Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Tuesday, June 15, 2010

BOX එකක් ද?? CLASSICAL එකක් ද?? එහෙම නැත්තම් ELECTRIC එකක්ද??

             මම කලින් post එකේදී කිව්වා වගේ, ගිටාරයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු ගැන අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා.Title එක දැක්කම හිතෙනවා ඇති මොනවද මේ කියලා තියෙන්නේ කියලා.හි හි.ඇත්තටම සමහරුන් නම් මේ ගැන දන්නවත් ඇති.ඒත් ඉතින් නොදන්න අයත් ඇතිනෙ.ඒක නිසා හැම දෙයක්ම සරලව කෙටියෙන් පැහැදිලි කරන්නම්.:-) අද මම කියලා දෙන්නේ විවිධ ගිටාර් වර්ග ගැන......
              ඔන්න හරි.මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට දැකල පුරුදු ගිටාර් එකක්.මේ වගේ ගිටාර් එකක් අපි normal box guitar එකක් කියලා හදුන්වනවා.මේක තමයි හුගක් guitaristsලා අතර ජනප්රිය.ආධුනිකයෙක්ට මම නම් ආරම්භය ලෙස අනුමත කරන්නේ මේ ගිටාර් එක.හේතු තමයි අනෙක් ගිටාර් වලට සාපේක්ෂව මිලෙන් අඩු වීමයි,practice කරන එක පහසු වීමයි.

ඒ වගේම මේ ගිටාර් එකේ strings වලට යොදලා තියෙන්නේ යකඩ කම්බි.ඒක නිසා කම්බියක් කැඩුනත් replace කරන්න වැඩි වියදමක් යන්නේ නැහැ.සාමාන්‍යයෙන් මේකක් රු:5,000-8,000 අතර මිලදී ගන්න පුලුවන්.


              බැලු බැල්මටම මේ ගිටාර් එකෙයි, කලින් එකෙයි වෙනසක් නොපෙනෙන්න පුලුවන්.හරියට බැලුවොත් නම් වෙනස පෙනෙයි.;-)දකින්න ඇතිනේ.හරි හරි කොහොම හරි, මේ ගිටාරය හදුන්ව‍න්නේ classical(ක්ලැසියක්) ගිටාර් එකක් කියලයි.ඇත්තටම ගිටාරයේ ආරම්භය සිදුවුනේ classical ගිටාර් වලින් කිව්වොත් මම හරි මම හිතන්නේ.කෙසේ වෙතත් classical ගිටාරය කියන්නේ ඇත්තටම වෙනස් ආකාරයක feeling එකක් තියෙන ගිටාර් එකක්.ඒක play කරන විදිය,practice කරන විදිය අනෙක් ගිටාර් වලට වඩා වෙනස්.ඇත්තටම ඒක වෙනම කලාවක්.(මම මුල් කාලෙ use කලේ box ගිටාර් එකක්.පස්සේ මම classical ගිටාර් එකක් මිලදී ගත්තා.ඇත්තටම මට ඒක ලැබුනේ පිටරට හිටපු මිතුරෙකුගේ මාර්ගයෙන්.වර්තමානයේ මම classical guitarist කෙනෙක් වෙන්න ලොකු try එකක් දෙනවා.හැබැයි ඒක බොහොම අමාරු කටයුත්තක්.මොකද මම box ගිටාරය වාදනය කරන්න ඉගෙන ගත්තේ තනියෙන්.ඉතින් ඒකට ටිකක් කල් ගියා.හි හි)     
       කියාගෙන ආපු දේත් අමතක වුනානේ.මම කිය කිය හිටියේ box ගිටාර් එකෙයි,classical ගිටාර් එකෙයි වෙනස ගැන.ඒක මෙහෙමයි.මම කලිනුත් කිව්වා box ගිටාර් එකක strings වලට යොදලා තියෙන්නේ යකඩ කම්බි කියලා.ඒ වගේ තමයි classical ගිටාර් එකක strings වලට යොදලා තියෙන්නේ nylon නූල්.ඇත්තටම මේක පැහැදිලිව පේනන තියෙන්නේ strings  තුනක විතරයි.අනෙක් strings  තුන පේන්නේ යකඩ කම්බි තුනක් වගේමයි.හැබැයි හරියට බැලුවොත් පෙනෙයි ඒ තියෙන්නේ nylon නූලක් වටේට යකඩ කම්බියක් ඔතපු strings තුනක් කියලා.හරි.ඔය කි‍ව්වෙ එලියෙන් පෙනෙන වෙනස්කම් ගැනනේ.(තව තියෙනවා,,පස්සේ කියලා දෙන්නම්...දැනට මේ දැනුම ඇති) අනෙක් වෙනස්කම තමයි ගිටාර් දෙකෙන් නැගෙන ශබ්දයේ වෙනස.ඇත්තටම classical ගිටාර් එකකින් ඇතිවෙන sound එක මාර classical feeling එකක් තියෙන sound එකක්.ඒක අත්විදින්න නම් ගිටාර් එකක් play කරන්නම ඕනේ.මම ඒ වෙනස අත්දැකපු නිසයි කියන්නේ.ඔයාලටත් අවස්ථාවක් ලැබුනොත් play කරලා බලන්න.ඊට අමතරව ආධුනිකයෙක්ට classical ගිටාර් එකකින් practice කරන එක මුලදි අමාරු වෙන්න පුලුවන්.ඒකයි මම කිව්වෙ ආධුනිකයෙක්ට වඩා සුදුසු box ගිටාර් එකක් කියලා.හැබැයි මේක සමහර විට එක් එක් පුද්ගලයා මත depend වෙන්නත් පුලුවන්.:-)))) ක්ලැසියක් සාමාන්‍යයෙන් රු:10,000-12,000 අතර මිලදී ගන්න පුලුවන්.




   ම්ම්ම්..මේ තියෙන්නේ electric ගිටාර් එකක්.මේක ගැනනම් වෘත්තීමය අර්ථ දැක්වීමක් ලබා දෙන්න මට අමාරුයි.හේතුව තමයි මම වැඩිය electric ගිටාර් එකක් භාවිතා කර නොතිබීම.හැබැයි musical shows වල play කරන කොට නම් electric ගිටාර් එක use කරල තියෙනවා.හැබැයි ඒක මම වෘත්තීමය වශයෙන් ප්රගුන කරල නැහැ.ඒ වුනත් මා දන්නා තරමින් ඉතාම ඉක්මනින් electric ගිටාර් එක play කරන්න ඉගෙන ගන්න පුලුවන්.නමුත් අවුලකට තියෙන්නේ මෙහි වටිනාකම තමයි. සාමාන්‍යයෙන් හොද electric ගිටාර් එකක් රු:15,000 ට මෙහායින් හොයා ගන්න වෙන්නේ නැහැ.ඒක විතරක් අරගෙන මදිනේ.තව amp එකකුයි, speaker එකකුයි මිලදී ගන්නත් ඕනි.ඔය සේරම ගන්න කොට අපේ pocket එකත් හිස් වෙලා තියෙයි.හි හි.ගන්න පුලුවන් අය ගත්තට කමක් නැහැ.;-)අනෙක් අයට මම කියන්නේ box ගිටාර් එකක් ගන්න කියලා.මොකද electric ගිටාර් එකකින් දාන වැඩකිඩ ඔක්කොම box ගිටාර් එකකිනුත් දාන්න පුලුවන්.;-)(උදා- Distortion වගේ දේවල්) වැඩි විස්තර ඉස්සරහට..................
      හරි.රෑ 12ත් වෙලා.හෙට උදේට campuss යන්නත් ඕනෙ.හදිස්සියේ ලියපු නිසා අඩුපාඩු තියෙන්නත් පුලුවන්.ඒවට සමාවෙන්න.අදට මෙතනින් නවත්තන්නම්.හැබැයි තව කියන්න කරුණු ගොඩාරියක් තියෙනවා.ඒව ඉදිරි posts මගින් ඔබට කියන්නම්.මගේ ඊළග post එකෙන් ගිටාරයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු ගැන වැඩි විස්තරත්,ගිටාර් මිලදී ගන්න පුලුවන් ස්ථාන පිළිබදත් ඔබව දැනුවත් කරන්නම්.ඊට අමතරව ඉදිරි posts මගින් ගිටාර් කුප්පි කිහිපයකුත් ඉදිරිපත් කරන්න හිතාගෙන ඉන්නේ...:-) එසේනම්..නැවත හමුවන තුරු,,,,ADIOS(BYE)....................

27 comments:

Ruwan bhagya said...

thanks bro keep it up.very good lesson ...........

ජංජාල චාමර said...

දිගටම ලියන්න , අපි බලං ඉන්නවා

Malith said...

නියම පෝස්ට් එක මමත් මේ ගැන හොය හොය හිටියෙ හොද පැහැදිලි කිරීමක්, දිගටම ලියන්න.

ප.ලි.
මචං දාල තියෙන තීම් එක බ්‍රොව්සර් එකට වදදෙනව පහලට ස්ක්‍රෝල් කරන්න ගියාම තම වැඩෙ අමරු වෙන්නෙ ඒ ගැනත් බලන්න

Anonymous said...

Machan, me blog eka hamba una eka gana mata maara sathutui.mama kaaleka indan guitar ekak aragena play karanna hithagenai inne.ikmanatama,honda guitar ekak ganna honda than tikakui, gaddi salakala balanna ona wistharai daanna.
Thankyou very much and good luck...!!

Unknown said...

ඉතාමත් අනගි වැඩක්. මම පුළුවන් තරමින් මේ අඩවිය ප්‍රසිද්ධ කරන්නම්. මම ගිටාරය වාදනය කරන්න ඉතාමත් කැමති ඒත් ඉගෙන ගන්න හදන හැමැවිටම හෙනහුරාගේ බැල්ම වැටුන කෙනෙක්. :)

මට මුලින්ම ලැබුනු ගිටාර කෙස්, ගුරුවරයෙක් නැහැ පොතපත හරි ගියෙත් නැහැ. ඊළඟට ගිටාරය හදා ගත්ත ගුරා කේස්. මම අහන්නෙ චාටර් සින්දුලු. දැන් හොඳ ගිටාරයක් මඟ එනවා, ගුරත් හොඳ වෙයි කියල හිතනව. :)

ජය වේවා! දිගටම ලියන්න.

Rajja said...

@ Ruwan bhagya :

@ ජංජාල චාමර : මරු නම.හි හි.මම දිගටම ලියනවා.ඔයගොල්ලන්ගේ දිරි ගැන්වීම් වලට ගොඩක් ස්තූතියි.:-)

@ Malith : බොහොම ස්තූතියි ඔබට.ඔයා කියපු දේ ගැන මම හොයල බලන්නම්.මටත් හිතුනා template එක සැර වැඩියි කියලා.මම ඉක්මනටම ඒ වැරැද්ද හදන්නම්.ස්තූතියි ඒ ගැන සදහන් කලාට....

@ Anonymous : මාර නමක්නෙ ඔයාට තියෙන්නේ.හි හි.ඔයා අහපු දේවල් මගේ ඊළග post එකේ අනිවාර්යයෙන් අඩංගු වෙනවා මිත්රයා.බොහොම ස්තුතියි ඔබටත්...:-))

@ Uditha Umesh : බොහොම ස්තුතියි ඔබ මට දක්වන සහයෝගය ගැන.මට කියන්න තියෙන්නෙ උත්සහය අතහරින්න එපා කියලයි.මේක කරන්න ගුරුවරයෙක් අත්‍යවශය නැහැ.තනියෙන් ඉගෙන ගන්න පුලුවන්.ඒක නිසා බය වෙන්න දැයක් නැහැ.ඉදිරියට මගේ ගිටාර් කුප්පි වලින් මම හැකි පමණින් උත්සහ කරන්නම් ගුරුවරයෙක්ගේ කාර්ය භාර්ය කරන්න.ඒ වගේම තමයි ඔයාලගේ කැපවීම සහ අධිෂ්ඨානයත් ඕනෙ කරනවා යම් දිනක සාර්ථක වෙන්න.ඉක්මනටම ගිටාර් කුප්පි වැඩෙත් පටන් ගන්නම්.Blog එකේ පිළිවෙලක් තියෙන්න ඕනෙ නිසයි මේ විදියට ලියාගෙන යන්නෙ.අමනාපයක් නැහැ කියලා හිතනවා.....:-))

අරවින්ද චන්ද්‍රපද්ම said...

ගිටාරය ඉගෙන ගන්න සාමාන්‍ය Box ගිටාරයක්ම ඕනේ කියන එක මම නං පිළිගත්තේ නෑ. මම ගිටාරය පුරුදු උනේ ක්ලැසිකල් ගිටාරයෙන්. ක්ලැසිකල් ගිටාරයෙන් ගිටාරයට අත තිබ්බ කෙනෙකුට ඊට පස්සේ ඕනෙම ගිටාරයක් ඕනෑම විදිහකට පහසුවෙන් වාදනය කරන්න පුලුවන්.
ගිටාරයේ සැබෑ ජීවය තියෙන්නේ ක්ලැසිකල් ගිටාරයේ. ආධුනිකයෙකුට ටිකක් දැනෙන වෙනසකට තියෙන්නේ ක්ලැසිකල් ගිටාරයේ ආම් එක ටිකක් පළල් වීමනේ. එකට පුරුදු වෙන එක එච්චර අමාරු නෑ. පස්සේ දකුණත හුරු කරගෙන ක්ලැසිකල් Fingering පුරුදු වෙන්න පුලුවන්.

ඔබේ Blog එක මම ඉතා ආසාවෙන් කියෙව්වා. දිගටම කරගෙන යන්න. මට මේදවස් වල Twelve String Guitar පිස්සුවක් හැදිලා තියෙනවා. පුලුවන් වෙලාවක ඒ ගැනත් ලියන්න.

Rajja said...

@ අරවින්ද චන්ද්‍රපද්ම : ඔබේ අදහසට මම එකග වෙනවා.මම post එකේ ලියලා තියෙනවා classical ගිටාර් එකේ තියෙන සැබෑ ජීවය ගැන.ඒක ඇත්තටම වෙනම කලාවක් කිව්වොත් හරි.මොකද professional classical guitarist කෙනෙක්ට සිංදුවක් සම්පූර්ණයෙන් cover කරන්න පුලුවන්.ඒ කිව්වෙ leap part එක,base part එක,rhythm part එක මේ හැමදෙයක්ම.
නමුත්,ඔබ දන්නවා ඇති classical guitar එකේ ආම් එක පළල් වීම වගේම strings අතර සහ fret board එක අතර පරතරය සාමාන්‍ය box ‍හෝ electric ගිටාරයක ඇති පරතරයට වඩා වැඩියි.ඒක බොහෝ ආධුනිකයන්ට අපහසුවක් වන බව මම දැකල තියෙනවා.ඒ වගේම තමයි classical ගිටාරයකින් අපි සාමාන්‍යයෙන් අහන සිංදුවල rhythm part එක හරි,lead part එක හරි play කරන්නෙ බොහොම කලාතුරකින්.වි‍ශේෂයෙන් rhythm play කරන්න classical ගිටාරය නුසුදුසු බවයි මට හිතෙන්නේ.ඒක classical guitar එකට කරන මදිපුංචිකමක් වගෙයි මට හැගෙන්නෙ.මීට අමතරව තව කරුණු තියෙනවා.පුලුවන් වුනොත් post එකකින් පැහැදිලි කරන්නම්.ඔබ අහපු Twelve String Guitar එක ගැනත් විස්තර ලියන්නම්.බොහොම ස්තුතියි ඔබේ අදහස් පල කිරීමට...:-))

pubudu nawarathna said...

maru math asa karana paththak ohoma yan ohoma yan.matath one igena ganna

Rajja said...

@ pubudu nawarathna : ස්තුතියි,,බ්ලොග් එකත් එක්ක දිගටම රැදිලා ඉන්න...:-))

රන් said...

Post eka niyamai. eth sahodaraya, box guitar kiyana eka podi waradak thiyanawa. Mokada api samanyen box guitar kiyala kiyana wachane pavichchi karanne Acoutic guitars walata. Cigar box guitar gana ahala thiyanawada? poddak a gana hoyala balanawanam tikak hondai kiyala thamai mage adhasa. waradi dewal idiriyata aran yana ekath honda nane.. Obage blogayanam elakiri. idiriyatath me wage post daanna , thawa chords samaga aluth sindu danawanam eka wadaath honda wei kiala mama hithanawa.

Rajja said...

@ රන් : mamath "box" kiyana wachane paavichchi kale acoustic guitars walata witarai.a kiyanne guitar eke sound eka enne box ekaka aadaarayen.mama waraddala tiyenawanam a kothanadida kiyala mawa danuwath karanna.issarahata sindu wala guitar chords mama post karanawa.blog ekath ekka digatama radenna....:)) thnx

ශාකුන්තල | Shaakunthala said...

ආපහු කාලෙකින් තමා මේ පැත්තට ආවේ.

වැඩේ අල්ලල යනවා.... Base guitar ගැන නැති එක නං අඩුවක් වගෙ. :P

Rajja said...

@ ශාකුන්තල : මමත් බැලුවා මොකො පේන්න නැත්තෙ කියලා.:පී
ඔබ මුලින්ම කිව්ව හරි."කමෙන්ට්ස්" ඉල්ලන්න ඕන දේවල් නෙමෙයි.ඒව ඉබේම ලැබෙනවා....:))

Base guitar ගැන දැන්මම ලියන්න අදහසක් නැහැ.තාම මම එය ප්‍රගුණ කරල නැහැ.ඇරත් බ්ලොග් එක අච්චාරුවක් වීම වලක්වන්න ඕනෙ නිසයි බොක්ස් ගිටාරයට විතරක් සීමා කලේ...;-)ඉස්සරහට බලමු...හි හි

අතරමැදියා said...

machan wede nam elakiri. poddak aadunika apita scales and blues progressions tikak danna puluwan nam bohoma pin.

Rajja said...

@ අතරමැදියා : thanx.issarahata blog eke a dewal gana palawenawa.keep in touch....:))

Rosantha said...

Thnaks machan digatama kranda

Anonymous said...

umbanam ELAKIRI kollek!!
0718503199

Rajja said...

thank you both Rosantha and Anonymous..

Anonymous said...

අය්යේ, දිගටම ලියන්න.අපි බලන් ඉන්නවා.chalindu rajith from kalutara

Anonymous said...

bohoma stutiy

Ravindra said...

patta machan. mama last week guitar ekak gatta. gahanna danagena nemei. asawata. igena ganna nam meka niyama site ekaka kiyala hithenawa. thx lot

තොත්ත බබා said...

ela kiri

SDJ said...

එල කිරි...

niranjan said...

Oyahe ි ි eka patta broo

Anonymous said...

Thanks brother. Mata aulak thiyenawa. Man mulinma guitar ekak gaththe o/l karankota e kiyane 10yedi. E dwswla danumak nane. Us kala. Eka podi ekak. Mata danaganna oni eka classical ekakda nathnam strings ekakda kiyala. Dnnam dnwa. Etha mata meka hoyaganna bari una. Box eka athule eka liyala thiyenawada.

Anonymous said...

මමත් තනියම ගිටාර් ප්ලේ කරන්න ඉගෙන ගන්න කෙනෙක්. ඒත් මට තියෙන්නෙ ක්ලැසිකර් ගිටාර් එකක්. බොක්ස් ගිටාර් එකක්කට මාරු වෙන්නද

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates