Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Sunday, July 4, 2010

3වෙනි Guitar කුප්පිය - LEAD Guitaristලට ආරම්භයක්...........

         අද කුප්පියෙන් බලාපොරොත්තු වෙන්නෙ lead guitarist කෙනෙක් වෙන්න ආස අයට අවශ්‍ය අභ්‍යාස ටිකක් කියල දෙන්න. ඒ වුනාට මේක ඕනෑම guitarist කෙනෙක්ට වැදගත් වෙන ලිපියක් වෙයි. මොකද කියනවනම් fret board එක මත ඇගිලි මනාව හැසිරවීමට මේ අභ්‍යාස උපකාරී වෙන නිසා.දීල තියෙන අභ්‍යාස එකින් එක practice කරන්න.මුලින් අඩු වේගයකින් පටන් අරගෙන පස්සේ speed එක වැඩි කරන්න.දවසකට අවම වශයෙන් පැයක් දෙකක් වත් practice කරන්න වෙයි.එහෙම නැතුව නම් මේ කලාව ඉගෙන ගන්න අමාරුයි.ඒක නිසා මහන්සි වෙලා practice කරලා මේ බ්ලොග් එකෙන් උපරිම ප්‍රයෝජනය අර ගන්න.....

         හරි.මම කලින් ලිපියකදී ආරම්භයක් විදියට පුංචි අභ්‍යාසයක් දුන්නා.ඒක හැමෝම කරන්න ඇති කියල හිතනවා.ඒක කියවපු නැති කට්ටිය මෙතනින් ඒක කියවන්න.අද ඒ සරල අභ්‍යාසය තව දුරටත් වැඩි දියුණු කරල පුරුදු වෙමු.

1)
      මේක තමයි අභ්‍යාසය.කට්ටිය කලබල වෙන්න එපා.‍අමාරුයි වගෙ පෙනුනට මේක සරලයි.කලින් අභ්‍යාසයේ වගේ 6වෙනි string එකෙන් පටන් ගන්න(1-->2-->3-->4).ඊට පස්සේ ඒ ඇගිලි හසුරවපු ආකාරයටම 5වෙනි string එකෙ දෙවෙනි fret එකේ ඉදලා පටන් ගන්න.ඊට පස්සේ 4වෙනි string එකෙ තුන්වෙනි fret එකෙන් පටන් ගන්න.මේ විදියට 1වෙනි string එකත් ඉවර කරන්න.ඊට පස්සෙ තමයි ටිකක්

අමාරු.දැන් ආපස්සට යන්න ඕනෙ.හැබැයි ඇගිලි හසුරවන විදිය වෙනස්.ඒ කියන්නෙ 4-->3-->2-->1 ආකාරයට තමයි ආපස්සට යද්දි ඇගිලි හසුරවන්න ඕනෙ.මේ විදියට දිගටම කරන්න.

      මතක තියාගන්න.ආරම්භයේදි ඉතා සෙමින් පටන් ගන්න.පස්සේ speed එක වැඩි කරන්න.ටිකක් ඉවසීමෙන් කරන්න ඕනෙ වැඩක් කියල තේරෙනවා ඇතිනෙ.....:)))
  ආහ්....තව දෙයක්....පල්ලෙහා සදහන් කරන දේත් අමතන කරන්න එපා.ඒක ඔබට පහසුවක් වේවි...

වම් අතේ ඇගිලි fret board එක මත හැසිරවීම පහසු කරගන්න නම් පහත අයුරින්  guitar neck එක අල්ලන්න ඕනෙ.

මේ විදියට අල්ලන්න එපා.එතකොට ඇගිලි හසුරවන්න ටිකක් අමාරුයි.


2)
    මේ අභ්‍යාස‍යත් සරල එකක්.පලවෙනි පියවර තමයි මේ image එකෙන් පෙන්නන්නෙ...
         මේකෙදි මුලින්ම 1වෙනි string එකෙන් පටන් ගන්න.මෙහිදී (දකුණත් වාදකයෙක්ට නම්) 4වෙනි ඇගිල්ල භාවිතා වෙන්නෙ නැහැ.ඇගිලි හසුරවන්න ඕනෙ 1-->2-->3-->3 යන ආකාරයට.එනම් 3වෙනි ඇගිල්ලෙන් string එක අල්ලලා දෙපාරක් play කරන්න ඕනෙ..

දැන් පල්ලෙහා image එක බලන්න...
     මේ තියෙන්නෙ ඊළග පියවර.කට්ටියට තේරෙනව ඇතිනෙ වැඩේ වෙන්නෙ කොහොමද කියලා.ඔය විදියට 1වෙනි string එකෙ පල්ලෙහාට වෙනකන් play කරන්න.ඊට පස්සේ ඒ විදියටම 2වෙනි string එකත් play කරන්න.ඔය විදියට strings හයම play කරන්න.මේක හුරු වුනාම ගොඩක් දුරට අපිට fret board එක හුරුවෙනවා.මේකෙදිත් කියන්න ඕනෙ මුලින් හිමීට පටන් අරන් පස්සෙ speed  එක වැඩි කරන්න.

       දැන් තේරෙනවා ඇති ඇගිලි හුරුකර ගැනීමේ අභ්‍යාස කොහොමද පුරුදු වෙන්නේ කියලා.මේ අභ්‍යාස ටික ප්‍රගුණ කරාම ඕගොල්ලන්ටත් පුලුවන් රටාවකට අනුව තමන්ටම කියලා අභ්‍යාස ටිකක් හදාගන්න.මතක තියාගන්න.රටාවක් තියෙන්න ඕනෙ.නිකං එහෙ මෙහෙ ඇගිලි හසුරවලා වැඩක් නැහැ.රටාවකට අනුව play කරන්න පුලුවන් අභ්‍යාස ටිකක් හදාගන්න.

         ඒ වගේම තමයි,, ආධුනිකයෙක්ට මුලින්ම මේ අභ්‍යාස කරද්දි නිතරම fret board එක දිහා බලාගෙන ඉන්න වෙනවා.ඒක මුලදි අවුලක් නැහැ.නමුත් ඔබ පරිනත වෙද්දි හැකි තරම් fret board එක දිහා නොබලා play කරන්න උත්සහ කරන්න.එවිට ඔබට ආත්ම විශ්වාසයෙන් ගිටාරය play කරන්න හැකියාව ලැබේවි.

          හොදයි...අදට කුප්පිය මෙතනින් නවත්තනවා.යන්න කලින් ඊළග කුප්පිය ගැන සටහනක් තබන්න කැමතියි.ඊලගට මම බලාපොරොත්තු වෙන්නෙ rhythm guitarist ලට ප්‍රයෝජනවත් කුප්පියක් දාන්න.විශේෂයෙන් ආධුනිකයෙක් කොහොමද chords අල්ලන්න පටන් ගත යුත්තෙ කියන කාරණාව ගැන බොහෝ දුරට සදහන් වෙයි.දිගටම බ්ලොගයත් එක්ක රැදිලා ඉන්න.ADIOZ..............

11 comments:

ගීත් (සහෘදයා) said...

සෑහෙන්න වටිනවා....දිගටම ලියමු.

Darshana said...

ela ela .. ohoma yan

තරංග​ගේ බ්ලොග් පිටුව said...

නියම කොටසකට දැන් ඇවිල්ලා ඉන්නේ...

Rajja said...

@ ගීත් (සහෘදයා) : ස්තුතියි ඔබට....

@ Darshana : thanx machn...

@ Tera@® : හ්ම්...ඉස්සරහට තව තියෙනවා....

Thusitha Sampath said...

ස්තුතියි යාලුවා.....ඉක්මනට ඒකත් දාන්න...

නෙලාන් said...

ගිටාර් එකක් ප්ලේ කරන්න ආසාව ගොඩක් කල් ඉදන් තිබුනට මේ බ්ලොග් එක දැක්කම ගිටාර් එකක් ගත්ත. දැන් පුරුදු වෙනව. සංගීතය ගැනනම් මෙලෝ දෙයක් මම දන්නෙ නෑ.. ඔයා කියන විදියට කරගෙන යනව.. බලමු නේද??

Rajja said...

හි හි.සතුටුයි අහන්න ලැබීම ගැන. මමත් පටන් ගන්න කොට දැනගෙන හිටියෙ ස්වර හත විතරයි. කරලම බලමු.සුභ අලුත් අවුරුද්දක් ඔයාට.

Anonymous said...

Hii rajitha, PLease start your blog again... :(

Rajja said...

Sorry machn. I dnt have time as it used to be :(((((( wil try my best to start the blog again :)

Unknown said...

godak thanks oyata

සහන් කල්පන said...

thankz brother

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates