Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Saturday, December 25, 2010

5 වෙනි Guitar කුප්පිය- Major guitar scales ඉගෙන ගනිමු........

             අද කුප්පිය ඕනම guitarist කෙනෙක්ට වැදගත් වෙන එකක්. මොකද guitar scales කියන්නේ fret board එකට හුරුවෙන්න තියෙන පහසුම ක්‍රමයක්. ඒක නිසා rhythm guitarist කෙනෙක් වේවා,,lead guitarist කෙනෙක් වේවා,, කවුරු වුනත් guitar scales ගැන දැනගන්න එක ගොඩක් වැදගත්. මොකද මමත් scales play කරන්න ඉගෙන ගත්තේ guitar එක play කරන්න පටන් අරන් අවුරුදු හයකට විතරට පස්සේ.:-)



           මෙහෙමයි,,ඇත්තටම scales play කරන එක එක්තරා ආකාරයකට අභ්‍යාසයක් විදියටත් නම් කරන්න පුලුවන්. හේතුව තමයි scales ප්‍රගුණ කිරීමෙන් අපිට වම් අතේ ඇගිලි( දකුණත් වාදකයන්ට) හුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. වි‍ශේෂයෙන්ම අපේ සුළැගිල්ල හුරු කර ගන්න සමහර scales ගොඩක් උපකාරි වෙනවා.සුළැගිල්ල හුරු නැති වීම ගොඩක් අයට ප්‍රශ්ණයක්නෙ.උදාහරණයක් විදියට G major scale එක නම් කරන්න පුලුවන්.    

            එහෙනම් මම කිව්වා වගේම C major scale එකෙන්ම වැඩේ පටන් ගමු. මොකද C major scale එක ගොඩක් අයට අහල පුරුදු එකක්. Guitar එකෙන් play කරද්දි තම තමන්ට හදුනගන්න පුලුවන්. සරලව කියනවනම් අපේ කනට පුරුදු "ස,රි,ග,ම,ප,ධ,නි,ස" C major scale එකේ play කරන එක තමයි මේකේදි වෙන්නෙ. දැන් බලනව ඇති මොකක්ද මේ C major scale එකේ play කරනවා කියන්නේ කියලා. ඒකේ අදහස තමයි අපිට වෙන scale එකක වුනත් "ස,රි,ග,ම,ප,ධ,නි,ස" play කරන්න පුලුවන්. හැබැයි sound එක වෙනස්. Music කරල තියෙන අය නම් දන්නවත් ඇති. Music කලේ නැති වුනාට අවුලක් නැහැ. මොකද මමත් music කරල නැහැ. චිත්‍ර තමයි O/L වලට කලේ.:-D Guitar එකෙන් වෙන වෙනස් scales play කරද්දි ඉබේටම වෙනස තේරෙනවා.;-)

          Scales play කරන්න කලින් දැනගන්න සහ කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මුලින්ම basics ටිකක් දැනගන්න එපැයි. මගේ 1වෙනි, 2 වෙනි සහ 3 වෙනි කුප්පි වලට ගියොත් basics ටික හදාගන්න පුලුවන්.ඒක නිසා අලුතෙන් සම්බන්ධ වෙන අය පල්ලෙහා තියෙන කුප්පි ටික ගොඩදාගෙන ආවොත් වඩාත් පහසු වේවි.



              මුලිකම දේ තමයි ගිටාර් එක tune වෙලා තියෙන්න ඕනෙ. නැත්තම් scale එකට අදාල sound එක එන එකක් නැහැ. ඒක නිසා මුලින්ම බලන්න ගිටාර් එක tune ද කියලා. නැත්තම් මෙතනට ගිහින් tune කරගෙන එන්න.

             එහෙනම්, අපි පළවෙනි scale එක play කරමු. ඒ කියන්නේ C major scale එක. C major scale එකේ සරලම ආකාරය තමයි අපි මුලින්ම ඉගෙන ගන්න ය‍න්නේ. මේකේදි notes 8ක් play වෙනවා. ඒ කිව්වේ මම කලින් කිව්ව වගේ "ස,රි,ග,ම,ප,ධ,නි,ස" කියන notes අට. පල්ලෙහා images බලන්න....

C Major Scale

    1st note :-    ඇගිලි වලට අදාල අංක මතන ඇතිනේ. 1st note එකේදී වෙදැගිල්‍ලෙන්( ring finger)න තමයි note එක අල්ලන්න ඕනෙ.                                             

     2nd note :-
                මෙතනදි පොඩ්ඩක් කියල දෙන්න ඕනෙ. 2 වෙනි note එකේදී අපි fret board එක මත ඇගිලි තියන්නේ නැහැ. මේකෙදි වෙන්නේ ගිටාර් එකේ 4වෙනි string එක open play කරන එක.ඒක නිසා තමයි උඩ image එකේ 4 වෙනි string එකට උඩින්  "O" අකුර(open)  තියෙන්නේ.මම හිතන්නේ ඒක හැමෝටම තේරෙනවා ඇති.:-)

          3rd note :- 
              4th note :-
          5th note :-
            6th note :-
           7th note :-
            8th note :-
               හරි. මේ ටික තමයි C major scale එකට අදාල notes ටික.මේ රටාව repeat කරන්න. එතකොට මේ scale එකේදී ඇගිලි 3ක් පාවිච්චි වෙනවා.ඒ කියන්නේ 1,2,3 කියන ඇගිලි.  මේකෙදි සුළැගිල්ල පාවිච්චි වෙන්නේ නැහැනෙ. ඒකට G major scale එක පුරුදු වුනාම හරි. මුලින්ම C major scale එක practice කරන්න. මතක තියාගන්න images වල තියෙන අංක වලට අදාල ඇගිලි විතරක් පාවිච්චි කරන්න. නැත්තම් මේකෙ ඇගිලි හුරු කර ගැනීමේ අභ්‍යාසයෙන් වැඩක් නැති වෙනවා.

                මේක practice කරන්නෙ මෙහෙමයි. Notes 8 නැවත නැවත play කරන්න ඕනෙ.මුලින්ම fret board එක මත ඇගිලි තියන රටාව පුරුදු වෙන්න. ඔබ ආධුනිකයෙක් නම් ඒ ක්‍රමය ඔබට පහසු වේවි. ඊට පස්සේ note එක play කරන්න. දෙකම එක් පාර කරන එක මුලදි අමාරු වේවි.මතක තියාගන්න මුලින් හිමින් play කරල රටාව පුරුදු වෙන්න.පස්සේ speed එක වැඩි කරන්න." No pain, No gain" කියල කතාවක් තියෙනවා නෙ. මේක එක දවසෙන් කරන්න බැරි වෙන්න පුලුවන්. ඒක නිසා ටික දවසක් යනකල් practice කරන්න වේවි. එක දවසකට අවම වශයෙන් පැය භාගයක්වත් play කලොත් නම් හොදයි.

           Post එක දිග වැඩි වෙන නිසා මම G major scale එක ඊළග post එකේදි පැහැදිලි කරන්නම්. මොකද ඒක රූප සටහන් සමග පැහැදිලි කිරීම වඩා පහසු වෙන නිසා. ‍C major scale එක හුරු වුනාම අපිට ඒ scale එකට අදාල solo parts play කරන්න පුලුවන්. අපි හැමෝම පුංචි කාලෙ කියපු " twinkle twinkle little star" ගීතය C major scale එකේ Play කරන්න පුලුවන්. ඒක ඊළග post එකේ දාන්නම්.කැමති නම් උත්සහ කරල බලන්න. දැන් නම් හෆොයි කියලත් හිතෙනවා ඇති. Scales ඉගෙන ගන්නේ ළමා ගීත play කරන්නද කියල හිතෙනවා ඇති. ඒත් හිතන්න කීයෙන් කී දෙනාට‍ද ඕක හරි play කරන්න පුලුවන්. සරල දෙයක් ඔස්සේ තමයි අපි basics පුරුදු වෙන්න ඕනෙ.එහෙනම් කුප්පිය ඉවර කරනවා..Adioz..........

11 comments:

Anonymous said...

ස්තූතියි

තරිදු - ඇසූ පිරූ තැන් said...

දිගටම ලියන්න අයියේ....

Tyronne Chandrasiri said...

ඇත්තටම නියමයි.....ගොඩාක් ස්තූතියි

Unknown said...

Thanks aiye.......

Anonymous said...

koo lessonss

Unknown said...

thnq vry mch aiye... digatama lynna...

Unknown said...

දිගටම ලියන්න...ගොඩාක් ස්තූතියි.......

VKMRox said...

එල මේක දිගටම කරගෙන යන්න සුබ පතනවා

Priya said...

Waaw...ela..

Unknown said...

නියමයි 👌

Unknown said...

ඇත්තටම වටිනවා...😍❤

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates