Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Saturday, June 26, 2010

2වෙනි Guitar කුප්පිය - ගිටාරයTUNE කර ගැනීම......

       බොහෝ ආධුනිකයන්ට මෙන්ම,, පළපුරුදු අයටත් ගිටාර් වාදනයේදී ඇතිවෙන පොදු ප්‍රශ්ණයක් තමයි කොහොමද ගිටාර් එක හරියට tune කරගන්නෙ කියන එක.මේක මම හුගක් අත්දැකපු කාරණයක්.ඉතින් ඒක නිසා මම තීරණය කලා මේ සම්බන්ධයෙන් කුප්පියක් දාන්න.කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් ඉල්ලීමකුත් කරල තිබ්බ.ඒක නිසා අද අපි ඒ ගැන කතා කරමු....

      Tune කරන්න ඉගෙන ගන්න කලින් අපි බලමු මොකක්ද මේ "guitar tuning" කියන්නෙ කියලත්, ඇයි ගිටාර් tuning අවශ්‍ය කියලත්.

      Acoustic(electric වෙන්නත් පුලුවන්) සංගීත වාදන භාණ්ඩ( ඒ කිව්වේ ගිටාරය, වයලීනය, පියානෝව, මැන්ඩලීණය වැනි) වලින් ඇතිවෙන sound එකට මිනිස්සු standards(සම්මුතීන්) හදාගෙන තියෙනවා.අදාල වාදන භාණ්ඩයෙන් යම් කිසි තනුවක් වාදනය කරද්දි සම්මත ස්වර වලින් බැහැර නොවී ඒ තනුව වාදනය කිරීමට උපකාරී වෙන්නේ ඔන්න ඔය tuning standards තමයි.ඊට හේතුව භෞතික බලපෑම් නිසා සමහර වාදන භාණ්ඩ වල sound එක ටික කලකින් වෙනස් වීම නිසා.උදාහරණයක් විදියට අපි ගිටාරයම සලකා බලමු.සමහර විට strings තද කිරීමට උපකාරී වන ඇණ වල පවතින දෝෂ නිසා ටික දවසකින් ඒ කම්බිය බුරුල් වෙන්න පුලුවන්.ඒ වගේම බාහිර පුද්ගලයෙක් නොදැනුවත්ව ඒ ඇණ කරකවන්න පුලුවන්.කාලයක් තිස්සෙ ගිටාර් එක පාවිච්චි නොකිරීම නිසා වුනත් වෙන්න පුලුවන්.ඉතින් ඔය වගේ කාරණා නිසා අර සම්මත ශබ්ද වෙනස් වෙනවා.



       ඒ වගේම තමයි නිතරම ගිටාරය tune කිරීම වාදකයෙක්ට ගොඩක් වැදගත් දෙයක්.වැරදි tuning එකක් තියාගෙන play කලොත් "ear" එක අවුල් යනවා."ear" එක කියල කිව්වේ සම්මත ස්වර වලට අපේ කන හුරුවීමයි.ඒක නිසා හැමවිටම ගිටාර් එක tune කර තබා ගැනීම අත්‍යාවශය දෙයක්.ඒ වගේම තමයි අපි ගිටාර් එකෙන් සින්දුවක් play කරද්දි original track එකෙ sound එකම ඇහෙන්නනම් standard tuning තිබීම අත්‍යවශ්‍යයි.

        හොදයි.ඒ කාරණා ටික හරි.දැන් අපි අහල බලමු ගිටාර් strings හයේ standard tuning sounds මොන වගේද කියලා.මේ video එකේ ගිටාර් එකක,, 6වෙනි string එකේ(මහතම කම්බිය) සිට 1වෙනි string එක(සිහින්ම කම්බිය) දක්වා play වෙනවා.ඒ වගේම හැම string එකක්ම අට පාරක් play වෙනවා.අහල බලන්න....



         මේ තියෙන්නෙ ගිටාර් එකේ open strings play කරන කොට ඇහෙන sound එක.ඒ කිව්වෙ ටියුන් කරපු ගිටාර් එකක එක් එක් කම්බි තිබෙන ආකාරයෙන්ම play කරන එකයි.(fret board එක මත ඇගිලි කිසිවක් නොතබා)

         හොදයි.Tuning ගැන අවබෝධයක් තියෙන අය බලන්න තමන්ගේ ගිටාර් එකෙත් standard tuning තියෙනවද කියල.සුලු සුලු වෙනස්කම් තිබ්බට අවුලක් නැහැ.;-)

එහෙනම් අපි බලමු,, කොහොමද ගිටාර් එකක් tune කර ගන්නෙ කියලා.

වැදගත් :- 
  පළවෙනි දේ තමයි සම්මත ශබ්ද වලට කන හුරු කරගන්න එක.ඒක නිසා උඩ video එක හොදට කීප වතාවක් අහන්න.
   ඒ වගේම තමයි කම්බියක් ටියුන් කරන කොට ඇණ කැරකවීම ගැන සැලකිලිමත් වෙන්න.කම්බිය වැඩිපුර තද වුනොත් කම්බිය කැඩෙන්න පුලුවන්.ඒක නිසා ආරම්භයේදි කම්බිය හැකිතරම් බුරුල් කර නැවත තද කරමින් ටියුන් කිරීම කරන්න.

1) ඕගන්(keyboard) එකක් හෝ පියානෝවක් මගින් tune කිරීම...

         මේ විදියට ඕගන් එකේ අදාල key එක play කරලා, ඊට අදාල string එකේ sound එක match වෙනකම් අදාල කම්බිය ටියුන් කරගන්න.ඕගනයේ key එක කිහිප වරක් play කරල ඒ ශබ්දය කනට හුරු කරගන්න.පසුව අදාල string එක ඒ ශබ්දයට සමාන වන අයුරින් ටියුන් කරන්න.එහෙම නැත්නම් දෙකම එකවර play කරන ගමන් tune කරගන්න.

2). Tuner එකක් මගින් ටියුන් කරගැනීම...


         මේක නම් බොහොම පහසු ක්‍රමයක්.අදාල කම්බිය play කරද්දි,, ටියුනර් එක පෙන්නුම් කරනවා අදාල කම්බිය ටියුන් ද නැද්ද කියල.මේක ටියුනර් එකේ bulb එකක් පත්තු වීම මගින් හරි indicator එකක් මගින් හරි පෙන්නුම් කරනවා.මේවා මිලදී ගන්න පුලුවන්.හැබැයි හොද ටියුනර් එකක් ටිකක් විතර මිල අධිකයි.ඒ ඇරත් මේකක් අත්‍යවශයම නැහැ.මොකද ටියුනර් එක කැඩුනොත් ටියුන් කරල හමාරයි.හි හි..

 Strings කඩාගන්නෙ නැතුව Guitar එක TUNE කරගන්න ක්‍රමයක්......

3). වෙනත් ක්‍රමයක්

        මේ ක්‍රමයෙන් අපිට එක කම්බියක් පමණක් ටියුන් කරගෙන ඒ ඇසුරින් අනෙක් කම්බි 5ම ටියුන් කරගන්න පුලුවන්.මේකට ටිකක් විතර පලපුරුද්ද ඕන වෙනවා.ඒ වුනාට ට්‍රයි කරල බලන්න.

        මේකෙදි සාමාන්‍යයෙන් මුලින්ම කරන්නේ 6වෙනි string එක(මහතම කම්බිය) ටියුන් කරගන්න එක.ඒ සදහා පල්ලෙහා video එක ආධාර කරගන්න.6වෙනි string එක ටියුන් කරන එක එතරම් අමාරු නැහැ.ඒක නිසා මේ වීඩියෝ එකට අනුව 6වෙනි string මුලින්ම ටියුන් කරගන්න.



 ඊට පස්සේ පහත පියවර අනුගමනය කරන්න.

  * රූපයේ පරිදි 6වෙනි string එකේ 5වෙනි fret එකේ (1) ඇගිල්ල තබා  එම කම්බිය play කරන්න.එම ශබ්දය කනට හුරු වූ පසු 5වෙනි string එකෙන් එම ශබ්දයම එනතුරු 5වෙනි කම්බිය ටියුන් කරගන්න.

සැ.යු. මෙහිදී 5වෙනි string එක මත ඇගිලි කිසිවක් නොතබන්න.5වෙනි string එක open play කරන්න.


         මේ අයුරින් 5වෙනි කම්බිය ටියුන් කරගත් පසු ඉහත පියවරම 5වෙනි සහ 4වෙනි කම්බි වලට යොදන්න.එනම් 5වෙනි කම්බියේ 5වෙනි fret එකේ ඇගිල්ල තබා play කර, ඒ ශබ්දයම එනතුරු 4වෙනි කම්බිය ටියුන් කරගන්න(open play).

        පසුව 4 වෙනි කම්බය මගින් 3 වෙනි කම්බිය ටියුන් කරගන්න.

       2වෙනි කම්බිය ටියුන් කරද්දි විතරක් පොඩි වෙනසක් සිදුවෙනවා.එහිදී 3වෙනි කම්බියේ 4වෙනි fret එකේ ඇගිල්ල තබා play කර, ඒ ශබ්දයම එනතුරු3වෙනි කම්බිය ටියුන් කරගන්න(open play).පහත අයුරින්....

 පසුව නැවතත් 1 කම්බිය සාමාන්‍ය පරිදි 2වෙනි කම්බිය මගින් ටියුන් කරගන්න.


           මේ විදියට අපිට එක කම්බියක් ඇසුරින් ඉතිරි කම්බි ටික ටියුන් කරගන්න පුලුවන්.මේක මුලදි ටිකක් අමාරු වෙයි.හැබැයි පුරුදු වුනාම මේක වඩාත්ම ලේසි සහ කාර්යක්ෂම ක්‍රමයක් වෙයි.ඒ වගේම තමයි මේ ක්‍රමයෙන් ඕගනයක හෝ ටියුනරයක ආධාරය නොමැතිව ගිටාරය ටියුන් කරගන්න පුලුවන්.ඒ වගේ උපකරණ ආධාර කර නොගෙන මේ අයුරින් ටියුන් කරන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා....:-))


            හොදයි,, මම හිතනවා දැනට මේ ක්‍රම කිහිපය ඇති කියල.තව ක්‍රම තියෙනවා.වෙලාව තියෙන හැටියට ඒවා කියල දෙන්නම්.ප්‍රශ්ණ තියෙනවනම් අහන්න.අවසාන වශයෙන් strings හයේම standard sounds තියෙන video clips 6ක් පල්ලෙහා තියෙනවා.තම තමන්ගෙ ටියුනින් සාර්ථකද කියල චෙක් කරගන්න...:-)) ADIOS.....



6TH STRING


5TH STRING


4TH STRING


3RD STRING


2ND STRING


1ST STRING

15 comments:

Buddika said...

macho mama tune kara gatte menna me softwares 2ka use karla,bt podi string tune karaganna lesi,6th string eka thama mata tune kara ganna amaruma,82Hz eka,wena noise hindada manda mic ekata,man hithan inne dan tune wela aththe kyala but 6th string ekanm tikk sure na,aye thwa prashnayk machn mage tiyenne classical ekak,fret board eka palala wadi wage,mata hithena hatida manda,poddk amarui wage angili tiyanna,eka purudu unama hariyai neda?man chords tikak gahanna gihn mara dukak winda,anika macho string pluck karanne kohomada harima widiyata,man uda athata pluck karanna widiya danne,pick eken n athin gahaddi?strum patterns gahanne kohomada?machn meka maxxama blog ekak digatama liyapn api innwa umbath ekka,

http://www.supernifty.com.au/wiki/index.php?title=Audio_Tuner
http://www.musicmasterworks.com/tuning_software.html

මයියා said...

එල නියමයි..අනුනාදය මගින් සුසර කිරීම හරියන්නෙ නැද්ද..අඩු ගනනෙ පල්ලේහා කම්බි වල ටියුනින් චෙක් කරන්නවත් පුලුවන් නේද?

අරවින්ද චන්ද්‍රපද්ම said...

පෙරදිග ශාස්ත්‍රීය සංගිතය ගැන අබබෝධයක් තියන කෙනෙකුට නම් Tune කරන්න තව ක්‍රමයක් තියනවා. මධ්‍ය ස ස්වරය ගායනා කරලා ඒ අනුව 5 වන String එකේ 3 වන ‍ෆෙට් එකේ තියන C ස්වරය නිවැරදි දැයි බලන්න පුලුවන්. ඊට පස්සේ 3වෙනි ක්‍රමේට අනිත් කම්බි සුසර කරගන්නවා.
වෙනත් සංගීත භාණ්ඩවාදනයේ හැකියාවක් තියනවා නම් ඒ සංගීත භාණ්ඩයක කණට හුරු ස්වරයක් පදනම් කරගෙන සුසර කරන්න පුලුවන්. වයලීන් වාදනය හුරු කෙනෙකුට‍ මධ්‍ය ප ස්වරය කණට හුරුයි. වයලීනයේ වගේ ම ගිටාරයේත් ප ස්වරය Open String එකක් හැටියට තියනවා නේ. ඒ අනුව Tune කරගන්න පුලුවන්.

Rajja said...

@ Buddika : softwares wunath awlak naha,hariyata wada karanawanam.habai oka hamadatama hariyanne naha.eka nisa puluwan tharam mahansi wela ear eka hada ganna balanna.ekai mama softwarez gena sadahan kare naththe.

classical eke arm eka tikak palalai tamai.matath mulin oya prashne thibba.eka nisa baya wenna epa.practice karaddi hari yanawa.

strumming patterns,string pluck karana hati blog eke issarahata pala wei.touch eke inna.:))

thanx....

Rajja said...

@ මයියා : ඔව්.පුලුවන්.ඒක තමයි මම කිව්වෙ තව ක්‍රම තියෙනවා කියලා.ඔක්කොම එක පාර ලියන්න බැරි නිසයි පස්සේ ලියන්නම් කිව්වෙ.ඔබ ඒ සම්බන්ධව දන්නව නම් ඒ ගැන සදහන් කරන්න.ඒක අනිත් අයටත් ප්‍රයෝජනවත් වේවි.ස්තුතියි ඔබට...:))

Rajja said...

@ අරවින්ද චන්ද්‍රපද්ම : ඔබ හරි.ඒ ක්‍රමය වුනත් නිවැරදියි.ගොඩක් ස්තුතියි ඔබෙ අදහස් පළ කිරීම ගැන.වෙන වෙනස් සංගීත භාණ්ඩ හුරු අයට ඔබේ ක්‍රමය හොදින් ගැලපෙනවා.ස්තුතියි නැවතත්...:))

Thusitha Sampath said...

මචන් නියමයි .....ඔයාට නම් බොහොමත් ම ස්තුතියි.....මම අද මගේ ගිටාර් එක ඔයාගේ වීඩියෝ එක නිසා නියමෙටම ටියුන් කලා.............

:)

තොත්ත බබා said...

hee hee mage henima kambiya keduna. tune karanna gihin :D

Unknown said...

elazzz aiyeee.....mama guitar eka gaththe ada.oyaage paadama nissa mata adama thaniyen guitar eka tue karaganna puluwan unaaa......thank u very much aiyeee....

Anonymous said...

MAXXXXXXXXXA BLOG EKA BRO

Lasitha said...

https://play.google.com/store/apps/details?id=com.ovelin.guitartuna&hl=en

මම නම් මේක පාවිච්චි කරන්නෙ...ට්‍රයි කරල බලන්න

Unknown said...

Thanks blog eka godak wadagath apita. Meke video tika dan wada nadda?

𝐑𝐄𝐃𝐉𝐎𝐇𝐍 said...

මචන් මම අද මේක දැක්කේ. ම්ම අලුතින් ගිටාර් ඉගෙන ගන්නෙ. මම ටියුන් කලේ ෆෝන් එකකට ආපු ඇප් එකකින්.

Unknown said...

ෆෝන් වලට එන ඇන්ඩ්‍රොයිඩ් ඇප් වලින් ටියුන් කරන එක කොලිටි මදිද?

Unknown said...

Ehemamath na iyer wage na ithin

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates