Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Wednesday, June 16, 2010

BOX හා CLASSICAL ගිටාර් ගැන තවදුරටත්............

                  Post එක ලියන්න කලින් ඔයගොල්ලො හැමෝටම ස්තූති කරනවා මට ලබා දුන්න ප්‍රතිචාර සම්බන්ධයෙන්. ඒක නිසාම කල් වේලා ගන්නෙ නැතුව ඉතිරි කොටසත් ලියන්න තීරණය කලා.ඒ වගේම මම Malith ට ස්තූති කරනවා මගේ blog එකේ තිබ්බ theme එක ගැන සදහන් කලාට.ඒ හේතුව නිසාම මම සැර අඩු theme එකක් blog එකට add කලා.මේකත් අවුල් නම් කියන්න.පෙනුමට වඩා අන්තර්ගතයයි වටින්නෙ.:-)) 
                  හරි එහෙනම් අද පාඩම පටන් ගමු.මම කලින් post එකේ කිව්වා ගිටාරයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු ගැන වැඩි විස්තර ඔයාලට පැහැදිලි කරන්නම් කියලා.මුලින්ම ඔය‍ගොල්ලන්ට විවිධ ගිටාර් වර්ග ගැන කියල දුන්නනෙ.පොඩි නිවැරදිකිරීමකුත් කරන්න ඕනෙ.කලින් post එකේ මම electric guitar එකක් කියලා දාලා තිබිලා තියෙන්නේ base guitar එකක image එකක්.මට ඕන වුනේ lead guitar එකක පින්තූරයක් add කරන්න.හදිස්සියට ඒක වැරදිලා upload වෙලා.:-))
                   ඕනම භාණ්ඩයක් මිලදී ගන්න කලින් ඒකේ විවිධ කොටස් ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ.ඒක නිසා අපි ගිටාරයක් මූලික කොටස් මුලින්ම හදුනාගමු.පල්ලෙහා image එක බලන්න.මේක net එකෙන් හොයා ගත්ත image එකක්.මේක ඇසුරෙන් මම පැහැදිලි කරන්නම්.:-))


                 Head එකට තමයි guitar strings ටික attach කරල තියෙන්නේ.මේ කොටස හොදට සවිමත්ව තියෙන්න ඕනෙ.නැත්තම් දවසෙන් දෙකෙන් ගිටාර් එකේ tune බැහැල යයි.
                   Tuners යොදාගන්නේ ගිටාර් එක ටියුන් කරගන්න.ටියුන් කරන විදිය ඉස්සරහට කියල දෙන්නම්.Check කරල බලන්න ඒ ඇණ නිසියාකාරව වැඩ කරනවද කියලා.නැත්නම් පස්සට ඕක හරි කරදරයක් වෙනවා.මොකද ගිටාර් එකක ටියුනින් හොදට නැත්නම් ඒක play කරන්න එපා වෙනවා.
                    Nut එක කියන්නේ පොඩි plastic කෑල්ලක්.මේක උඩින් ගිහින් තමයි strings ටික head එකට සෙට් වෙන්නේ.
                   Neck එක කියන්නේ ඔය හීනි දිග තීරුවට.මේ කොටස මත තමයි ගිටාරයක පැවැත්ම රදා පවතින්නේ. Neck එක කඩා ගත්තොත් ආයෙත් හැදිලි බොරු.(බෙල්ල ගියොත් කොහොමත් ඉවරයිනෙ..හි හි)

                   Finger board/Fret board කියලා කියන්නේ ඔය පේන මතුපිටට තමයි.මේක මත තමයි අපේ ඇගිලි හසුරවන්නේ.
                  Frets කියලා කියන්නේ finger board එක බෙදල වෙන් කරල තියෙන කොටස් වලට.Guitar chords play කරද්දි frets ගැන තියෙන අවබෝධය ගොඩක් වැදගත්.
                   Position marks fret board එක මත සලකුණු කරල තියෙන්නේ එක එක frets හදුනාගැනීම පහසු කරගන්න.Position marks මගින් වාදකයාට ලොකු පහසුවක් ලබා දෙනවා.
                   Sound hole එ‍කෙන් තමයි strings වලින් උපදවන ශබ්දය ගිටාර් box එකට ලබා දෙන්නෙ.ඒ මගින්  box එක ඇතුලෙ තියෙන වාතය අනුනාද වෙලා තමයි අපිට ශබ්දය ඇසෙන්නෙ.ඕගොල්ලො දැකල ඇති සංගීත වැඩසටහන් වල මයික් එක attach කරන්නේ box guitar එකක sound hole එකට කියලා.:-)
                    Bridge එක මගින් finger board එක අතරත් strings අතරත් පරතරය පාලනය කිරීම සිදු කරනවා.මේ පරතරය අඩුවෙන තරමට හොදයි.ඒක වාදකයාට ලොකු පහසුවක්.
               ඔය ටික මූලික වශයෙන් දැන ගත්තම ඇති.දැන් බලමු ගිටාරයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද කියලා.

             උඩ විස්තර කියවද්දි ඕගොල්ලන්ටම තේරෙන්න ඇති මොන ‍මොන කොටස් ගැනද වැඩිම අවධානයක් යොමු කරන්න ඕනේ කියලා.ඒක නිසා නැවත පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ කියලයි මට හිතෙන්නේ.ඒක නිසා අනෙක් කරුණු ගැන විස්තර කරන්නම්.

         පල්ලෙහා images දෙක දිහා බලන්න.



                  

















             වෙනසක් පේනවා ඇතිනේ.මෙහෙම කරන්නේ හේතුවක් ඇතුව.එහෙම නැතුව පෙනුමට එහෙම නෙමෙයි;-).හේතුව මේකයි.වම් පැත්තෙ තියෙන ගිටාර් එකේ පල්ලෙහාම තියෙන frets වලදි ඇගිලි හැසිරවීම දකුණු පැත්තෙ ගිටාර් එකට වඩා ලේසියි.ඒ කියන්නේ ගොඩක් lead parts එහෙම play කරද්දි වම් පැත්තෙ තියෙන ගිටාර් එක වාදකයට ලොකු පහසුවක් ලබා දෙනවා.දකුණු පැත්තෙ ගිටාර් එක rhythm වාදනයට වඩා සුදුසුයි.මේ ගිටාර් දෙක අතර පොඩි මිල වෙනසක් තියෙනවා.ඒත් වම් පැත්තෙ තියෙන ගිටාර් එකක් එක පාර මිලදී ගන්නවනම් වඩාත් හොදයි.:-))

            ඊළගට කියන්න යන්නේ  finger board එක අතරත් strings අතරත් පරතරය ගැනයි.පල්ලෙහා image එක බලන්න.

            මේ ආකාරයට ගිටාර් එක හරවල බලන්න finger board එක අතරත් strings අතරත් පරතරය මොන වගේද කියලා.මේ පරතරය අඩු වෙන තරමට ගොඩක් ‍වාසිදායකයි.(5mm පමණ)

            මේ image එකත් බලන්න.
            
             මේ වගේ ගිටාර් එකක් අපි f-cut ගිටාර් එකක් කියල හදුන්වනවා.Normal box guitar එකකයි මේකෙයි වෙනස පැහැදිලි ඇතිනෙ.මේකේ sound hole එක වෙනුවට තියෙන්නෙ f අකුර හැඩැති හිඩැස් දෙකක්.මේ ගිටාරය වඩා සුදුසු lead parts කරන්න.මොකද මේකේ sharp sound එකක් තියෙන්නේ.ඒ ව‍ගේම finger board එකත් හදල තියෙන්නේ lead parts වාදනයට පහසු වෙන විදියට.හැබැයි එහෙම වුනා කියලා rhythm ගහන්න බැරි කමක් නැහැ.නමුත් වඩා සුදුසු lead parts වාදනය කිරීමට.


            ඊළගට බලන්න තමන්ගේ වම් අ‍‍තේ ප්‍රමාණයට(දකුණත් වාදකයන්) ගැ‍ලපෙන finger board එකක් සහිත ගිටාරයක් ද කියලා.අත්ලේ සහ ඇගිලි ප්‍රමාණයෙන් විශාල නම් පලලින් වැඩි finger board එකක් තියෙන ගිටාරයක් මිලදී ගන්න.ඒ වගේම check කරල බලන්න එක කම්බියක් මත ඇගිලි තුඩු තැබීමේදී අනෙක් කම්බිත් ස්පර්ශ වෙනවද කියලා.එහෙම වුනොත් පොඩ්ඩක් අවුල්.

             ඊට අමතරව හොද ගිටාර් case එකකුයි , ගිටාර් pick එකකුයි මිලදී ගන්න.ගිටාර් picks ගැන විස්තර ඉදිරියට කියන්නම්.දැනට 0.5mm-0.7mm අතර pick එකක් මිලදී ගන්න.නැත්නම් කඩෙන් normal pick එකක් කියලා ඉල්ලන්න.ගිටාර් case ගැනත් කියන්න ඕනෙ.ගන්න කොට හොද material එකක් බලල ගන්න.සමහර ඒව ටික කාලයක් යද්දි වර්චස් වෙනවා.

           මිලදී ගන්න පුලුවන් ස්ථාන කිහිපයක් දැනට සදහන් කරන්නම්(කොළඹ අවට)...ඔයගොල්ලොත් දන්න තැන් තියෙනවනම් comment කරන්න.ඒක අනෙක් අයටත් වැදගත් වෙයි.

1)   SAI SANGEETHA
      U.G.53,People's Park,
      Gaswork street,
      Colombo-11.

      Tel- 2384222,2445102

        මේක තමයි මම දන්න තරමින් ලාබෙට ගන්න පුලුවන් හොදම තැන.පිටකොටුවෙ තියෙන්නේ.Indian guitars එහෙම අඩුවට ගන්න පුලුවන්.ම‍ගේ box ගිටාර් එක ගත්තෙත් ඒකෙන්ම තමයි.:-)

2)   MAC Music
    මොරටුව කැම්පස් එක ඉස්සරහ තියෙන්නෙ.එතනත් හොද ගිටාර් තියෙනවා.හැබැයි ගාන තමයි අවුල.හි හි.

3)   Karu music centre, Nugegoda.
    මෙතනත් හොදයි.

       අදට post එක ඉවර කරන්න යන්නේ.ප්‍රශ්ණ එහෙම තියෙනව නම් අහන්න.ඒ වගේම අඩුපාඩු තියෙනවනම් ඒවත් සදහන් කරන්න.මග ඇරුන කරුණු තියෙනවනම් තව post එකකින් ඒවා පැහැදිලි කරන්නම්.ඒ වගේම කියන්න ඕනෙ මම දවල් වරුවෙ ගෙදර නැති නිසා comments වලට reply කරන්න ටිකක් පරක්කු වේවි.බ්ලොග් එකේ වෙනස් වෙන්න ඕනෙ දේවල් තියෙනවනම් ඒවත් සදහන් කරන්න.එහෙනම්,,,,ADIOS..:-))))))

30 comments:

Anonymous said...

මීගමුවෙත් තියෙනවා නියම තැනක් සුපර් මාර්කට් ඒෙක්,My Frienda කියලා.
ඒයාලා Repair රුත් කරනවා.

Unknown said...

bohoma hondai, digatama liyanna

Ruwan bhagya said...

thanks bro....,keep it up.

Anonymous said...

ela ela digatama liyagena yanna ....

අරවින්ද චන්ද්‍රපද්ම said...

ඇයි රූපවාහිනි සංස්ථාව ඉස්සරහා Yamaha එක. ගාණ ටිකක් විතර වැඩී. තත්ත්වය උපරිමයි. හැබැයි සමහර කාලවලට මිල අඩු හොඳ ගිටාර් එනවා.
මම මගේ ගිටාර් එක ගත්තෙත් සායි සංගීතා එකෙන්. ඉන්දියන් උනාට හොඳ ගිටාර් එතන තියනවා.

Malith said...

නියමයි දිගටම යමු

මචං තීම් එකේ අවුලත් හරි

Anonymous said...

Niyamai...
Digatama liyanna..

Kumara

Rajja said...

Anonymous ලා හැමෝටම ස්තුතියි......

අරවින්ද චන්ද්‍රපද්ම, ඔබටත් ස්තූති කරනවා ඒ ගැන සදහන් කිරීම පිළිබදව...

Kumara,Malith,Ruwan bhagya,වැම්පයර් ඕගොල්ලො හැමෝටම ස්තුතියි.බ්ලොග් එකත් එක්ක දිගටම රැදිලා ඉන්න.ස්තුතියි නැවතත්..

ඒ වගේම තමයි Anonymous විදියට දාන අය පුලුවන්නම් යටින් තමන්ගේ නම සදහන් කරන්න.එතකොට මට reply කරන්න ලේසියි...:-))

රොකියා | Udara said...

නියම පොස්ට් එකක්.

බුද්ධික said...

ela ela macho maxxa blog eka digatama lyanna api denwa full sup eka ;)

Anonymous said...

ela machan... digatamu geniyamu wade....

Pathum Herath said...

මේක දිගටම ලියන්න.. ගිටාර් එකක් තාම ගත්තේ නෑ... නමුත් ගත්ත දවසක බොහෝම වැදගත් වෙයි..

Rajja said...

@ රොකියා | Udara : බොහොම ස්තුතයි!!!!

@ බුද්ධික : ඔබටත් ගොඩක් ස්තුතියි....

@ Anonymous : බොහොම ස්තුතයි,,නමත් ලිව්වා නම් තමයි හොද...

@ පැතුම්..... : එහෙනම් හොදට හොයල බලල ගන්න..ස්තුතියි

Unknown said...

මල සේකර.. මම වමත් කරුවෙක්. එහෙම වීම මට බාධාවක් වේවිද? අනෙක් කට්ටිය වගේම මට කෝඩ්ස් අල්ලන්න පුළුවන්ද? ඇඟිලි ඔක්කොම reverse order එකටද තියන්න ඕනෙ? වමත් කරුවෙක් සැලකිලිමත් විය යුතු කරණු මොනවද කියල කියන්න.

Rajja said...

@ Uditha Umesh : අයියො සහෝදරයා,,ඒ‍කෙ කිසි අවුලක් නැහැ.Left handed guitarist ලා ඕනතරම් ලෝකෙ ඉන්නවා.ඔබට කරන්න තියෙන්නේ left hand guitar එකක් හොයාගන්න එක විතරයි.Sai sangeetha එකේ පොඩ්ඩක් හොයල බලන්න.වෙනසකට තියෙන්නේ ඔබ chords ඇල්ලිය යුත්තේ දකුණු අතින් වීමත්,,ගිටාරය play කල යුත්තේ වම් අතින් වීමත් විතරයි(ඔබ වමත් කාරයෙක් නිසා)....එහෙම නැතුව ඇඟිලි තැබිය යුතු ආකාරයේ වෙනසක් නැහැ...:-))

ඔබට ස්තූති වන්ත වෙනවා මේ කරුණ සදහන් කිරීම ගැන.ඒක බ්ලොග් එකට ගොඩක් වැදගත් වෙනවා.ගිටාර් කුප්පි වලදී මම මේ ගැන වැඩිදුරටත් විස්තර කරන්නම්.ස්තුතියි නැවතත්.....

අරවින්ද චන්ද්‍රපද්ම said...

සාමාන්‍ය කට් එක නැති ගිටාර් එකක Strings අනික් පැත්තට දාලා වමත් කරුවෙකුට Play කරන්න බැරිද. කොහොම උනත් වමත් ගිටාර් වාදකයෙකුට තියෙන ප්‍රශ්නේ තමයි. තමන්ගේ ගිටාරය හැර හදිස්සියකටවත් වෙනත් එකක් වාදනය කරන්න බැරි වීම. වමත්කාරයෝ අඩුයි‍ නේ.
මම දන්න ගිටාර්වාදකයෙක් ඉන්නවා වමත් කරුවෙක් උනත් ඔහු ගිටාරය play කරන්නේ දකුණත් කරුවෙක් මෙන්. හැමෝටම එහෙම කරන්න පුලුවන්ද කියලා නම් දන්නේ නෑ.

Rajja said...

@ අරවින්ද චන්ද්‍රපද්ම : හොද ප්‍රශ්ණයක්.මට අත්දැකීමක් තියෙනවා ඔය සම්බන්ධයෙන්.මගේ යාලුවෙක්(වමත් කරුවෙක්) ඔය වගේ ගිටාර් එකේ අනික් පැත්තට Strings දාලා ගෙනාවා.හැබැයි පොඩි අවුලකට තියෙන්නේ ගිටාර් එකේ Nut එකේ හා bridge එකේ(උඩම image එක බලන්න)හිඩැස් වලට, අදාල Strings ගැලපෙන්නේ නැති වීමයි.(කම්බි වල ඝනකම වෙනස් නිසා)ඒ වගේම තමයි එහෙම කලාම ගිටාර් එක ටිකක් අසාමාන්‍ය විදියට දර්ශනය වෙනවා.ඒ වුනාට ඒක එච්චර ගණන් ගන්න දෙයක් නම් නෙමෙයි.
ඒ වගේම තමයි දකුණතින් ප්ලේ කරන වමත් කරුවොත් ඉන්නවා,ඔබ කිව්වා වගේම.ඒක එක එක්කෙනා මත රදා පවතිනවා.වෙනත් උදාහරණයකින් කිව්වොත් cricket ක්‍රීඩාවේ දකුණතින් bowl කරලා වමතින් bat කරන අයත් ඉන්නවානෙ.ඒ වගේ තමයි.බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට....:-)

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

මමත් ගත්තේ මගේ ගිටාර් එක Sai sangeetha තමා, දන්න කියන තැනකින් ගිටාර් එක ගන්න පුලුවන්නම් හොඳයි. නැත්තම් guarantee claim කරන්න ගියාම කට්ටිය රටේ නැති කතා කයෙනවා :s

Unknown said...

@රජිත randeepa : සහෝ.. පොඩි ප්‍රශ්නයක්. දකුණත් ගිටාරයක් රැගෙන එහි strings ටික විරුද්ධ පැත්තට සකස් කරල වමත් ගිටාරයක් ලෙස භාවිතා කරන්න බැරිද?

Rajja said...

@ ඉශාන් තිළිණ : ඒක නම් ඇත්ත...හි හි

@ Uditha Umesh : පුලුවන්.ඒකේ කිසි අවුලක් නැහැ.හැබැයි "අරවින්ද චන්ද්‍රපද්ම" කිව්වා වගේ නෝමල් කට් එක නැති ගිටාර් එකක් වෙන්න ඕනෙ.මේ ගැන මම උඩ Comment එකක් දාලා තියෙන්නෙ.....

ජනත් said...

මම මිට අවුරැධූ 10 කලින් ගිටාර් ප්ලේකරා දැන් මට කිසිමදෙයක් මතක නැ දැන් මා වැඩ කරන්නේ සවුදියේ පාලුව දැනේන වෙලාවට ගිටාරයක් තිබුනානමි හේදයි කියලා හිත_නා ඔයාලාට ස්ත_තියි

Anonymous said...

samanyen hoda box guitar ekak kiyak withara wenawada machoo dan?

Unknown said...

ගිටාරයක් ගැන කිසිම දැනුමක් නොදන්න..කෙනෙක් ගිටාරයක් මිලිදී ගන්න කොට කොහොමද තත්වයෙන් උසස් ගිටාරයක් මිලදී ගන්නේ..දැනගත යුතු කරුණු මොනවද?

Sagara said...

කැස්බෑවෙත් තියනවා සරසවි කියලා සංගීත බඩු කඩයක්. එතනත් සෑහෙන්න හොඳයි. අළුත්වැඩියා කටයුතුත් ඔවුන්ම කරනවා.

Unknown said...

නියමයි..සහෝ..

Unknown said...

Ibenaz bass එකක් අඩුවට ගන්න තැනක් කියන්නකො ....

Unknown said...

Ousai sangeetha aken gaththa a guter akata one year garantiyak thiyenava

Unknown said...

ගොඩක් වටිනවා පැහැදිලි කිරීම

Unknown said...

මම දැක්කා වෙන පෝස්ට් එකක තියෙනවා අලුතින්ම ගිටාර් එකක් ගන්නවනම් box guitar එකක් අරගෙන ඒක පුරුදු උනාට පස්සේ classical guitar එකක් ගන්න කියලා.ඉතින් එහෙම නැතුව ගිටාර් එකක් ගන්නවනම් ගන්න ඕන මොන ගිටාර් එකද?

Unknown said...

Guitar ekak gannakota ganna ona box guitar ekakda naththam classical guitar ekakda

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates