයා.... සරළයි.. පැහැදිලියි.. දිගටම කුප්පිය දාන්න...!!

මයියා said...

බොහො පරිශ්‍රමයක් යොදා කල අපුරු ලිපියක්..දිගටම කරගේන යන්න..වමත් ගිටාර් කරුවන්ට වෙනම ගිටාර් තියෙනවද?

Unknown said...

සරලයි.. පැහැදිලියි.. නියමයි!

ප්‍රනීත් ධනුශ්ක said...

අනේ වම් අත පුරුදු අයටත් පුලුවන්නන් උදවු කරන්නවද?

Shadow/හේමලයා said...

නියමයි.....

Anonymous said...

වම් අත හුරු අයට හොදම දේ තමයි ගිටාර් එකේ වයර් ටික මාරු කරන එක. ඒ කියන්නේ 1-6, 2-5, 3-4 විදිහට මාරු කරලා දාන එක. හැබැයි කොහොමත් වම් අප හුරු අයත් මුල ඉදලම මේ විදිහට ඉගෙන ගන්නවනම් අමාරුවක් වෙන්නෙ නැහැ. එකම දේ ටිකක් කාලය ගත වෙන එක විතරයි. කොහොමත් දිගටම පුහුණුව නැත්නම් මොනම වාදන භාණ්ඩයක්වත් වාදනය කරන්න බැහැ. මමත් ඒ කාලෙ අංක 1 සංගීත කණ්ඩායම් වල බේස්, රිදම් සහ ලීඩ් කියන තුනම වාදනය කලා. දැන්නම් ඒ විදිහට වාදනය කරන්න අමාරුයි පුහුණුව නැති නිසා...... මේ අංශය පිළිබද ලියන්න මමත් හිතේ තියන් හිටියට මට කාලය හොයා ගන්න බැරිවුනා. ඔබගේ මෙම උත්සාහය කොහොම වුනත් අගය කල යුතු බ්ලොගයක්අති විශිෂ්ඨයි. මමත් දන්න දෙයක් තිබුනොත් එකතු කරන්නම්. දිගටම ලියන්න..... ජයවේවා....

Tharindu Edirisinghe said...

දිගටම ලියන්න. ගොඩාක් ප්‍රයෝජනවත් ලිපියක්.

Anonymous said...

දිගටම ලියන්න..
ජයවේවා සහෝදරයා...!!

Anonymous said...

මමත් ගිටාරයක් අරගෙනම සෙට් වෙන්න හිතුවා.
දිගටම ලියනවා නේද පන්ති නැ මට ඉගන ගන්න මම මැදවච්චියෙන්
කපිල.

Anonymous said...

i am a novice to the field and im still find difficulties in tunning the guitar properly. cud u pls tell me any means of tuning with out a assistance of a expert. Here, im expecting any informations abt softwares or electronic tuners.
thnx.
kanchana

Rajja said...

@ තුෂාර : ස්තුතියි සහෝදරයා...දිගටම කරන්න තමයි අදහස..:))

@ Yasela Sumanasinghe : බොහොම ස්තුතියි ඔබටත්...ඔබේ ප්‍රශ්නයට පිළිතුර "ඔව්" කියන එක.වමත් කරුවන්ට නිර්මාණය කරපු ගිටාර් තියෙනවා(left handed guitar).ඒ වගේම තමයි "kawshalatec" උඩ comment කරල තියෙනව වගේ දකුණත් කරුවන්ගේ ගිටාරයක strings හුවමාරු කිරීම.මේක ගැන මම post එකක් ලියන්නම්...:)

@ වැම්පයර් : ස්තුතියි සහෝ....

@ ප්‍රනීත් ධනුශ්ක : කිසි ප්‍රශ්නයක් නැහැ.උදව් කරන්නම්.මගේ ඊළග post එක බලන්න...

@ Shadow/හේමලයා : නියමයි නේ!!! හි හි..ස්තුතියි..

@ kawshalatec : මුලින්ම කියන්න ඕනෙ ඔබෙ comment එක නම් හරිම අපූරුයි.ඒක ආධුනිකයන්ට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්.සතුටුයි ඔබව දැනගන්න ලැබීම ගැන.ඔබේ දැනුම මේ බ්ලොග් එක හරහා බෙදාදීම ගැන ඔබට ගොඩක් ස්තුති වන්ත වෙනව.ඉස්සරහටත් මේ වගෙම ඔබෙ අදහස් පල කරන්න.ඔබට ජය....

@ thariya,Anonymous : ස්තුතියි ඔබ දෙදෙනාට..අනිවාර්යෙන් ලියන්නම්...:)))

@ Anonymous(මැදවච්චිය) : ඔව්..මම දිගටම ලියනවා හැකි හැම වෙලාවකම.බ්ලොග් එකත් එක්ක රැදිලා ඉන්න.මේ බ්ලොග් එකෙන් උපරිම ප්‍රයෝජනය අරගන්න.

@ kanchana : sure.I will do that.I'm gonna write a new post on "how to tune a guitar".Keep in touch with the blog.You will learn how to tune a guitar even without a software or electronic tuners.Just KIT.:D

ශාකුන්තල | Shaakunthala said...

හ්ම්ම්.... සරලයි සුගමයි.... දැං මං පොඩි අරමුලදක් එකතු කරනවා... :P :P

Rajja said...

@ ශාකුන්තල : ස්තුතියි ඔබට.හි හි.හොදයි හොදයි...:))

Dilan maduranga said...

ස්තුතියි මචන්....සරලව කියලා තියෙනවා

Charitha said...

එල..!!

Anonymous said...

danathi kenekuta niyama maga pennvimak.thanks

robinhood said...

නියමයි සහෝ... බොහොම ස්තූතියි! මේක දිගටම කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියල පතනව. ජය වේවා!

Thoppiya said...

අලෙ මට ගිටර් එකක් ගන්න හිතුනා...
කියක් වෙනවැයි ඔයින් එකක්

ntkisuru said...

ගොඩාක් ප්‍රයෝජනවත් ලිපියක්....ගොඩාක් ස්තුතියි සහෝදරයා :)

Anonymous said...

thanks ගොඩාක් ප්‍රයෝජනවත් ලිපියක්.

තරිදු - ඇසූ පිරූ තැන් said...

ගොඩක් වටින ලිපි පෙළක් අයියේ. දිගටම ලියන්න. මේක මටම ගැළපෙන සයිට් එක. මම ගිටාර් එක ගත්තෙ මෙ ළඟදි.

නජාත් අක්‍රම් said...

පට්ටයි!! මම ගිටාර් එක ගත්තා විතරයි!! ජය වේවා!!

Anonymous said...

Hi there all, here every one is sharing these kinds of familiarity, therefore it's fastidious to read this blog, and I used to go to see this weblog daily.

Here is my webpage; acoustic guitar chords for beginners

Crypto Bot said...

ජයවේවා සහෝදරයා...!!

Anonymous said...

ela

ශාකුන්තල | Shaakunthala said...

Reading it again and again....

Unknown said...

ගොඩක් අගය කල යුතු දෙයක්.,නියමයි

Praveen said...

Thnx u vry much bro.This is really helpful for me..

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

good i like play guitar

Sagara said...

නියමයි. ආයෙත් මේ බ්ලොග් එක ලියන්න.

Anonymous said...

thanks...

lakjaya said...

saralai sugamai..api idiriyatama yamu..thanks

Chamindaster said...

thank you bro.

mandul kalitha amanda said...

Suppaa ... patta ... bro .. class ne ...oy thma teacher ...

Unknown said...

බොහෝ සෙයින් තුති////
පහනින් පහන් සිය ගණනක් ඇවුළුවද..
එපහන් සිලේ අළු අඩු නොව දිලෙන ලෙද...

Unknown said...

ela machan........

Unknown said...

Math set wenna hadanne ehenm

Unknown said...

Thanks sahoo wadenam suppppaaaaa

සහන් කල්පන said...

thankzz mcn

Unknown said...

Supiri

Unknown said...

මචන් මට කොරියා වලින් ගිටාර් එකක් හ්ම්බ උනා ඒකේ ස්ට්‍රින්ග්ස් සහ ෆ්‍රෙට් බෝඩ් එක අතර දුර හදාගන්න ඕන. කොහොමද ඒ දුර අඩු කර ගන්නේ . කිසිම adjustment point එකක් පේන්න නැහැ.

Unknown said...

හොඳට තේරුනා❤️

Lahiru said...

එල මචන්...දිගටම දාන්න

Lahiru said...

එල මචන්...දිගටම දාන්න

Janith said...

එතකොට ගිටාර් එක අල්ලන්නෙ අනිත් පැත්තට

Janith said...

එතකොට ගිටාර් එක අල්ලන්නෙ අනිත් පැත්තට

Anonymous said...

ස්තූතියි ! බෙහෙවින් ම

Unknown said...

පන්තියකට ගියා වගේ ඔබට පිං

Anonymous said...

ස්තූතියි

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates