Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Saturday, June 19, 2010

Guitar කුප්පි ගැන සමාලෝචනයක්.......














               අද මම, blog එකෙන් ඉදිරියට කරන්න යන දේවල් ගැන ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ.මම හිතනවා ගොඩක් අය මේ වෙනකොට ගිටාර් එකක් හොයාගෙන ඇති කියලා.සමහර අය ලග නම් ගිටාර් එකක් තියෙන්නත් ඇති කලින් ඉදලම.Box,Classical හෝ Electric යන ඕනෑම ගිටාර් එකක් play කරන්න කලින් දැනගන්න ඕන basics ටිකක් තියෙනවා.මේ ටික හරියට මුල ඉදලම පුරුදු වෙන්න ඕනෙ.උදාහරණ විදියට කියනව නම් ගිටාර් එක tune කරන ආකාරය,ගිටාරය play කිරීම පහසු වන අයුරින් රදවා තබා ගත යුතු ආකාරය(holding the guitar), guitar pick එකක් ඇල්ලිය යුතු ආකාරය සහ මූලික අභ්‍යාස වගේ දේවල්.මේ ටික හරියට ඉවසීමෙන් ප්‍රගුණ කලොත් ඉතිරි කොටස් ටික ලේසියෙන්ම කර ගන්න පුලුවන්.

             ඒ වගේම තමයි මම කලින් post එකකදි කිව්වා, normal box ගිටාර් එකකින් DISTORTION කරන ආකාරය පැහැදිලි කරල දෙනවා කියලා.DISTORTION කියන්නේ මොකක්ද කියල නම් rock music අහන අය,electric guitar ගිටාර් එකක් play කරන අය දන්නවා ඇති.Rock musicවලදි ගොඩක් භාවිතා වෙන දෙයක් තමයි DISTORTION කියන්නෙ.හැමෝටම electric ගිටාර් එකක් ගන්න පහසුකම් නැතිවෙන්න පුලුවන්.ඉතින් ඒක නිසා මම හිතුවා normal box ගිටාර් එකකින් DISTORTION කරන ආකාරය ඔයගොල්ලන්ට කියල දෙන්න.ක්‍රමය නම් සමහරුන් දන්නවත් ඇති.ඒත් හුගක් අයට ඒ සම්බන්ධයෙන් අදහසක් නැති වෙන්න පුලුවන්.මේකට අවශ්‍ය කරනවා ගිටාර් ඈම්ප් (amplifier) එකක් සහ pedal එකක්( ගිටාර් pick-up එකකිනුත් පුලුවන්).මේ වචන වලට බය වෙන්න එපා.අලුත් post එකකින් මේ ගැන සම්පූර්ණ විස්තරයක් රූප රාමු සහිතව විස්තර කරන්නම්.මේ සම්බන්ධව දන්න අය ඉන්නව නම් comment කලාට කමක් නැහැ.:-)) DISTORTION ගැන දැන ගන්න පල්ලෙහා තියෙන youtube video එක බලන්න.



             ඊට අමතරව මේ දවස් වල, rhythm/lead play කරන්න කැමති අයට වෙන වෙනම කුප්පි මාලාවක් සකස් කරගෙන යනවා.ඒ වගේම මේ හැමෝටම පොදු අභ්‍යාස මාලාවකුත් තියෙනවා.තවදුරටත් පැහැදිලි කරනවනම්, උදාහරණ වශයෙන් rhythm play කරන අය chords changing කරන කොට ඒ ඒ ඇගිලි හැසිරවිය යුතු ආකාර තියෙනවා.ඉතින් ඒ වගේ දේවල් වෙන වෙනම පැහැදිලි කරන්න ඕනෙ.

              ඒක නිසා මෙම පාඩම් මාලාව පිළිබදව ඔයගොල්ලන්ගෙ අදහස් මම බලාපොරොත්තු වෙනවා.ඒ වගේම මේ කුප්පි මාලාවට තව එකතු වෙන්න දේවල් තියෙනව නම් ඒවත් සදහන් කරන්න.ප්‍රශ්ණ තියෙනවනම් අහන්න.එහෙනම් මීලග post එකෙන් හමුවෙන තුරු ADIOS...:-))

15 comments:

Ruwan bhagya said...

keep it up brooo............

හෙළයා said...

හොඳ වැඩක්. දිගටම කරමු.

Unknown said...

හොඳ වැඩක් මිත්‍රයා... ඔහොම යං...

Unknown said...

ඉතාමත් පුළුල් ලෙස අභ්‍යාස මාලාව කරන්න යන වග පෙනෙනවා. කාලයත් එක්ක ඔය හැමගේම පාලන කරන එකනම් කියන තරම් ලෙහෙසි නැහැ. මමත් ටිකක් ලොකුවට අහිංසක බ්ලොග් එකක් සෑහෙන කාලෙක ඉදන් කරගෙන යන නිසයි කියන්නෙ. නාන එකෙත් සීමාවක් තියාගන්න. කොහොමෙන්හරි අපි දෙන්න පුළුවන් ෆුල් සප් එක දෙනවා. ජයෙන් ජයම පතනවා.

ප.ලි. මම වගේ ගිටාර් වාදනයේ මෙලෝ හසරක් දන්නේ නැති කට්ටියට ගැලපෙන කුප්පි මාලවකුත් කරගෙන යන්න.

Rajja said...

@ Ruwan bhagya : ස්තුතියි ඔබට...

@ හෙළයා : අනිවාර්යයෙන්ම...

@ නිශාචරයා Nishacharaya : ස්තුතියි ඔබටත්

@ Uditha Umesh : මේක එක්තරා විදියකට කාලයට අභියෝග කිරීමක්.ලේසි වැඩක් නෙමෙයි තමයි.හැබැයි මම කැමතියි ඒ අභියෝගය බාරගන්න.
ඒ වගේම තමයි බ්ලොග් එක අච්චාරුවක් කරගන්න අකමැති නිසා තමයි box ගිටාරයට විතරක් මේක සීමා කලේ.:-))
ඒ හැමදේටම වඩා ඕගොල්ලන්ගේ ප්‍රතිචාර නිසා තමයි මේක කරගෙන යන්න ගට එන්නේ.ලබා දෙන ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි...
කියන්න ඕනේ මමත් මුලදි ගිටාර් ගැන මෙලෝ හසරක් දන්නෙ නැතුව හිටපු කෙනෙක්.සංගීතය වත් හදාරලා තිබ්බෙ නැහැ.ඒත් ගිටාරයක් ලැබුනට පස්සෙ මම මගේම සංගීත හා ගිටාර් ගුරුවරයා වුනා.ඒ පටන් ගත්ත ගමන තවම අවසාන නැහැ.හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්නවා.මට අවශ්‍ය මම හොයාගත්ත ඒ දැනුම හැමෝටම ලබා දෙන්න.‍
නොදැනුවත්කම දුර්වලතාවයක් නෙමෙයි.අවශ්‍ය වෙන්නෙ උවමනාව හා කැපවීමයි....:-)))

Anonymous said...

මමත් BOX ගිටාර් එකක් අරන් වැඩේට සෙට් වෙන්න හදන්නෙ. Strings ලඟ තියෙන එකක් ගත්තොත්ද වැඩේ ලේසි?

Rajja said...

@ Anonymous : මෙහෙමයි, ඒක තීරණය වෙන්නේ ඇගිලි වල ප්‍රමාණය මතයි.ඇගිලි ප්‍රමාණයෙන් විශාල(ඇගිලි මහත නම්) නම් Strings ලඟ තියෙන එකක් ප්ලේ කරද්දී ටිකක් අමාරුයි.ඇගිලි වල ප්‍රමාණය කියල කිව්වේ ඇත්තටම ඇගිලි තුඩු වල ප්‍රමාණයයි.
එකපාරම මිලදී ගන්න උත්සහ කරන්න එපා.මගේ දෙවෙනි පෝස්ට් එකේ කිව්ව වගේ පුලුවන්නම් යාලුවෙක්ගෙන් ගිටාර් එකක් ටික දවසකට ඉල්ලගන්න.විකල්පයක් නැත්නම්ම පමණක් මිලදී ගන්න.:-))

Unknown said...

දිගට කරමු මල්ලි..

ජය..

වැම්පයර්

Rajja said...

@ වැම්පයර් : ස්තුතියි ඔබට...:))

Dilan Maduranga said...

Thanks machan..

Anonymous said...

digatama karapan machan

Banshee said...

mata strum pattern kiyala danawada?

Banshee said...

mata strum pattern kiyala danawada?

misery said...

Ela bro

Unknown said...

Guitar play කරන්න ගොඩක් ආසයි
But ඒ ගැන මොකුත්ම දන්නේ නැහැ
Guitar එකක් තෝර ගන්න තැන සිට දැනගන්න ඕනි හැම දේම.. Hope this will useful

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates