Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Monday, December 27, 2010

Guitar එක tune නැද්ද?? Online TUNE කර ගන්න............

            හුගක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි ගිටාර් එක ටියුන් කරගන්න එක. Electronic tuner එකක් තියෙනවනම් ඒක වැඩිය අමාරු වැඩක් නෙමෙයි. හැබැයි හැමෝටම tuner එකක් ගන්න බැරි වෙන්න පුලුවන්. ඒක නිසා online tuners ටිකක් හොයල දෙන්න ඕන කියලා මට හිතුනා. Ear එකෙන් tune කරන්න ගියත් standard tuning වලට ඕන කරන tones ටික හොයා ගන්න එකත් ටිකක් අමාරු වැඩක්. එක්කො තව ටියුන් වෙච්ච ගිටාර් එකක් ඕනෙ එහෙම නැත්නම් keyboard එකක් වගේ තව instrument එකක් ඕනෙ. ඔය ප්‍රශ්ණෙට විසදුමක් විදියට තමයි online guitar tuners තියෙන්නේ. මේ ටික මම net එකෙන් හොයා ගත්තේ. හිතනවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා.           මේ හැම එකක්ම තියෙන්නේ open strings ටියුනින් වලට හරි යන විදියට. ඒ කිව්වේ...

Sunday, December 26, 2010

6 වෙනි Guitar කුප්පිය- Major guitar scales ඉගෙන ගනිමු......Contd.

                     මේ කුප්පිය මගේ 5 වෙනි ගිටාර් කුප්පිය හා සම්බන්ධයි. ඒක නිසා මුලින්ම මෙතනින් 5 වෙනි කුප්පියට ගිහිල්ල ආවොත් හොදයි.සුළැගිල්ල හුරු නැති අයට අද කුප්පිය ගොඩක් වැදගත් වේවි. හේතුව තමයි G major scale එකේදි එක note එකක සුළැගිල්ල පාවිච්චි වෙන නිසා.                                   හරි,,, දැනට අපි C major scale එක ගැනනෙ ඉගෙන ගනිමින්නේ හිටියේ. මම හිතනවා කුප්පි එක්ක සම්බන්ධ වෙන අය C major scale එක practice කරන්න ඇති කියලා. මම කලින් කිව්වා වගේ scales පුරුදු වෙනවා කියන්නේ අභ්‍යාසයක් වගේම,, ගිටාර් එකේ structure එක අදුනගන්නත්...

Saturday, December 25, 2010

5 වෙනි Guitar කුප්පිය- Major guitar scales ඉගෙන ගනිමු........

             අද කුප්පිය ඕනම guitarist කෙනෙක්ට වැදගත් වෙන එකක්. මොකද guitar scales කියන්නේ fret board එකට හුරුවෙන්න තියෙන පහසුම ක්‍රමයක්. ඒක නිසා rhythm guitarist කෙනෙක් වේවා,,lead guitarist කෙනෙක් වේවා,, කවුරු වුනත් guitar scales ගැන දැනගන්න එක ගොඩක් වැදගත්. මොකද මමත් scales play කරන්න ඉගෙන ගත්තේ guitar එක play කරන්න පටන් අරන් අවුරුදු හයකට විතරට පස්සේ.:-)            මෙහෙමයි,,ඇත්තටම scales play කරන එක එක්තරා ආකාරයකට අභ්‍යාසයක් විදියටත් නම් කරන්න පුලුවන්. හේතුව තමයි scales ප්‍රගුණ කිරීමෙන් අපිට වම් අතේ ඇගිලි( දකුණත් වාදකයන්ට) හුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. වි‍ශේෂයෙන්ම අපේ සුළැගිල්ල හුරු කර ගන්න සමහර scales ගොඩක් උපකාරි වෙනවා.සුළැගිල්ල...

Friday, December 17, 2010

4 වෙනි Guitar කුප්පිය- RHYTHM Guitaristලට ආරම්භයක්........

                       හරි..අපි මුලින්ම බලමු Rhythm guitarist කෙනෙක් කියන්නෙ කවුද කියලා. Rhythm play කරන අය නම් දන්නවා ඇති,,,,Rhythm වාදනය කිරීම ඇත්තටම පසුබිම් වාදනයකට සමාන කරන්න පුලුවන්.ඒකෙදි සිද්ධ වෙන්නේ ගායනයට සහ ගීතයට අදාල chords ගිටාරය මගින් වාදනය කිරීමයි. Keyboard(organ) player කෙනෙක්ට වුනත් මේ chords play කරන්න පුලුවන්.නමුත් ගිටාරයකින් play කරද්දි ඒක ගීතයට අමුතු ගතියක් එක්කරනවා. ඇත්තටම box ගිටාර් එකකින් rhythm play කිරීම වඩාත් උචිත වෙන්නෙ acoustic play කරද්දි.ඒ කිව්වේ electronic instruments නැතුව play කරන අවස්ථා වලදි.නමුත් එහෙම සීමා කිරීමක් නම් නැහැ.මගේ අදහසක් ප්‍රකාශ කලේ.එහෙනම් කුප්පිය පටන් ගමු...                    ...

Tuesday, December 14, 2010

ගිටාර් කුප්පි නැවතත්.....:-))))))

                                  සෑහෙන කාලෙකට පස්සේ,,,නැවතත් බ්ලොග් එක පටන් ගන්න ඕනෙ කියලා හිතුනා. ටික කාලයකට මුකුත් ලියන්න බැරි වුන එක ගැන මම කණගාටු වෙනවා.ගිටාර් කුප්පි දාන වැඩෙත් අතරමග නතර වුනේ campus එකේ academic වැඩ නිසා.නවත්තපු තැන ඉදන් ආයෙත් පටන් ගන්න තමයි අදහස.හැබැයි,,මෙච්චර කාලයක් දාපු කුප්පි වලින් යම් පිරිසක් ප්‍රයෝජන අරගෙන තියෙනවා(comments බැලුවම මට තේරුම් ගියා).ඒක ගැන මට ඇත්තටම සතුටුයි.කලින් සම්බන්ධ වුන අයටයි,,අලුත් පාඨකයින්ටයි හැමෝටම ආරාධනා කරනවා කුප්පි වලට සෙට් වෙන්න කියල.ඉස්සරහට අලුත්ම ලිපි මාලාවක් සමගින් ඔබව හමු වෙන්නම්.ADIOS......

Thursday, July 15, 2010

මේ දවස් වල Campuz එකේ exam.......:((((((((

     අද නම් ලෑස්ති වෙන්නෙ කුප්පියක් දාන්න නෙමෙයි.මේ දවස් වල campz එකේ exam.ඒක නිසා බ්ලොග් එකේ වැඩේ පොඩ්ඩක් අතපසු වෙලා තියෙන්නෙ.ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනෙ.වෙලාව ලැබෙන විදියට අලුත් ලිපි ලියන්න උත්සහ කරනවා.බ්ලොග් එකත් එක්ක දිගටම රැදිලා ඉන්න.:)))))))))))...

Sunday, July 4, 2010

3වෙනි Guitar කුප්පිය - LEAD Guitaristලට ආරම්භයක්...........

         අද කුප්පියෙන් බලාපොරොත්තු වෙන්නෙ lead guitarist කෙනෙක් වෙන්න ආස අයට අවශ්‍ය අභ්‍යාස ටිකක් කියල දෙන්න. ඒ වුනාට මේක ඕනෑම guitarist කෙනෙක්ට වැදගත් වෙන ලිපියක් වෙයි. මොකද කියනවනම් fret board එක මත ඇගිලි මනාව හැසිරවීමට මේ අභ්‍යාස උපකාරී වෙන නිසා.දීල තියෙන අභ්‍යාස එකින් එක practice කරන්න.මුලින් අඩු වේගයකින් පටන් අරගෙන පස්සේ speed එක වැඩි කරන්න.දවසකට අවම වශයෙන් පැයක් දෙකක් වත් practice කරන්න වෙයි.එහෙම නැතුව නම් මේ කලාව ඉගෙන ගන්න අමාරුයි.ඒක නිසා මහන්සි වෙලා practice කරලා මේ බ්ලොග් එකෙන් උපරිම ප්‍රයෝජනය අර ගන්න.....          හරි.මම කලින් ලිපියකදී ආරම්භයක් විදියට පුංචි අභ්‍යාසයක් දුන්නා.ඒක හැමෝම කරන්න ඇති කියල හිතනවා.ඒක කියවපු නැති කට්ටිය මෙතනින් ඒක කියවන්න.අද ඒ සරල...

Saturday, July 3, 2010

මල් පිට මල් සිංදුව ගිටාරයෙන් play කරමු............

     මල් පිට මල් හැලෙන දිගු මාවතේ...... තවත් මැක්සා සිංදුවක්.ගායනා කරන්නෙ අමල් පෙරේරා.Classical ගිටාර‍ය එකතු වීම නිසා මේ සිංදුවේ අපූර්වත්වය තවත් ඉහල ගියා.Video එක paly වෙන්න දාලා chords ටික paly කරල බලන්න.... Chords for violin part E...F7...E...Am... Am              G                F         E මල් පිට මල් සැලෙන දිගු මාවතේ... Am                   G              F            G පිය මත පිය තබමින් හිනැහෙන ඔබේ... C              ...

Taare Zameen Par film එකෙ "MAA" සිංදුව ගිටාරයෙන් play කරමු.......

       "Taare Zameen Par" ලෝකය පුරා අතිශය ජනප්‍රිය වුන film එකක්.මේ film එකේ music නම් උපරිමයි.හැම සිංදුවකම අලුත් දෙයක් නිර්මාණය වෙලා තිබ්බා.ඒ අතරින් වඩාත්ම හැගීම්බර සිංදුවක් තමයි "MAA" කියන සිංදුව.අම්මාගෙ ආදරය ගැන කියවෙන මේ සිංදුවෙ ගිටාර් chords ඔයගොල්ලන්ට ලබා දෙන්න ඕනෙ කියලා මට හිතුනා.සිංදුවෙ තේරුම දැනගන්න පල්ලෙහා තියෙන video එක බලන්න.chords ටිකත් play කරල බලන්න..... C               F         C     G                      F                 C මේ කබි බත්ලාතා...

Thursday, July 1, 2010

සඳ මිතුරි සිංදුව ගිටාරයෙන් play කරමු.......

"සඳ  මිතුරි,,සිත මිහිරි,,කල මැනවි......" පහුගිය දවස් වල ගොඩක් ජනප්‍රිය වුන,කතා බහට ලක්වුන සිංදුවක්.හුගක් අය කිව්වා කසුන් මේක copy කරලා කියලා.ඒත් ඇත්ත දන්නෙ බොහොම ටික දෙනයි.මේ සිංදුවෙදි කසුන් දායක වෙන්නෙ ගායනයෙන් පමණයි.මේ සිංදුවේම tamil version එකකුත් තියෙනවා.මෙම නිර්මාණයේ අයිතිකරු "raj" කියන සංගීත අධ්‍යක්ෂකවරයයි.ඒ කතා වලින් වැඩක් නැහැ.හි හි.අපි බලමු මේ සිංදුවෙ ගිටාර් chords මොන වගේද කියලා.සිංදුව play වෙන්න දාලා ගිටාර් එකෙන් play කරල බලන්න..... Finger picking ............. Am9    Gm9               Fm9    E                 C               F      Dm     E                ...

Sunday, June 27, 2010

"FIFA" world cup theme song එක ගිටාරයෙන් play කරමු......

" When I get older,, I will be stronger,, They'll call me freedom,, Just like a wavin' flag......"                  පාඨක ප්‍රතිචාර බැලුවම මට හිතුන දෙයක් තමයි ආධුනිකයන් වගේම, ගිටාරය පළපුරුදු අයත් බ්ලොග් එකත් එක්ක එකතු වෙනවා කියල.මගෙන් ඉල්ලීමකුත් කරල තිබ්බ අලුත් ගීත වල guitar chords බ්ලොග් එකේ පල කරන්න කියල.ඒක නිසා මම හිතුවා මේ දවස් වල අතිශය ජනප්‍රිය football theme song එකේ guitar chords පල කරන්න ඕනෙ කියල.හදිස්සියෙ chords ටික දැම්මෙ.වැරදි තිබුනොත් කියන්න.මේක හරිම අපූරු ගීතයක්.........     හරි.පල්ලෙහා තියෙනව chords ටික.play කරන්න පුලුවන් අය play කරල බලන්න.Major chords තුනයි අවශ්‍ය වෙන්නෙ. C major, F major, G major.Chords diagrams පල්ලෙහාම තියෙනවා....   C             ...

Saturday, June 26, 2010

2වෙනි Guitar කුප්පිය - ගිටාරයTUNE කර ගැනීම......

       බොහෝ ආධුනිකයන්ට මෙන්ම,, පළපුරුදු අයටත් ගිටාර් වාදනයේදී ඇතිවෙන පොදු ප්‍රශ්ණයක් තමයි කොහොමද ගිටාර් එක හරියට tune කරගන්නෙ කියන එක.මේක මම හුගක් අත්දැකපු කාරණයක්.ඉතින් ඒක නිසා මම තීරණය කලා මේ සම්බන්ධයෙන් කුප්පියක් දාන්න.කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් ඉල්ලීමකුත් කරල තිබ්බ.ඒක නිසා අද අපි ඒ ගැන කතා කරමු....       Tune කරන්න ඉගෙන ගන්න කලින් අපි බලමු මොකක්ද මේ "guitar tuning" කියන්නෙ කියලත්, ඇයි ගිටාර් tuning අවශ්‍ය කියලත්.       Acoustic(electric වෙන්නත් පුලුවන්) සංගීත වාදන භාණ්ඩ( ඒ කිව්වේ ගිටාරය, වයලීනය, පියානෝව, මැන්ඩලීණය වැනි) වලින් ඇතිවෙන sound එකට මිනිස්සු standards(සම්මුතීන්) හදාගෙන තියෙනවා.අදාල වාදන භාණ්ඩයෙන් යම් කිසි තනුවක් වාදනය කරද්දි සම්මත ස්වර වලින් බැහැර නොවී ඒ තනුව වාදනය කිරීමට උපකාරී වෙන්නේ ඔන්න ඔය tuning...

දකුණත් guitar එකක් වමත් guitar එකක් බවට හැරවීම..........

          මගේ පළවෙනි ගිටාර් කුප්පියට ලැබුන ප්‍රතිචාර වලදි කීපදෙනෙක් අහල තිබ්බ වමත් කරුවෙක් කොහොමද දකුණත් ගිටාර් එකක් play කරන්නේ කියලා.ඉතින් ඒ කරුණ සම්බන්ධයෙන් අලුත් post එකක් ලියන්න මම තීරණය කලා.ඒක නිසා අපි බලමු කොහොමද මේ ප්‍රශ්ණය විසදන්නේ කියලා... හරි.මේ තියෙන්නේ සාමාන්‍ය දකුණත් box ගිටාර් එකක්. දැන් පල්ලෙහ image එක බලන්න.මේ තියෙන්නේ දකුණත් ගිටාර් එකක strings හය පිහිටුවා තිබෙන ආකාරය.හරි,එහෙනම් දැන් බලමු වමත් ගිටාර් එකක image එකක්....

Friday, June 25, 2010

1වෙනි Guitar කුප්පිය - Basics ඉගෙන ගනිමු.........

               ඔන්න මගේ පළවෙනි ගිටාර් කුප්පිය දාන්නයි අද සූදානම් වෙන්නේ.ඕනෑම දෙයක් ඉගෙන ගන්න කලින් ඒ හා සම්බන්ධ මූලික දේවල්(basics) දැනගෙන ඉන්න එපැයි.ඉතින් අද මම බලාපොරොත්තු වෙන්නෙ ඔන්න ඔය basics ටික කට්ටියට කියල දෙන්න.මේව ගැන දන්න අයත් ඉන්නවා ඇති.ඒ වුනාට ආධුනිකයෙක්ට මේ කරුණු ගොඩක් වැදගත් වේවි.ඒක නිසා හැමෝටම ‍තේරෙන විදියට සරලව කියල දෙන්නම්.මේ කුප්පිය දකුණත් ගිටාර් වාදකයෙක් පාදක කරගෙන නිර්මාණය කරන ලද එකක් නිසා වමත් කරුවන් මුලින්ම මේක කියවල ඉන්න.                 හරි,,එහෙනම් අපි මුලින්ම බලමු ගිටාර් එකක්  play කරන්න ලේසි වෙන විදියට අල්ලගන්නේ කොහොමද කියලා(How to hold the guitar).ගිටාර් එකක parts නම්...

Saturday, June 19, 2010

Guitar කුප්පි ගැන සමාලෝචනයක්.......

               අද මම, blog එකෙන් ඉදිරියට කරන්න යන දේවල් ගැන ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ.මම හිතනවා ගොඩක් අය මේ වෙනකොට ගිටාර් එකක් හොයාගෙන ඇති කියලා.සමහර අය ලග නම් ගිටාර් එකක් තියෙන්නත් ඇති කලින් ඉදලම.Box,Classical හෝ Electric යන ඕනෑම ගිටාර් එකක් play කරන්න කලින් දැනගන්න ඕන basics ටිකක් තියෙනවා.මේ ටික හරියට මුල ඉදලම පුරුදු වෙන්න ඕනෙ.උදාහරණ විදියට කියනව නම් ගිටාර් එක tune කරන ආකාරය,ගිටාරය play කිරීම පහසු වන අයුරින් රදවා තබා ගත යුතු ආකාරය(holding the guitar), guitar pick එකක් ඇල්ලිය යුතු ආකාරය සහ මූලික අභ්‍යාස වගේ දේවල්.මේ ටික හරියට ඉවසීමෙන් ප්‍රගුණ කලොත් ඉතිරි කොටස් ටික ලේසියෙන්ම කර ගන්න පුලුවන්.             ...

Wednesday, June 16, 2010

BOX හා CLASSICAL ගිටාර් ගැන තවදුරටත්............

                  Post එක ලියන්න කලින් ඔයගොල්ලො හැමෝටම ස්තූති කරනවා මට ලබා දුන්න ප්‍රතිචාර සම්බන්ධයෙන්. ඒක නිසාම කල් වේලා ගන්නෙ නැතුව ඉතිරි කොටසත් ලියන්න තීරණය කලා.ඒ වගේම මම Malith ට ස්තූති කරනවා මගේ blog එකේ තිබ්බ theme එක ගැන සදහන් කලාට.ඒ හේතුව නිසාම මම සැර අඩු theme එකක් blog එකට add කලා.මේකත් අවුල් නම් කියන්න.පෙනුමට වඩා අන්තර්ගතයයි වටින්නෙ.:-))                   හරි එහෙනම් අද පාඩම පටන් ගමු.මම කලින් post එකේ කිව්වා ගිටාරයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු ගැන වැඩි විස්තර ඔයාලට පැහැදිලි කරන්නම් කියලා.මුලින්ම ඔය‍ගොල්ලන්ට විවිධ ගිටාර් වර්ග ගැන කියල දුන්නනෙ.පොඩි නිවැරදිකිරීමකුත් කරන්න ඕනෙ.කලින් post එකේ...

Tuesday, June 15, 2010

BOX එකක් ද?? CLASSICAL එකක් ද?? එහෙම නැත්තම් ELECTRIC එකක්ද??

             මම කලින් post එකේදී කිව්වා වගේ, ගිටාරයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු ගැන අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා.Title එක දැක්කම හිතෙනවා ඇති මොනවද මේ කියලා තියෙන්නේ කියලා.හි හි.ඇත්තටම සමහරුන් නම් මේ ගැන දන්නවත් ඇති.ඒත් ඉතින් නොදන්න අයත් ඇතිනෙ.ඒක නිසා හැම දෙයක්ම සරලව කෙටියෙන් පැහැදිලි කරන්නම්.:-) අද මම කියලා දෙන්නේ විවිධ ගිටාර් වර්ග ගැන......              ඔන්න හරි.මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට දැකල පුරුදු ගිටාර් එකක්.මේ වගේ ගිටාර් එකක් අපි normal box guitar එකක් කියලා හදුන්වනවා.මේක තමයි හුගක් guitaristsලා අතර ජනප්රිය.ආධුනිකයෙක්ට මම නම් ආරම්භය ලෙස අනුමත කරන්නේ මේ ගිටාර් එක.හේතු තමයි අනෙක් ගිටාර් වලට සාපේක්ෂව මිලෙන්...

Friday, June 11, 2010

Guitar එකක් ගන්නම ඕනිද??? shapement එකක් දාගන්න බැරිද???

      මුලින්ම කියන්න ඕනෙ guitar එකක් play කරන එක ලේසි වැඩක් නෙමෙයි මුලදි.ඇගිලි තුඩු රිදෙන්න පටන් ගනීවි.අත කකියන්න පටන් ගනීවි.ඒත් කැපවීමෙන් කලොත් කාලයත් සමග හොද result එකක් අනිවා ලැබේවි.අවශ්‍ය වෙන්නේ කැපවීම හා අධිෂ්ඨානය විතරයි.       අවම වශයෙන් දිනනට පැයක්,දෙකක් වත් practice කලොත් හොදටම ඇති.හැබැයි දවසින් දෙකෙන් සාර්ථක වෙන්න බැරි වෙයි.මගදි අතහැරලා දාන්න හිතේවි.හැබැයි මම කිව්වා ‍වගේ ඉවසීමෙන් කටයුතු කලොත් ඔයාලටත් හොද guitarist කෙනෙක් වෙන්න පුලුවන්.       හොදයි.බණ කිව්වා ඇති.හි හි.දැන් මාතෘකාවට බහිමු.    guitar ගහන්න පුරුදු වෙන්න කියලා  guitar එකක් මිලදී ගන්නම උත්සහ කරන්න එපා.( දැන් කාලෙ රු:5000-8000 ත් අතර හොද  guitar එකක් මිලදී ගන්න පුලුවන්)...

Box ගිටාරයට සිංහලෙන් අර්ථ දැක්වීමක්................

              අනේක විවිධ වූ සංගීත වාදන භාණ්ඩ අතරින් Box ගිටාරයට හිමිවන්නේ අද්විතීය ස්ථානයක් කිවිවොත් එය අතිශෝක්තියක් නෙවෙයි.ඇයි මම එහෙම කියන්නේ?? ඊට හේතුව වෙන්නේ Box ගිටාරයේ තිබෙන acoustic ගතිය වෙන කිසිම සංගීත භාණ්ඩයකින් feel නොවීම.ඒ වගේම තමයි බොහෝ ආධුනිකයන් තමන්ගේ කුලුදුල් වාදන භාණ්ඩය ලෙස ගිටාරය(Box,Electric,Bass) තෝරා ගන්නවා.මේ අතරින් Box ගිටාරයට විශේෂ තැනක් හිමිවෙනවා.මේ blog එකෙන් මම ලාපොරොත්තු වෙන්නේ Box ගිටාරය ගැන මම දන්න කරුණු සහ දැනුම බෙදාගන්න.ඊට අමතරව සංගීතය ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.ඒක නිසා බොහොම අපූරු blog එකක ආරම්භය මෙසේ සටහන් කරනවා......

Page 1 of 812345Next
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates