Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Thursday, February 24, 2011

Major guitar scales සරලව මුල සිට ඉගෙන ගනිමු....

                       සති කිහිපයකින් පස්සෙ තමයි post එකක් දාන්නෙ. තව සතියකින් campus එකේ semester end exam එක. මේ දවස් වල ටිකක් මහන්සි වෙලා පාඩම් කරනවා.ඒක නිසා තමයි අලුත් post එකක් දාන්න බැරි වුනෙ. කලින් post එකේදි මම කිව්වා guitar scales ගැන කියලා දෙනව කියලා. ඒක නිසා ඒ ලිපි මාලාවේ පළවෙනි post එක විදියට මේ ලිපිය ලියන්න තීරණය කලා. 

                   මගේ video tutorials ටික නම් සෑහෙන පිරිසක් බලල තියෙනවා. මම හිතනවා ඒ හැම කෙනෙක්ම ඒ videos වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඒව බලපු නැති කෙනෙක් ඉන්නවනම් පහල තියෙන links වලින් ගිහින් බලල එන්න.

               1st video tutorial                        2nd video tutorial

එහෙනම් අද කුප්පිය පටන් ගමු. අද මම කියල දෙන්නේ theory part එකක්. මොකද හුගක් අය guitar එක play කරන්නේ "ගිරවා" ක්‍රමයට. ඒ කිව්වේ යම් කිසි රූප සටහන් ටිකක් බලල chords play කරනව මිසක් ඒ සම්බන්ධව තියෙන සිද්ධාන්ත පාවිච්චි කරන්නෙ නැහැ. ‍Guitar play කරන අයගෙන් මේ guitar theory කියන කොටස දන්නේ බොහොම ටික දෙනයි. ඒක නිසා මහන්සි වෙලා මේක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න. බොහොම සරල සිද්ධාන්තයක් තමයි තියෙන්නෙ. මොකද Guitar chords නිර්මාණය වෙන්නේ guitar scales වලින්.

Thursday, January 27, 2011

I'm out of Colombo for 3-4 days............

              Hey all,,I'm going out of Colombo for 3-4 days. There fore i won't be able to update the blog. So please keep practicing the lessons I introduced to you. I will put new lessons as soon as I can after coming back. Until that keep practicing.:-)


LESSON 1


LESSON 2

Tuesday, January 18, 2011

2වෙනි VIDEO TUTORIAL එක - Improvising fret board......


                  අද මම දෙවෙනි video lesson එක ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ. මගේ පළවෙනි lesson එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා. ඒක නිසාම දෙවෙනි lesson එකත් ඉක්මනට ඉදිරිපත් කරන්න තීරණය කලා. පළවෙනි lesson එක බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් lesson එක බලල එන්න. ඒ lesson එක විශේෂයෙන්ම ආධුනිකයන්ට හදපු lesson එකක්. ඒක නිසා මේ lesson එකට කලින් 1වෙනි lesson එක කියවල එන්න.

                 ඒ වගේම තමයි මම blog එකට සම්බන්ධව Face book Fan Page එකක් හැදුවා. කට්ටියට පුලුවන් නම් මෙතනින් ගිහින් ඒකට "like" එකක් දාලා එන්න. ඒ වගේම තමයි පුලුවන්නම් තම තමන්ගේ යාලුවන්ටත් page එක suggest කරලා invitations යවන්න.

                හරි,,එහෙනම් දැන් lesson එක පටන් ගමු.1වෙනි lesson එකේ විදියට practice කරපු අයට දැන් ටිකක් ඇගිලි හුරු ඇති කියලා මම හිතනවා. අපි 1වෙනි lesson එකේදි කලේ 6වෙනි string එකේ 1->2->3->4->1->2->3->4 කියන frets රටාව play කරපු එක. අද අපි ඒ අභ්‍යාසය ටිකක් වෙනස් කරලා යම් කිසි රටාවකට fret board එකේ පල්ලෙහාටයි, උඩටයි practice කරන්නයි යන්නේ. ‍කලින් අභ්‍යාසයේ අපි play කලේ 6වෙනි string එක විතරයි. නමුත් අද පාඩමේදි strings හයම play කරනවා. ඒක නිසා ටිකක් විතර මුලදි අමාරු වෙයි.
              පල්ලෙහා image එකේ තියෙන්නේ අද අපි practice කරන්න යන රටාව තමයි. මම මේක කලින් ලිපියකදිත් පල කරල තියෙනවා.

Saturday, January 15, 2011

Guns N' Roses_Sweet Child O' Mine_Guitar Cover_By rajitha


                      
                 අද මම කරපු පළවෙනි guitar cover එක බ්ලොග් එකට එකතු කරන්නයි යන්නේ. Guns N' Roses band එක ගැන නම් ඕන කෙනෙක් අහල ඇති. Rock music වලට ආස අය අනිවාර්යෙන් මේ song එක අහලත් ඇති. Band එකේ vocalist "Axl Rose" තමන්ගේ පෙම්වතියට ලියපු ගීතයක් තමයි Sweet Child O' Mine කියන්නෙ. මේ song එකේ lead parts play කරන්නෙ "Slash". 

                 YOU TUBE එකෙන් බලනවනම් මෙතනින් click කරල බලන්න පුලුවන්.



              මේක play කරන්න මම guitar backing track එකක් පාවිච්චි කරල තියෙනවා. ඒකෙදි Drums, Base සහ Vocals tracks තුන play වෙනවා. එතකොට lead and rhythm track එක තමයි මම play කරන්නෙ. පළවෙනි guitar cover එක නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. Pedal එකක් පාවිච්චි කලේ නැති නිසා distortion effect එක නම් එච්චරම quality නැහැ. Amp එකෙන්ම තමයි distortion effect එක අරගත්තේ.

             සිංදුවේ මැදදි එන solo එකත් ලගදීම cover කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේක ඔයගොල්ලන්ට රසවිදින්න පුලුවන් වෙයි කියලා.ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ අදහස් එක් කරන්න පුලුවන් නම් මම ඒක ගොඩක් අගය කරනවා.

Wednesday, January 12, 2011

1වෙනි VIDEO TUTORIAL එක - Simple fingering exercises......

               

               මගේ පළවෙනි ගිටාර් කුප්පියේදී මම ආධුනිකයන්ට ගැලපෙන අභ්‍යාසයක් කියල දුන්නා. ඒක කියවපු අයට සමහර විට මතක ඇති. අද ඒ අභ්‍යාසයට අදාල video lesson එක තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම හුගක් අය මේ අභ්‍යාසය දන්නවත් ඇති. 6වෙනි string එකේ 1->2->3->4->1->2->3->4 කියන frets රටාව තමයි අභ්‍යාසය.මේක අපි මූලික වශයෙන්ම ප්‍රගුණ කල යුතු අභ්‍යාසයක්.හුගක් අයට තියෙන ප්‍රශ්ණයක්නෙ සුළැගිල්ල හුරු නැතිවීම(pinky error). ඒකට විසදුමක් විදියටත් අපිට මේ අභ්‍යාසය යොදාගන්න පුලුවන්. සුළැගිල්ල හුරු නැහැ කියන්නේ අපේ වම් අතෙන් 25% ක් අපතේ යනවා කියන එක(දකුණත් වාදකයෙක්ට). 

               මේ අභ්‍යාසය මම කොටස් 3කට බෙදලා තියෙනවා.ඒ කිව්වෙ,

             1.Beginner          2.Beginner-Intermediate          3.Moderate

  යන ආකාර වලට. මේකෙදි මූලික වශයෙන් වැදගත් වෙන්නේ හරි ආකාරයට play කරන එකයි speed එක maintain කරන එකයි. "Beginner" lesson එක ආධුනිකයන්ට වඩා සුදුසුයි. "Beginner- Intermediate" lesson එකේදි speed එක දෙගුණයක් කරල play කරනවා. ඒ වගේම තමයි "Moderate" lesson එකේදි speed එක තුන් ගුණයක් දක්වා වැඩි වෙනවා. ඒ වගේම තමයි 2වෙනි, 3වෙනි lessons වලදි speed එක අඩු වැඩි කරනවා ඇගිලි වලට rest එකක් දෙන්න ඕනෙ නිසා.;-)  ඒ වගේම අපි pick එකක් පාවිච්චි කරනවනම් අභ්‍යාසයට අදාලව ඒක පාවිච්චි කරන ආකාරය පල්ලෙහා තියෙන video එකේ තියෙනවා.(Down -> Up -> Down -> Up.....)

How to use the guitar pick...


Sunday, January 9, 2011

Strings කඩාගන්නෙ නැතුව Guitar එක TUNE කරගන්න ක්‍රමයක්......

                    සමහර විට ඔබ ආධුනිකයෙක් නම් ඔබටත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඇති.Tune කරන්න ගිහිල්ල මගේ අතිනුත් strings කැඩිලා තියෙනවා. විශේෂයෙන්ම E 1st එකයි, B 2nd එකයි. ඒ කිව්වෙ සිහින්ම කම්බි දෙක. 



                  මම කලින් ලිපි වලදි පැහැදිලි කලා guitar එක tune කරන ආකාරය ගැන. ඒ ලිපි කියවපු නැති අය ඒ අදාල ලිපි කැමති නම් කියවලා එන්න. 

Blog template is being developed....

             
        Hi all. Blog template of " Box ගිටාරය Play කරමු......" is being developed right now. So please kindly ignore any issues in posts and the appearance of the blog. All those issues will be fixed within day or two. Thank you....:-))))

Minor Guitar Chords..........

           මේ post එක rhythm play කරන අයට ගොඩක් වැදගත් වේවි. මේකෙ තියෙන්නෙ minor guitar chords වලට අදාල diagrams ටික. ඒ වගේම තමයි chords වල play කරන්න ඕනෙ strings ටිකත් මේ images වල පෙන්නල තියෙනවා.මේ chords වලට අපි පොදුවෙ කියන්නෙ open chords කියලයි.

O - "O" අකුරෙන් කියන්නේ අදාල string එක play කරන්න ඕනෙ කියලයි...

X - "X" අකුරෙන් කියන්නේ අදාල string එක play කිරීමෙන් වලකින්න ඕනෙ කියලයි...


           C minor (Cm)                                      D minor (Dm)

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates