සති කිහිපයකින් පස්සෙ තමයි post එකක් දාන්නෙ. තව සතියකින් campus එකේ semester end exam එක. මේ දවස් වල ටිකක් මහන්සි වෙලා පාඩම් කරනවා.ඒක නිසා තමයි අලුත් post එකක් දාන්න බැරි වුනෙ. කලින් post එකේදි මම කිව්වා guitar scales ගැන කියලා දෙනව කියලා. ඒක නිසා ඒ ලිපි මාලාවේ පළවෙනි post එක විදියට මේ ලිපිය ලියන්න තීරණය කලා.
මගේ video tutorials ටික නම් සෑහෙන පිරිසක් බලල තියෙනවා. මම හිතනවා ඒ හැම කෙනෙක්ම ඒ videos වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඒව බලපු නැති කෙනෙක් ඉන්නවනම් පහල තියෙන links වලින් ගිහින් බලල එන්න.
එහෙනම් අද කුප්පිය පටන් ගමු. අද මම කියල දෙන්නේ theory part එකක්. මොකද හුගක් අය guitar එක play කරන්නේ "ගිරවා" ක්රමයට. ඒ කිව්වේ යම් කිසි රූප සටහන් ටිකක් බලල chords play කරනව මිසක් ඒ සම්බන්ධව තියෙන සිද්ධාන්ත පාවිච්චි කරන්නෙ නැහැ. Guitar play කරන අයගෙන් මේ guitar theory කියන කොටස දන්නේ බොහොම ටික දෙනයි. ඒක නිසා මහන්සි වෙලා මේක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න. බොහොම සරල සිද්ධාන්තයක් තමයි තියෙන්නෙ. මොකද Guitar chords නිර්මාණය වෙන්නේ guitar scales වලින්.
ඇත්තටම guitar scale එකක් කියන්නේ යම් කිසි රටාවකට අනුව notes play කරන එකට. අපිට සමහර සංගීත ඛණ්ඩ අහන කොට සතුට, ශෝකය, ත්රාසය වගේ හැගීම් ඇතිවෙන්නෙ මේ විවිධ guitar scales නිසා.
එතකොට guitar chord එකක් කියන්නේ එක්වරම notes කිහිපයක් play කරන එකට. මේ නිසා තමයි අපි chords play කරද්දි fret board එක මත විවිධ ස්ථාන වල ඇගිලි තියමින් play කරන්නේ.
මේ තියෙන්නේ octave එකක්. Music කරල තියෙන අය දන්නව ඇති. Piano එකක හරි Key board එකක හරි මේ වගේ කොටස් කිහිපයක් තියෙනවා දැකල ඇතිනෙ. එහෙනම් අපි octave එකකට අදාල notes ටික බලල ඉමු. මොකද major chords ඉගෙන ගන්න ඒක ගොඩක් වැදගත් වෙන නිසා.පල්ලෙහා image එක බලන්න.
මේ රූපයේ C, D, E, F, G, A, B විදියට නම් කරල තියෙන්නේ tones. ඒවා අතර C#, D#, F#, G#, A# විදියට නම් කරල තියෙන්නේ semi tones.(ඒ වගේම අවබෝධ කරගන්න ඕනෙ semi tones දෙකක් කියන්නේ එක tone එකක් කියලා). එතකොට සම්පූර්ණයෙන් ගත්තම 12 ක් තියෙනවා. ඒ අනුව අපිට දල වශයෙන් අදහසකට එන්න පුලුවන් major chords 12ක් තියෙනවා කියලා. නමුත අපි තාම දන්නේ නැහැ කොහොමද major chords හැදෙන්නෙ කියලා. ඒක ඉගෙන ගන්න කලින් major scale කියන theory කොටස ඉගෙන ගන්න වෙනවා.
ඒක නිසා අපි major scales හැදෙන හැටි බලමු. මේකේදි මම Tone කියන වචනය නිරූපණය කිරීමට (T) අකුරත් Semitone කියන වචනය නිරූපණය කිරීමට (S) අකුරත් භාවිතා කරනවා.
Scale එකක් කියන්නේ රටාවකට play කරන notes වල එකතුවකට. උදාහරණයක් විදියට අපි හැමෝම දන්න ස, රි, ග, ම, ප, ධ, නි, ස කියන රටාව ගන්න පුලුවන්. මේක හදුන්වන්නේ C major scale එක කියලා. හේතුව අපි මේ scale එක පටන් ගන්නේ “ස”(C) ස්වරයෙන් වීම නිසයි. ඒ වගේම තමයි major scale එකක් හැදෙන්නේ එකම රටාවකට අනුව.ඒ රටාව පල්ලෙහා තියෙනවා.
Tone, Tone, Semitone, Tone, Tone, Tone, Semitone (T, T, S, T, T, T, S). (මේක මතක තියාගන්න)
මේ අනුව අපිට C major scale එක හදාගන්න පුලුවන්.
T T S T T T S
C-D D-E E-F F-G G-A A-B B-C
මේ C major scale එක ඉතා පැහැදිලිව play කරන video එකක් මට YOU TUBE එකෙන් හම්බ වුනා.මම ඒක පහල upload කරල තියෙනවා. ඒක බැලුවම guitar scale එකක් කියන්නෙ මොකක්ද කියන එක අපූරුවට පැහැදිලි වෙනවා. C major scale එක play කරන විදිය ඉගෙන ගන්න පුලුවන් මෙතනට ගියොත්.
Major scale එකක් ඉගෙන ගත්තම ඒ ඇසුරෙන් guitar chords ඉතා පහසුවෙන් play කරන්න පුලුවන්. උදාහරණයක් විදියට යම් කෙනෙක් C major scale එක ප්රගුණ කලොත්, C major / A minor / D minor / G seventh කියන chords හතරම play කරන්න පුලුවන් වෙනවා. ඒ කොහොමද කියන එක මීලග ලිපියෙන් පැහැදිලි කරන්නම්.
17 comments:
Mekanam patta site 1k, niyamai digatama karanna.. mama ada me site 1 dakke..., mamath guitar 1 poddak play karanna dannawa.. bt, scales and strummings danne naha.
next lesson 1 ikmanata danna... thanx...
-Nuwan-
@ nuwan : thanx for ur comment.I'm having exams @ uni these days. I will publish new lessons ASAP.:)
Hiii Rajitha, Whats up..?? Wht happened to your blog..??? Please continue again, we are waiting for you.... THanks
ela ela . patta blog eka
ela ela . patta blog eka
supiri site 1k...
"flamenco" and "finger style" gana monawa hari kiyala dendako...
ewa gana pissu watila inne bro..
Elazz.. obe sahayogaya api idiriyatat balaporottu wennemu.. jayawewa!!
Ela .today i bought fender electric guitar.
Awesome presentation like best beginner guitar
Excellent blog.I really likes your blog.It can help any information.Thanks and click here Read more
බොහෝමත්ම ස්තූතියි- බොහෝමත්ම පිං ඔබට.. මේ කරන්නාවූ සද් කාර්යයට..
A good site for Sinhala speaking Music students.
This article can add my insights. I was lucky to be reading this article. thanks for making this good article
නැසිකල් ගිටාර් එකකට නොමල් ගිටාර් එකක කම්බි දැම්මට නමක් නැද්ද
thanks good work
මේකේ ඉතුරු ටිකත් දාන්නකෝ,
Post a Comment