Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Friday, June 11, 2010

Guitar එකක් ගන්නම ඕනිද??? shapement එකක් දාගන්න බැරිද???

      මුලින්ම කියන්න ඕනෙ guitar එකක් play කරන එක ලේසි වැඩක් නෙමෙයි මුලදි.ඇගිලි තුඩු රිදෙන්න පටන් ගනීවි.අත කකියන්න පටන් ගනීවි.ඒත් කැපවීමෙන් කලොත් කාලයත් සමග හොද result එකක් අනිවා ලැබේවි.අවශ්‍ය වෙන්නේ කැපවීම හා අධිෂ්ඨානය විතරයි.
       අවම වශයෙන් දිනනට පැයක්,දෙකක් වත් practice කලොත් හොදටම ඇති.හැබැයි දවසින් දෙකෙන් සාර්ථක වෙන්න බැරි වෙයි.මගදි අතහැරලා දාන්න හිතේවි.හැබැයි මම කිව්වා ‍වගේ ඉවසීමෙන් කටයුතු කලොත් ඔයාලටත් හොද guitarist කෙනෙක් වෙන්න පුලුවන්.
       හොදයි.බණ කිව්වා ඇති.හි හි.දැන් මාතෘකාවට බහිමු.
    guitar ගහන්න පුරුදු වෙන්න කියලා  guitar එකක් මිලදී ගන්නම උත්සහ කරන්න එපා.( දැන් කාලෙ රු:5000-8000 ත් අතර හොද  guitar එකක් මිලදී ගන්න පුලුවන්) පුලුවන්නම්  guitar එකක් තියෙන යාලුවෙක්ගෙන් ටික දවසකට ඉල්ලගෙන practice කරන්න.එහෙම කරල බලන්න තමන්ට මේක දිගටම කරගෙන යන්න පුලුවන්ද කියලා.මොකද හුගක් අය මේක පටන් අරගෙන මගදි නවත්තලා දානවා.මමත් එහෙම කරපු කාලයක් තිබ්බා.;-)
     ඒක නිසා මුලදි එහෙම කරන්න.ඊට පස්සේ තමන්ට හිතෙනවනම් දිගටම කරන්න පුලුවන් කියලා හොද guitar එකක් මිලදී ගන්න.නැත්නම් නිරපරාදෙ ඔයාලගේ සල්ලි නාස්ති වෙයි.(අහිතක් හිතන්න එපා එහෙම කිව්වට :-))

    guitar එකක් මිලදී ගන්න කොට සැලකිය යුතු කරුණු, මිලදී ගන්න පුලුවන් ස්ථාන ගැන විස්තර තව post එකකින් පැහැදිලි කරන්නම්.

comment එකක් දාලා යන්න පුලුවන්නම් ලොකු උදව්වක්.මොකද මේක දිගටම ලියන්න ගට එන්නේ ඔබලාගේ comments මත තමයි.:-))))

23 comments:

ශාකුන්තල | Shaakunthala said...

කමෙන්ට් ගැන දුක් වෙන්න එපා. මගේ මුල්ම සටහනට ලැබුණේ එකම එක කමෙන්ට් එකක් විතරයි. දෙවෙනි එකට කමෙන්ට් නෑ.

කමෙන්ට් සහ හිට්ස් යන දෙකම මුලාවන් විතරයි. සමාජයට යමක් ලබා දෙන්න ඔබ දරන උත්සාහය අගය කරනවා. :-)

Rajja said...

ඔව්,,ඒක ඇත්ත..මගේ බ්ලොග් එක "සිංහල බ්ලොග් කියවනයට" එකතු කර ගැනීමම මට ලොකු හයියක්.අද ඉදන් campuss එකත් නැවත පටන් ගන්නවා.හැකි සෑම වෙලාවකම ලිපියක් ලියන්න උත්සහ කරනවා.බොහොම ස්තූතියි ඔබට....

Anonymous said...

pls do write more..........

Rajja said...

definetely I wil write more..thanx..:-)

Unknown said...

ශාකුන්තලගේ අදහසට සම්පූර්ණයෙන් එකඟයි, කොමෙන්ට්ස් ඇන්ඩ් හිට්ස් කියන්නේ ඉල්ලන්න ඕන දේවල් නෙවෙයි මල්ලි, ඒචා නිකන්ම ලැබෙයි. බය වෙන්නෙපා!

ජය..

උඹේ සින්නෙක්!

Ruwan bhagya said...

yes bro don't worry about comment.we defa stay with u bro ...........,nice work

බුද්ධික said...

macho mama heta dihata guitar ekak ganna balanna yanna inne,poddk aduwata tiyena than tikka dapanko,used ewath tiyenwada ?
maxxa blog eka macho

Rajja said...

ඇත්තම කියනවානම්..මට මුලින්ම blog එක open කරපු වෙලාවෙ නම් අදහාගන්නත් බැරි වුනා.ඒක නිසා ඕගොල්ලො හැමෝටම මුලින් ස්තූති කරන්න ඕනේ මට මේ ලබා දීපු ප්රතිචාර සම්බන්ධයෙන්.ඒ සම්බන්ධයෙන් මම නිහතමානීව සතුටු වෙනවා.:-))

@ වැම්පයර් : බොහොම ස්තූතියි අයියා.සතුටුයි දැනගන්න ලැබීම ගැන.Department එක මොකක්ද??

@ Ruwan bhagya : Thank you very much.you all are encouraging me.thanx for that.

@ බුද්ධික : mama issarahata oya ahapu dewal gana liyanna hithagena inne(aluth post ekakin).habai oya ahapu nisa mama kiyannam.

දැනට මම contacts දෙකක් දෙන්නම්.හැබැයි කොළඹ අවට ඒව විතරයි දැනට මං ළග තියෙන්නේ.

1)SAI SANGEETHA
U.G.53,People's Park,
Gaswork street,
Colombo-11.

Tel- 2384222,2445102

මේක තමයි මම දන්න තරමින් ලාබෙට ගන්න පුලුවන් හොදම තැන.පිටකොටුවෙ තියෙන්නේ.Indian guitars එහෙම අඩුවට ගන්න පුලුවන්.ම‍ගේ box ගිටාර් එක ගත්තෙත් ඒකෙන්ම තමයි.:-)

2)MAC Music
මොරටුව කැම්පස් එක ඉස්සරහ තියෙන්නෙ.එතනත් හොද ගිටාර් තියෙනවා.හැබැයි ගාන තමයි අවුල.හි හි.

use කරපු ඒව ගන්න පුලුවන් නම් වඩාත් හොදයි.‍මොකද ඒ වගේ ගිටාර් හොදට පදම් වෙලා තියෙන්නේ.හැබැයි හොදට හොයල බලල ගන්න.මගේ කැම්පස් එකේ යාලුවො දෙතුන් දෙනෙක් ළගත් use කරපු ඒව තියෙනව විකුනන්න දාලා.කැමති නම් මට සෙට් කරල දෙන්න පුලුවන්.business එකක් එහෙම නෙමෙයි.ඔයා අහපු නිසයි කිව්වෙ.:-))

Anonymous said...

muchun, How much time will I need to learn tuning the guitar properly ?( I tried several times. But I dont have confidence to do so..)

Rajja said...

@ anonymous: machn,it depends on da time you dedicate to practice da guitar(1 or 2 hours per day wud be perfect).Better to learn da basics before you trying to play complex things.If you have da courage and dedication, you can be a good guitarist within few months(may be 5 or 6 months,,but stil it depends rite...) So,itz not about da duration dat it takes,,itz about learning basics & practicing.So,KIT with the blog...GUITAR KUPPIS will be coming soonly.......:-)))

Darshana said...

එළ එළ ... ඔහොම යන් ... අද තමයි බ්ලොග් එක දැක්කෙ ... කමෙන්ට්ස් දෙන්නම් ඇති තරම් .. දිගටම ලියමු :D

අරවින්ද චන්ද්‍රපද්ම said...

ඔබේ කතාව හරියට හරි. සමහරු කවුරු හරි ගිටාර් ගහනවා දැකලා ආස හිතිලා ලොකු ගාණක් වියදම් කරලා ගිටාර් ගන්නවා. ඒත් අරගෙන පුරුදු වෙද්දී වැඩේ ලේසි නෑ කියලා තේරෙනකොට අත ඇරලා දානවා.

Rajja said...

@ Darshana : ඔබට බොහොම ස්තුතියි...

@ අරවින්ද චන්ද්‍රපද්ම : ඔව් ඒක තමයි මම ඔ‍ක්කොටම කලින් ඒක ගැන සදහන් කලේ.ස්තුතියි ඔබටත්...

බුද්ධික said...

thnx macho for the places,but i got a used yamaha g60,i think it'll be ok,
hope i can learn well from this blog,thanx a lt for starting such a blog ;)

Rajja said...

@ බුද්ධික : ආහ්..නියමයි.ක්ලැසිකල් එකක්ද? ඔවි,,ඔබට මේ බ්ලොග් එකෙන් යම් දෙයක් ලබා ගන්න පුලුවන්..ස්තුතියි...

ඉබ්බා said...

ඉස්සෙල්ල එකේ පොඩි ෆෝර්මැට් අවුලක් :P
සමාවෙන්න ඕනෙ.

මචෝ ඉංජෝ, අදයි බ්ලොග් එක දැක්කෙ. මම දැං අවුරුදු 7ක් ඉතර ඔය එහෙං මෙහෙං අහුලගෙන සින්දු ටිකක් ගහනවා. ජොලියක් දාන්න සින්දු ටිකක ගහගත්තෑකි. ඒත් කලාව තාම මදි.දන්නෙ නැද්ද, අහුලගත්ත කලාවනේ. දන්න එවුන්ගෙං අහගන්න ගියාම හරි සෝබනේ. අප්පිරියයි. මම දන්න දන්න ටික ඔය පටං ගන්න කට්ටියට කියලා දෙනවා. ඒත් හිතට හරි මදි. ගොං පාට් කාරයෝ දාස් ගානක් අතර මේ වගේ නිර්ලෝභීව තමන්ගේ දැනුම බෙදා ගන්න එක්ක මහත්මා ගුණයක්. ජීවිත කාළෙම මහත්මයෙක් විදියට ජීවත් වෙන්න ඔබට ජය පතනවා. උඹට තෙරෙනවා ඇතිනේ කැම්පස් එකේ ඉන්න එකේක ජාතියේ ජොකියංගෙ හැටි. වැටෙන්න එපා. දිගටම හොඳ වැඩ කරගෙන පලයං. ඉබ්බා දිගටම පාඩං බලාගෙන ඉන්නවා.දිගටම ලියපං.

Rajja said...

@ ඉබ්බා : අවුලක් නෑ.මම ඒක delete කලා.
කලාවේ වටිනාකම රැදෙන්නෙ, ඉගෙන ගත්තෙ කොහෙන්ද කියන එක මත නෙමෙයි.හැකියාවට අභියෝග කරන්න කාටවත් බැහැ.හැකියාව දියුණු කරගන්න.ඒකේ සීමාවක් නැහැ මෙන්න මෙච්චරයි කියලා.ඔබගෙ වචන ටික හරි අපූරුයි.ගොඩක් ස්තුතියි අදහස් වලට.ඔබටත් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා....:-))

Unknown said...

අහ්.. ඩිපාට්මන්ට් ඔෆ් විදිලි ඉන්ජිනේරු.......

Thusitha Sampath said...

ඕයාගේ පිලිවෙලට කරගෙන එන්නම්....ඔයා බ්ලොග් එක දිගටම කරගෙන යන්න..කොමෙන්ට්ස් ගැන වද වෙන්න එපා....

networkdisa said...

නියමයි සෙහා් ලිපි ටික. අැයි දැන් බ්ෙලාග් ලියන්ෙන නැත්ෙත

Unknown said...

සමාජයට යමක් ලබා දෙන්න ඔබ දරන උත්සාහය අගය කරනවා. :-)

Unknown said...

සමාජයට යමක් ලබා දෙන්න ඔබ දරන උත්සාහය අගය කරනවා. :-)

Unknown said...

මේ කරන වැඩේ ගොඩක් අගය කරනවා සහෝ... ඉදිරියට කරගෙන යන්න සුභ පැතුම්...

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates