Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Saturday, June 26, 2010

දකුණත් guitar එකක් වමත් guitar එකක් බවට හැරවීම..........

          මගේ පළවෙනි ගිටාර් කුප්පියට ලැබුන ප්‍රතිචාර වලදි කීපදෙනෙක් අහල තිබ්බ වමත් කරුවෙක් කොහොමද දකුණත් ගිටාර් එකක් play කරන්නේ කියලා.ඉතින් ඒ කරුණ සම්බන්ධයෙන් අලුත් post එකක් ලියන්න මම තීරණය කලා.ඒක නිසා අපි බලමු කොහොමද මේ ප්‍රශ්ණය විසදන්නේ කියලා...

හරි.මේ තියෙන්නේ සාමාන්‍ය දකුණත් box ගිටාර් එකක්.
දැන් පල්ලෙහ image එක බලන්න.මේ තියෙන්නේ දකුණත් ගිටාර් එකක strings හය පිහිටුවා තිබෙන ආකාරය.
හරි,එහෙනම් දැන් බලමු වමත් ගිටාර් එකක image එකක්.



 මේ තියෙන්නෙ වමත් ගිටාර් එකක strings හය පිහිටුවා තිබෙන ආකාරය.
          දැන් නම් වැඩේ කට්ටියට වැටහෙනව ඇති.අපි කරන්න ඕනෙ දකුණත් ගිටාර් එකක අනුරූප strings හුවමාරු කරන එක විතරයි.ඒ කියන්නෙ 1වෙනි string එක 6වෙනි string එක සමගත්,2වෙනි string එක 5වෙනි string එක සමගත්,3වෙනි string එක 4වෙනි string එක සමගත් හුවමාරු කිරීමයි.හැබැයි මේකෙදි කම්බි ගලවන්න වෙන නිසා පරිස්සම් වෙන්න.මොකද සිහින් කම්බි පහසුවෙන් කැඩෙන්න බලන නිසා(1 සහ 2 කම්බි).මේක පලපුරුදු කෙනෙක්ට කියල කරගන්න පුලුවන් නම් වඩාත් සුදුසුයි.නැතිනම් ගිටාරය මිලදී ගන්න shop එකෙන්ම ඒ වෙලාවෙ කියල කරගන්න.

          ඒ වගේම තමයි , වමත් කරුවන්ටම නිෂ්පාදනය කරපු ගිටාර් මිලදී ගන්න පුලුවන්.ටිකක් මහන්සි වෙලා හොයල බැලුවොත් හොයා ගන්න පුලුවන් වෙයි.

වමත් ගිටාර් ශිල්පියෙක්.......

         හරි.ඊළගට බලමු දකුණත් කරුවන්ට අදාල guitar notation එකක්, වමත් කරුවෙක් භාවිතා කරන්නේ කොහොමද කියලා.උදාහරණයක් විදියට මගේ පළවෙනි කුප්පියේ තිබ්බ මේ image එක බලන්න.

      මේකෙන් කියවෙන්නෙ දකුණත් ගිටාර් කරුවෙක්, තමන්ගේ වම් අතේ දබර ඇගිල්ල(1) තැබිය යුතු ස්ථානය ගැනයි.ඉතින් වමත් කරුවෙක්ට කරන්න තියෙන්නේ මේ සදහා තමන්ගේ දකුණු අත භාවිතා කිරීමයි.

  එතකොට ඒ notation එක පල්ලෙහා දැක්වෙන විදියට වෙනස් කරගන්න.
  මම හිතනවා මේ post එක වමත් කරුවන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල.මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවනම් අහන්න.ADIOS....

7 comments:

Ruwan bhagya said...

ela ela keep it up bro.........

ප්‍රනීත් ධනුශ්ක said...

thanks brother..........

yasela sumanasinghe said...

ප්‍රශ්නේට , පොස්ට් එකකින්ම උත්තර දුන්න එකට ගොඩක් ස්තුතියි..කට් ගිටාරයක මේ වාගේ කම්බි මාරු කරලා හරි යන්නේ නැ නේද?..මම අහලා තියෙනවා වමත් අයට නිර්මානය කරපු වෙනම කොඩ් ඇල්ලක් තියෙනවා කියලා..ඒක ඇත්තක්ද?

Rajja said...

@ yasela sumanasinghe : කට් ගිටාර් එකක වුනත් කම්බි මාරු කරන්න නම් පුලුවන්නම්.හැබැයි ප්ලේ කරද්දි කට් එක උඩ අතට හිටින නිසා ගිටාරයෙ පෙනුම විකෘති වීමක් සිදුවෙනවා. ඔබෙ දෙවෙනි ප්‍රශ්ණය මට නැවත යොමු කරන්න.ඒක පොඩ්ඩක් අපැහැදිලියි.ඒකයි....

Rajja said...

@ Ruwan bhagya, ප්‍රනීත් ධනුශ්ක : ස්තුතියි!!!! :))

mandul kalitha amanda said...

Patta aiya...

mandul kalitha amanda said...

Patta aiya...

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates