Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Sunday, December 26, 2010

6 වෙනි Guitar කුප්පිය- Major guitar scales ඉගෙන ගනිමු......Contd.

                     මේ කුප්පිය මගේ 5 වෙනි ගිටාර් කුප්පිය හා සම්බන්ධයි. ඒක නිසා මුලින්ම මෙතනින් 5 වෙනි කුප්පියට ගිහිල්ල ආවොත් හොදයි.සුළැගිල්ල හුරු නැති අයට අද කුප්පිය ගොඩක් වැදගත් වේවි. හේතුව තමයි G major scale එකේදි එක note එකක සුළැගිල්ල පාවිච්චි වෙන නිසා.
                    
               හරි,,, දැනට අපි C major scale එක ගැනනෙ ඉගෙන ගනිමින්නේ හිටියේ. මම හිතනවා කුප්පි එක්ක සම්බන්ධ වෙන අය C major scale එක practice කරන්න ඇති කියලා. මම කලින් කිව්වා වගේ scales පුරුදු වෙනවා කියන්නේ අභ්‍යාසයක් වගේම,, ගිටාර් එකේ structure එක අදුනගන්නත් වැදගත් වෙනවා. ඒක නිසා ඕනම guitarist කෙනෙක්ට scales පුරුදු වෙන එක මම දකින විදියට අත්‍යවශ්‍ය කාරණයක්. 

              එහෙනම් අපි G major scale එකට අදාල notes ටික බලල ඉමු. මම කලින් කිව්ව වගේම G major scale

එකෙත් play වෙන්නේ "ස,රි,ග,ම,ප,ධ,නි,ස" කියන notes අටම තමයි. හැබැයි වෙනම pitch එකක තමයි play වෙන්නෙ. එහෙනම් පල්ලෙහා images බලන්න.

       1st note :-
        2nd note :-
         3rd note :-
        4th note :-
        5th note :-
           6th note :-
           7th note :-
         8th note :-

               හරි,, ඔය ටික තමයි G major scale එකට අදාල notes ටික. මේකත් කලින් කියපු C major scale එකට වගේ practice කරන්න. ඒ වගේම තමයි සුළැගිල්ල හුරු නැති අයට මේක හොද exercise එකක්.මොකද මේකෙදි 7 වෙනි note එකේදි සුළැගිල්ල පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම තමයි මේ scale එකේදි අපේ දබර ඇගිල්ල පාවිච්චි වෙන්නෙ නැහැ. ඒක නිසා රූප සටහනට අදාල විදියට පමණක් ඇගිලි භාවිතා කරොත් මේ exercise එකෙන් බලාපො‍රොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්නේ. 

          Scales දෙකම පුරුදු වුනාම තමන්ටම තේරෙයි scales කොච්චර වැදගත් ද කියලා. මේ scales දෙක වුනත් හොදටම ඇති තමන්ගේ හුරු නැති ඇගිලි හුරු කර ගන්න. ඒක නිසා නොකඩවා practice කරනව නම් වඩාත් හොදයි. එහෙනම් කුප්පිය මෙතනින් ඉවර කරනවා. ප්‍රශ්න තියනව නම් අහන්න.:-)Adioz.......

6 comments:

Madhawa said...

G major එකේ තියෙන්නෙ"ස,රි,ග,ම,ප,ධ,නි,ස කියන notes අටම නෙවෙය් නෙද?

Rajja said...

හොදයි, ඔබට වෙනස තේරිලා.ඕනම scale එකක notes අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒක තීරණය වෙන්නේ විශේෂ සමීකරණයකින්.ඒකට හේතු වෙන්නේ Semi tones.මේවා ගැන විස්තර net එකේ ඕන තරම් තියෙනවා.ඒක ලොකුවට විස්තර කරන්න බැරි නිසා තමයි මම ‍"ස,රි,ග,ම,ප,ධ,නි,ස" කියල ලිව්වෙ.අපි scale එකක පිළිවෙළට notes 8ක් ප්ලේ කලොත් ඒක හරියට "ස,රි,ග,ම,ප,ධ,නි,ස" play කලා වගෙ තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ ඒක අපිට අහල පුරුදු අර සම්මත ස්වර නොවෙන්න පුලුවන්.ඒ වුනාට අපි "ස,රි,ග,ම,ප,ධ,නි,ස" ගායනා කරන කොට ඇතිවෙන රටාව major scales වල තියෙනවා.ඒකයි මම එහෙම සදහන් කලේ....

Anonymous said...

Can't we start G Major from 3rd string open string to below. Is it wrong?

Unknown said...

thnx aiye.....

Unknown said...

දිගටම ලියන්න...ගොඩාක් ස්තූතියි.......

VKMRox said...

very helpful...............

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates